Last Updated on 3 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

අශෝක රාජයාගේ පුත් මහින්ද සහ දුව සංඝමිත්තා බුදුසසුනේ පැවිදිවීම බිළිබඳ විස්තර මහාවංශයේ අඩංගුය. ඊට අනුව උන්වහන්සේගේ මව ‘දේවී’ විදිසාහි සිටුවරයකුගේ දුවකි. විදිසා යනු මගධ රාජධානියේ බටහිර ප්‍රදේශයට අයත් අවන්ති රටේ නුවරකි. මෙහි අගනුවර උදේනි යනු, ශක, ග්‍රීක හා යුදෙව් ජන වර්ග විසූ ප්රදේශයකි. මහින්ද සහ මිත්තා යනු පාලියට පෙරළා ගත් ග්‍රීක ශක හෝ යුදෙව් හෝ නම් දෙකකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සිංහල ග්‍රීක සම්බන්ධතා ගැන තොරතුරු සෙවූ නමුදු සිංහල, ශක හා යුදෙව් නෑකම් ගැන විධිමත් පර්යේෂණ පැවැත්වූ බුද්ධිමතෙක් නැත. පැරණි අනුරාධපුරය ග්‍රීක ශක හා යුදෙව්වන් විසූ නුවරකි.
අවන්තිය, ජම්බුද්වීපයේ ශ්‍රේෂඨ දාර්ශනිකයන්, විද්‍යාඥයින්, ගණිතඥයින් හා කලාකරුවන් බහුතරයක් බිහි වූ රාජ්‍යය වූයේය. මෙහි උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් තිබුණි. අවන්තිය, ජම්බුද්වීපයේ සහ අවට රටවල විද්‍යාර්ථීන් හා උසස් අධ්‍යාපනික ආයතන බිහිවීමට ප්‍රධාන හේතුවයි. නාලන්දාව මෙන්ම අනුරාධපුරයේ මහාවිහාරයද ගොඩනැගෙන්නේ අවන්තියේ විශ්වවිද්‍යාල කෙන්ද්‍ර කරගෙනය. මහාවිහාරය බිහි වූයේ මිහිඳු හිමියන්ගේ අනුශාසනයෙනි. ගිහියෙකු වශයෙන් උන්වහන්සේ අවන්තියේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇත.
සිංහල රටට මිහිඳු තෙරුන් ප්‍රධාන ධර්ම දූත කණ්ඩයමක් පැමිණීමට ප්‍රධාන හේතුව සිංහලයන් හා අවන්ති වාසීන් අතර පැවති පැවති නැදෑ සබඳතාවයි. ශ්‍රී හර්ෂ රජතුමා රචනා කළ රත්නාවලී නාට්‍ය කතාවේ සඳහන් වන ලෙසට අවන්ති රජුගේ අගබිසව සිංහල කුමරියකි. වත්ස රටේ උදයන රජු පවා ගත්තේ සිංහල කුමාරියකි. මෙවැනි කතා විශාල සංඛ්‍යාවක් පැරණි සංස්කෘත සාහිත්‍යයේ තිබේ.
මහාවිහාරය ලංකාවේ ගොඩනැගුණු පළමු වැනි විශ්වවිද්‍යාලය වූයේය. එය සියවස් ගණනාවක් තිස්සේ රටට වුවමනා උගතුන් හා ප්‍රාඥයින් බිහි කළ ස්ථානයයි. ලංකාවේ වැව් හා වාරිමාර්ග, මහාමාර්ග, පාලම්, ස්තූප, ගොඩනැගිලි, නගර, උද්‍යාන සහ ඉතිහාසය, භූගෝලය, සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව ආදි හැම දෙයක් සම්බන්ධවම දැනුම නිර්මාණය වී ඇත්තේ මහාවිහාරයෙනි. එහි විශේෂ ලක්ෂණය දේශානුරාගය හා අදීනත්වයයි.
එක්දහස් අටසිය ගණන්වල ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යන රටවලින් කාර්මික විප්ලවය ඇරඹුණි. ඔවුන් රටවල් කොල්ලකෑමෙන් අත්කරගත් ධනය හා දැනුම ඊට හේතු වුණි. දැන් යටත් විජිත නැත. එම නිසා යුරෝපයේ රටවල් දිළිඳු වේ. එවිට පීඩාවට පත් වන යුරෝපා ජනතාවට සිතෙන්නේ සංක්‍රමණියන් නිසා එය සිදු වන බවයි. එවිට ඊට විසඳුම ජාතිවාදීන් වීම යැයි ඔවුන්ට සිතේ. එංගලන්තයෙන් ඇරඹුන දක්ෂිණාංශික වර්ගවාදී පිබීදිම, මේ වන විට ඉතාලිය, ප්‍රංශය, ඕලන්දය වැනි රටවල ජනප්‍රිය දේශපාලන ව්‍යාපාර බවට පත්ව පවතී.
ජන මාධ්‍ය ආයතන යනු බටහිර යුරෝපයේ බිහිවූ තවත් ව්‍යාපාර විශේෂයකි. ඒවායින් කෙරෙන්නේ මනුෂ්‍යයන්ගේ මනස රැවටීමයි. නිදසුනක් දක්වතොත් ලංකාවේ ඇතැම් මාධ්‍යකරුවෝ ඇමරිකාව, ඕස්ටේරලියාව නැතිනම් යුරෝපයේ රටක කිසියම් ආයතනයක සේවය කරන්නන් ශ්‍රේෂ්ඨ ලාංකිකයන් වශයෙන් මහ ජනතාවට ඉදිරිපත් කරති.
පසුගිය මාසයේ මියුනිච්හි පැවති යුරෝපා ආරක්ෂක සමුළුවේදී ඇමරිකාවේ ආරක්ෂක ලේකම් රූබියෝ සාහිත්‍ය භාෂාවෙන් ආකාර්ශණීය කතාවක් කළේය. ‘යටත් විජිත වාදයට එරෙහිව ලොව විවිධ රටවල පැන නැගුණු ජාතික සටන් සියල්ල ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කොටස් බව’ ඔහු කීවේය. කතාව ඇත්තකි. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කටයුත්ත වූයේ මාක්ස්වාදීන් බිහි කිරීමයි. මහාචාර්ය සුචරිත ගම්ලත් විශ්වවිද්‍යාලයට එන්නේ භික්ෂුවක ලෙසිනි. එහිදී මාක්ස්වාදියකු වූ ඔහු ‘රත්නාවලී’ නාට්‍යයට විචාරයක් ලියන්නේ හර්ෂ රජතුමා අවධාරණය කළ සිංහල-වත්ස ඉතිහාස කතාව නොසලකමිනි.
මහාචාර්ය සරච්චන්ද්‍ර ස්වරූපයෙන් මාක්ස්වාදියකු නොවේ. ඔහුගේ ඉල්ලීම පිට සැකසුන පියදාස නිශ්ශංකගේ අනුවර්තිත රත්නාවලී නාට්‍යය සිංහල පොතෙන් සිංහල-වත්ස ඉතිහාසය සැඟව ගොසිනි. (බලන්න: රත්නාවලී විමර්ශන අත්පොත) සිංහබාහු නාටකය හදන මහාචාර්ය සරච්චන්ද්‍රට මහාවංශයට අනුව සිතීමට නොහැකි විය. පිරිවෙන්, විශ්වවිද්‍යාල බවට පත් කෙරුණු පසුව ඒවා දීනයින් හා අනුකාරකයින් බෝකරන මධ්‍යස්ථාන බවට පත් වුණි.
