අයිබං

වාද බයිලවල⁣ට නියම පුත්තූ

කෝඳුරුතෙල් හත් පට්ටෙන් කට හෝදාකරන්ඩ යන අනුර සජිත් විවාදෙටඋදව් අවශ්‍යලු පෙරකදෝරු සංගමයේනෑ අයිබං අපි දෙන්නම් ප්‍රතිපලේ උස සිකුරිටි මිටි කම්කරු සජිත් කියයිනෑ අපි ඉල්ලාගෙන කමු අනුර දෙසයිදන්න විවාදයක්‍, ආර්ථිකයක් නෑ දෙන්නම වාද බයිලවලට නියම පුත්තූ

වාද බයිලවල⁣ට නියම පුත්තූ Read More »

ගහ දන්නා අයටද කොළ පාන්නේ?

‘අසූහතේ භීෂණ කාලෙ අපි මැරුවේකසිප්පුකාරයින් හොරුන් වගෙ උන්වයි’ජවිපෙ චණ්ඩියෙක් පාරම්බානවාගහ දන්නා අයටද කොළ පාන්නේ? කුරිරු ලෙස මරා, උත්සවයක් නැතිවබිම දිග ඇදන් ගොස් වළලන්ට නියමවුනඅසරණයින්ට අදත් හිනැහෙන ලෙඩ්ඩුන්ටදුන්නොත් රට කොහොම හිටීවිද අයිබං?

ගහ දන්නා අයටද කොළ පාන්නේ? Read More »

කට උල් කර අනුර පිඹියි විහිළූ

‘පාස්කුවේ ප්‍රහාරයෙන් චන්ද ප්‍රතිපලේ ආවාබෝම්බකාරයොයි වැඩේ නොවළක්වා හිටපු උනුයිහවුල්වෙලා කළ වැඩක්ද මේක සැකයි’කට උල් කර අනුර පිඹියි විහිළූ ගෝටව බලයට ගෙනාපු‍, යහපාලන ගේමක් මේ!බෞද්ධයට බලය දෙන්න සහරාන්ල ජිහඩ් කරල!පස්ස උඩට හරවාපං අයිබංමොළේ ටිකක් පරීක්සා කොරන්ඩ

කට උල් කර අනුර පිඹියි විහිළූ Read More »

‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද?

අවසර මහානායක හාමුදුරුවනේහැමදාමත් වැඩඉන්නද සැතපිල්ලේ?බුදුන් නොවැඳ මාක්ස් ලෙනින් සරණ යනපිළිම වඳින්නේ වනචාරියො කියන පස්ස හැරී පිරිත් නූල කඩාලනසාමණේරවරුන්ට වස විස පොවනරතු ගොයියල දෙපතුල් ළඟට රීටුවම‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද?

‘අර ගැන’ අහන්නට ශ්‍රී මුඛ පණ නැද්ද? Read More »

එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං

වංචාවකට සන්නස්ගල පොලීසියේබුරල එළවලා මාධ්‍යවේදින්වපොලිස් පොරක් තගේලු ‘දානු කුණුකූඩේ’ගෝල්පේස් කානිවලේ පකීර්ලා! තව ගේමකට දමිතා වාහෙ එක්ක ලකප්ලොකුගේගෙ ගේ කඩපු එකෙක් මාට්ටුතව කීයක් බඩු බනිස්ද මේ ටිකටඑහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං!

එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං Read More »

කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ

ආණ්ඩුවයි ජනතාවයි තකට තකේණයට කාල වැමෑරු හැටි මතකෙ නැතේසමහරු නම් අම්මට සිරි ලංකාවේකස්කුස්සිත් යන්නෙ මොටෝ රථයේ මැති ඇමතිල නිවාඩුවට ලෝකෙ වටේඇති හැකි අය සවාරි මුතු ඇටේ වටේනැති බැරි වුනත් අපිත් ඇරියෙ නෑ අයිබංකනකර ඇරිය සංචාරෙක උකස් කඩේ

කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ Read More »

ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

‘සාගරේට ඩොලර්, රුපියල හිමාලයේගෙන්වමි කාර් බලවු වැඩ සියඹලේගේ’ඔන්නොහෙ උන්ට පරණ හාල් ටිකක් ඇති!එහෙමයැ අපිට අලුත් කාර්බාර් එපැයි! රටබඩු රටට ආ නැවතූ කිටිකිටියේඉන්දියාව දැන් යනවා රොකට්ටුවේහැත්තැහතේ සිට රට බඩු කඳුගහපුජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං Read More »

කාගෙත් කයි යටවෙනවලු පගාවට

වැඩ⁣ට යද්දි එද්දී‍, වැඩ අතරතුරේවැසිකිළියේ‍‍, හෝටලයේ‍, ඇයි හීනෙන්!හොරු පන්නා‍, හොරු අල්ලා‍, රට හදනමන්තරෙමයි තිබුණෙ කටේ නිතරම පින් ජනපති සුබ නැකතින් මැතිවරණේලන්සුව තිබ්බා පන්දහකින් උස්සාහොරු ඇල්ලිල්ලෙ තිරේ වැහිල වගෙ අයිබංකාගෙත් කයි යටවෙනවලු පගාවට!

කාගෙත් කයි යටවෙනවලු පගාවට Read More »

අතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන්

සරසවියෙන් නවක වධය දුරලන්න⁣’මෛත්‍රී මාසයක්’ එනවලු වෙසක් එකේඅනෙ අයිබං පරිස්සමෙන් බලාගෙනයිමතකනෙ ⁣කෑ පරිප්පුව ‘මෛත්‍රී යුගයේ’ මොළ කුණු වුන සිත්පිත් නැති වධක රැලක්මඩින්නට ඕනැ හොඳ ඉන්ජෙක්සමක්කෝඳුරු තෙල් හත්පට්ටා නොඉල්ලමුඅතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන්

අතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන් Read More »

සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

කඩදහි මෝල ඇඹිලිපිටියෙ වළ ගියගොඩ අදිනවලු අයිතිය නොරටුන්ට පාටයිවේයන්ගොඩ තුල්හිරියේ රෙදිපිළීකැලණි ටයර් පුත්තලමේ සිමෙන්තී අහිමිව ගිය සම්පත් තව කොච්චරද!ඇරපු ආර්ථිකේ කොරපු වින්නැහියහැම දෙයකම අයිතිය විකුණල අයිබං,සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද Read More »

Scroll to Top