Last Updated on 3 years ago by admin
සිංහල අවුරුදු සමරන නැකැත් ටික
හදාගන්ඩ ජෝතිෂ ඔස්තාර්ලා
කෙහෙවලු පටලගෙන අල්ලපු ඬෙඟා නැටුම්
දැකලා මුළු රටට ඔක්කාරෙයි සන්තෝ!
කාලෙක පටන් ජෝතිෂ පඬියන් හැදුව
නැකැත්වලට වැඩ කර රට වැටුන වළ
දැක්කම තමුන්නැහෙලගෙ හිත් පොජිවලට
අම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද?
වසර දස දහස් ගණනක් පැවත එන
ගැඹුරු සෑස්තරක් තුට්ටුවට ගෙන
නටනා මේ විජ්ජුම්බර ඇහුවෝතින්
‘ලෝමශ’ ඍෂි වළෙන් නැගිටල එයි අයිබං!
