අයිබං

පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී

ධනපතියන්ට විතරක් ඡන්දෙට එන්නපාවඩ එළන ඇප සං⁣ශෝධනේටපෙරටුගාමියෝ පට්ටම විරුද්ධලුපෙත්සම මැතිවරණ කොමිෂන් සභාවට ඇප තැන්පත් කිරීමේ අරමුණ අයිබංබහුබූතයන් චන්දෙට ඒම වැළකීමඇපේ බේරීම වත් ඉර හඳ වගෙ නම්පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී

පෙරටුගාමියෝ ඇයි මේ පසුගාමී Read More »

රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?

‘කටුනායක දෙකක් වෙන්ඩ නැටුවෙ යකාපෝලිම දිග හින්දලු වීසා අංශේ’වීසා දෙන එකත් නොරටට‍, තූ නොදකින්!හැබැයි මෙතන පාඩම මේකයි අයිබං සමහරුන්ට රට ජාතිය සිහිවෙන්නේතමන්ට කෙළවුනාම‍, ඒ වගේමයිතව එවුන්ට දොල පිදේනි ලැබේ නං‘රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍?’

රට ජාතියට කෙළවුනාම අපට මොකෝ‍? Read More »

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ

නට නට හිටි හැළිය උතුරන්ඩ ගන්නකොටමුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟලිපගිනි නිවුනත් ගජමිතුරු සඳ අතින්ගැට පිට ගැට වැටුණලු අඬුබඬු ටිකට දියකෙළියේ සැප නැවතත් විඳින්ඩලෙහා ගන්ඩ බෑ ගැට මේ කපේටවඳින්ඩ ගිය දේවාලේ ඉහ මතටකඩාවැටුන කියන්න ඔව්වට අයිබං

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ Read More »

ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ

ඇට නැති දිව හැම අතටම හැරෙනවලූඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ‘මාක්ස් ලෙනින් වාදියො අපි’ ඊයේඅද වෙනකොට ‘සමාජවාදෙ ඊයා’ වෙනස් කළත් මැයි දා ‘කටවුට්’ රූපඇන්දේ රතු, වෙනස් වෙලා නෑ පුල්ලිඩබල් ගේම් ගහන්ඩ චිර ප්රසිද්ධජවිපෙට ඕව කජු කනව වගෙයි අයිබං

ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ Read More »

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්

‘ජනමත විචාරණයෙන් ජන කැමැත්තගෙන මිස නෑ සංවර්ධන ව්‍යාපෘති’මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්කරන හැටි කියනවා ලාල් කාන්ත පෞද්ගලික සරසවියට දුව යවලාඅහුරන්නේ ඒ මඟ අන් දරුවන්ටවසර ගණන් හොරෙන් ලැග්ගෙ මාදිවෙලජන කැමැත්ත විමසා බලලද අයිබං

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින් Read More »

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!

කෙලින් කරන්නට සිංහලයින්ගෙ කොඳුජාතික ඇල්ම පුරවන්නට හිත්වලපෙරදිග විද්‍යාවෙ මහිමය ඔසවන්නවෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! ගැරහූ රට දැය සමයට කෙණෙහිල්ලේනිවටුන් දුටුව තැන නැත සිටියෙ නොදුටු සේමහ විපතක මුව විට රට සිටින වෙලේඅප හැර ගිය පාඩුව පියවනු කෙලෙසේ

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! Read More »

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ!

‘අධිකරණෙටත් ඉහළින් දෙන තීන්දුචමුදිත රටේ ලොකුම නීති විශාරද’මුණ බලන් අනින්ඩ ටොක්ක නිලේටඇමති විජේදාසට නම් පණ තිබුණා තම කාරිය ඇර අන් හැම දේ දන්නරා බිව් මීය ‘පාට් එකට’ පණ දෙනමාධ්‍යවේදියෙක්ලු! තද පොරක්ලූ!ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ!

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලූ! Read More »

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්උස මිටි කෙසඟ තරබර උත්තමයන්කෙවිටි තෝන්ලණු නාස්ලණු නැතිවමමැයි පළවෙනිද විතරක් නොව හැමදාමහිතු හිතු අතේ තමන්ව දක්කන බවකම්කරු සොයුරු සොයුරියන්ට වැටහෙනදවස උදාවෙන්නේ කවදද අයිබං!

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින් Read More »

පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක

පතාලෙට බැටේ දෙවන ඇමතිටතගේ දානවා නීතිඥ සංගමේකරේ එල්ලගෙන කුණුමාළු කනකොටබලාගෙන ඉන්ඩ අප්පිරියයි අයිබං කුට්ටිය ලැබේ නම් ඉස්මුරුත්තාවටඇස්බැන්දුම් තර්කෙන් මැරයන් රකිනවිනිසුරු ඝාතකයනුත් බේරාගන්ඩපොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක

පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක Read More »

හීතට නින්දෙදි විකාර හීන පෙනේ

අනුර දිසානායක හුලවාලිතුමාරතුකොඩියෙන් බලා පේනයක් කියලාදහනමයේ ගෝටත් එක්කල හිටියරටවිරුවෝ මෙවර දෙන්නෙ ජවිපෙටලු හීතට නින්දෙදි විකාර හීන පෙනේස්ටොක්හෝම්වල තවමත් හීතලයිපේනෙ කියල අනික් පැත්ත හැරෙද්දීඔස්ට්රේලිය නඩේගුරු පක්ෂෙ කඩන් ගිහින්

හීතට නින්දෙදි විකාර හීන පෙනේ Read More »

Scroll to Top