වයින් වුනාද? වයින් කළාද?

Last Updated on 6 days by admin

ඩේව්ඩ් ඇන්තනි විසිනි

Pic. credit: idreamtelugu instagram page

මුහුණු පොත, ඉන්ස්ටග්‍රෑම්, රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය සහ පත්තර ආධාරයෙන් මහජනයාට තොරතුරු සපයන පුද්ගලයින් සෑහෙන පිරිසක් මේ දිනවල මහත් අභිරුචියකින් ජෝසප් විජය (තලපති) ට හුරේ දමති. සමහරු තමිල්නාඩුවේ ටීවීකේ පාක්ෂිකයන්ට වඩා අන්ත තලපතිවාදීන් වී සිටිති. ‘ලංකාව ලෝක සිතියමින් ඉවත් කරනවා’, ‘කච්චතිවු ආයෙත් ඉන්දියාවට ගන්නවා’ වැනි තලපති කී සාහසික වදන් සිහි කරමින් මොවුන් ලොකු වින්දනයක් ලබන බවකි. උතුරේ වාසීන් රතිඤ්ඤා පුපුරවමින් තලපතිගේ ජය සැමරීම වෙනම ක්‍රියාවකි.

ජෝසප් විජේ ක්‍රිස්තු භක්තිකයෙකි. ඔහු තමිල්නාඩුවේ බලයට පත් කිරීමට වෙහෙස දැරූ පුද්ගලයින් හා සංවිධාන බොහොමයකගේ යටි අරමුණ තමිල්නාඩුව මුල් කර ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් බිහි කිරීමයි. බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවත් එයමයි. එහෙත් ජෝසප් විජේ වෙනුවෙන් ප්‍රීතිඝෝෂා සහ මාධ්‍යඝෝෂා කරන බොහෝ ලාංකිකයන් ඒ පිළිබඳව නොදැනුවත්ය.

කේරළය ඉන්දියාවේ ක්‍රිස්තියානි ප්‍රාන්තයකි. එක් කාලයක ඉන්දියාවෙන් වෙන්වී ස්වාධීන රටක් ගොඩනැංවීමට එහි පාලකයින්ට වුවමනා විය. ක්‍රිස්තියානි ලිබරේෂන් මතවාදය කේරළයෙන් ලංකාවට ආවේය. ජවිපෙ මෙම මතය ගිලගෙන සිටියේය. ඔවුන් තරුණ භික්ෂුව ත්‍රස්තවාදියෙකු කරන්නේ එහි ඉගැන්වීමක ප්‍රතිඵලයක් ලෙසිනි. පන්සල විප්ලවවාදීන්ගේ ආහාර ගබඩාව බව විජේවීර කීවේය. බොහෝ ගම්වල රහස් පංති පැවතුණේත් වෙඩි තැබීම පුරුදු කළේත් පන්සල් තුළයි. තරුණයින් සටනට උසිගැන්වූ ජවිපෙ නායකයින් වැඩි පිරිසක් ආරක්ෂ අංශවලින් ගැළවීමට පන්සල්වල සැඟවී සිවුරු පොරවා ගත්හ.

භාරතීය ජනතා පක්ෂය යනු ඉන්දියාවේ ජාතිකත්වය ගැන ඉහළින් සිතන මෝදි ප්‍රධාන නායකයින් පිරිසකගෙන් සැදුන දේශපාලන පක්ෂයකි. නරේන්ද්‍ර මෝදි වර්තමාන ලෝකයේ වෙසෙන විශිෂ්ඨ දේශපානඥයින් අතර ප්‍රධානියෙකි. ඉන්දියාව ලෝක ආර්ථිකයේ ඉහළම තැනකට ගෙන එන්නට ඔහු සමත් විය. ප්‍රාන්ත මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේ ලැබූ ජය, ජෝසප් විජේ තමිල්නාඩුවේ ලැබූ ජයට වඩා ප්‍රබලය. ඒ ගැන ලාංකිකයන්ට දැනගන්නට ඉඩ නොලැබේ.

රටේ දිළිඳු හා සුළු ජන කණ්ඩායම්වල ආරක්ෂාව සඳහාද විශේෂ කටයුතු රාශියක් මෝදි පාලනය යටතේ සිදුකර ඇත. මේ අතුරින් ප්‍රධාන වන්නේ හින්දූන් හා බෞද්ධයන්, ක්‍රිස්තියානි සහ මහමදික ආගම්වලට ගොදුරුවීමට ඇති ඉඩ වැළැක්වීමට සම්මත කරගෙන ඇති නීති සංග්‍රහයයි. මේ නීති මගින් බලහත්කාරයෙන්, විවාහ මගින් සහ වෙනත් වංචනික ක්‍රමවලට ක්‍රිස්තියානි හා මහමදාගමට ඉන්දියාවේ හින්දුන් සහ බෞද්ධයන් බිලීබෑම සිරදඬුවම් ලැබිය හැකි වරදක් වේ. මේ නීතිය ඉන්දියාවේ ප්‍රාන්ත 12ක ක්‍රියාත්මකය.

සිංහල බෞද්ධ රාජ්‍යයක්ව පැවති ලංකාව විපතට වැටෙන්නට හේතුව ලංකාවට මෝදි වැනි නායකයෙකු නැතිකම නොවේ. සිංහලයා මෝඩයා වීමද නොවේ. ජාතිකත්වයක් ඇති නායකයින් විනාශ කිරීමට සහ ජාතිකත්වයක් නැති දේශපාලනඥයින් බෝකිරීමට විදේශ රටවල් සහ සංවිධාන නිරතුරුව උත්සාහ දැරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top