මෝදිට වැඩ වරදියිද?

Last Updated on 2 hours by admin

ඩේවිඩ් ඇන්තනි

මීට බොහෝ කලකට පෙර පැතිරුන ‘ආර්ය න්‍යාය’ යහපත් දෙයක් වශයෙන් සලකන්නන්ට, රටකට එල්ල වන විදේශ ආක්‍රමණක් යහපත් දේ වශයෙන් පිළිගන්නට සිදු වේ. විදේශ ආක්‍රමණ නිසා ජම්බුද්වීපයට සිදුවූ ලොකුම විපත, කලාපය කැබලිවලට කැඩීමයි. බුදුදහම කලාපයෙන් ලෝකයට ලැබුණු ලොකුම දායාදය යැයි කියන විශාල පිරිසක් සිටිති. ඉස්ලාම් ආක්‍රමණ නිසා බෞද්ධ ලෝකය කුඩු පට්ටම් විණි. දිල්ලියේ සුල්තාන් රාජධානි ඇති විය. ඒ සියල්ල යටත් කරගෙන ජම්බුද්විපය කොල්ල කෑ බ්‍රිතාන්‍යයෝ, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යනුවෙන් රටවල් කිහිපයක් ඉතිරිකර මහාද්වීපයෙන් පිටව ගියහ.

මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන්දියානුවන්ගේ ජාතිකත්වය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වන පක්ෂයකි. ‘වික්සිත් භාරත්’ වැඩපිළිවෙළ ඊට නිදසුනකි. මෝදිගේ රජය, හින්දුන්ව හා අම්බෙඩ්කාර් බුදුසසුනට එකතු කරගත් බෞද්ධයන්ව ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම්වලට හැරවීම නැවැත්විමට නීති සකස්කර තිබේ. ඔවුන් මාක්ස්වාදයටත් වැට බැඳ ඇත. මේවාට අකමැති විශාල පිරිසක් මෝදිගේ රජය පෙරළන්නට සැලසුම් කරති.

කැරපොතු ජුන්ටාව, ඒ වෙනුවෙන් හැදී ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. බිජේපී වෙනුවට ආදේශකය සීජේපී බව ඔවුහු කියති. මෙය ඉන්දියානු පොළොවේ නොව අන්තර්ජාලයෙන් බිහිවූ ව්‍යාපාරයකි. එහි ක්‍රියාකාරිත්වය ගැන සොයන ඉන්දියානු ආරක්ෂක, අංශ බිජේපීය විනාශ කිරීමට ගොඩනැගූ දේශපාලන ව්‍යාපාරයක් දකිති. විද්‍යා හා තාක්ෂණික ලෝකයේ මහමොළකරුවකු ලෙස පෙනී සිටින ඉන්දියානු බුද්ධි අංශවලට මේ ගැන වේලාසනින් සොයාගන්නට බැරිවීම ගැන සමහරුන්ට ඇත්තේ පුදුමයකි. නමුත් මෙම රහසිගක භාවය, දේශපාලන කුමන්ත්‍රණයන්හි පොදු ස්වභාවයකි.

දිල්ලියේ පැවැත්වෙන කොක්රෝච් විරෝධතාවට තරුණ තරුණියන් එකතු කළ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. එය රාජ්‍ය විරෝධි කැරැල්ලක් තත්වයට පත් විය. ‘මෝදි ගෝ හෝම්’ හඬ එයින් මතු විය. මේ ගැන අදහස් දක්වන ඇතැම්හු, මෙය, යටපත්ව ඇති කොමියුනිස්ට් නක්සලයිට් ව්‍යාපාරයේ නැඟීසිටීමක් යයි සැක කරති. ලංකාවේ මාලිමාව ඇරඹෙන්නේස මාක්ස්වාදී ව්‍යාපාරයක් වශයෙනි. එහි මූලික ලක්ෂණය ප්‍රබල ඉන්දීය විරෝධයකින් ජාතික හැඟීම් පෙන්වමින් කටයුතු කිරීමයි. ඉන්දියාව මාලිමාව යම් ක්‍රමයකට හීලෑ කරගෙන ඇතත් ජවිපෙ ආරම්භක පරමාර්ථය ඉන්දියාවට විරුද්ධව කටයුතු කිරීමයි.

ඉන්දියාව, පකිස්ථානය සමගද කරුණු ගණනාවක් මුල්කොට ගෙන ගැටෙමින් සිටියි. ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සංවිධානය පකිස්ථානයට විරුද්ධව තමන්ට පක්ෂපාත කරගැනීම ඉන්දියාවේ හපන්කමකි. පකිස්ථානය සමග ගැටෙන බලුකි සංවිධානයද ඉන්දියාව සමග එක්ව කටයුතු කරයි. පකිස්ථානය මෙන්ම බංගාලි දේශයද වඩාත් හිතවත් චීනයට බව බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

ඉන්දියාවේ ක්‍රිස්තියානි කල්ලි සියල්ලක්ම විදේශ රටවලින් එන කළු සල්ලිවලින් ක්‍රියාත්මක වේ. ලංකාවේ වුවත් යාච්ඥා කල්ලි ක්‍රියාත්මක වන්නේ විදේශ මුදල්වලිනි. දිළිඳු පවුල්වලට වැසිකිළි හදාදීම, ළමයින්ට ඉගෙනීමට ආධාර කිරිම වැනි උපකාරවලින් අනතුරුව ඔවුන් ආගමට බඳවා ගැනේ. මෝදි රජය රටවැසියන්ගේ සංස්කෘතිය වෙනස් කිරීමට ගලා එන කළු සල්ලි පාලනය කරන්නට දැඩි වෙහෙසක් දරා තිබේ. එම නිසා පිටරට සිට ක්‍රියාත්මක වන බොහෝ ක්‍රිස්තියානි කල්ලි ඉන්දියානු රජය සමග දැඩි අමනාපයකින් පසු වේ.

ඉන්දියාවේ උඩ කොටස තුළ හින්දු ආගම ප්‍රවර්ධනය වන විට, තමිල්නාඩුව, කේරළය, ඔරිස්සාව ආදී දකුණේ ප්‍රාන්ත රාජ්‍යයන්හි තම බලය වැඩි කරගැනීමට කතෝලික සභාව කටයුතු කර ඇත. ජෝෂප් විජේගේ ජයග්‍රහණය යට සිටින කතෝලික සභාව ලංකාවේ මාලිමාව යටත් සැඟවී සිටින බව බොහෝ දෙනාගේ අදහසයි. එල්ටීටීඊයට විරුද්ධව සටන් කළ සිංහල නායකයින් විනාශ කිරීමට කතෝලික සභාවේ නායකයින් කටයුතු කරන බව බොහෝ සිංහලයෝ සිතති.

මුහුණු පොත වැනි මාධ්‍යන්හි වීරයන් වශයෙන් රඟපාන ඇතැමුන් කරන්නේ කොක්රොච් ව්‍යාපාරය ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයක් සේ පෙන්වමින් සටහන් ලිවීමයි. ‘මෝදි රජයට කෙළවෙන්ඩ යන්නේ ලංකාවට අත තැබීම නිසා යැ’යි ඔවුන් කියන්නේ සිංහලයන් රැවටීමටය. ඔවුහු, සිංහලයා හැමදාම රැවටෙන ජාතියක්ය යන නිගමනයකට පැමිණ සිටින සෙයකි.

Pic. credit: Al Jazeera

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top