Last Updated on 2 weeks by admin

මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති නොවේ.
මිනිසුන් කැලෑ පාළු කරන්නට එක් හේතුවක් බඩ වඩා ගැනීමයි. එවිට ඔවුන්ට වන සතුන්ට වන හිරිහැරය හෝ පරිසර විනාශය ගැන හැඟීම නැතිව යයි. ලංකාව යටත් විජිතයක් වූ කාලයේ සිටම වනාන්තර ආක්‍රමණය කිරීම සිදු වේ. සංග්‍රාමය යනු යුද්ධයකි. ලංකාවේ ඇතැම් ආණ්ඩු වගා සංග්රාම දියත් කළහ. චන්ද්‍රිකා වගා ලංකා වගා සංග්‍රාමයක් ඇරඹුවාය. එජාප ආණ්ඩුව ගොවි හමුදාවක් හැදුවේය. රනිල් වික්‍රමසිංහ තැබෑරුම්වලට ලයිසන් දෙනවාට වඩා සරුවට ඔප්පු දෙමින් ආණ්ඩුවේ ඉඩම් බෙදුවේය.
බ්‍රෝහියර්, කොඩ්රිංටන්, පාකර් ආදි බ්‍රිතාන්‍ය ජාතික උගතුන්ගේ අදහස්වලින් තොරව වැව් හා වාරිමාර්ග ගැන අලුත් යමක් කීමට ලංකාවේ උගතුන්ට නොපුළුවන. මේ කිසිදු පඬියෙක් සිංහලයින් වැව් බඳින්නට එක් ප්‍රධාන හේතුවක් වූයේ සත්ව කරුණාව බව නොකියයි. රටවල් යටත් කරගත් යුරෝපීයෝ මානව හිමිකම් ගැන මිස සත්ව කරුණාව ගැන කතා නොකළහ. ඊට හේතුව ක්‍රිස්තියානි ආගම එවැනි දැනුමක් ඔවුන්ට ලබා දී නොතිබීමයි. බයිබලයේ පැරණි ගිවිසුමෙන් ඉදිරිපත් කරන මැවුම්කාරයාගේ ලොකුම ආශාව සත්ව බිලි ලබාගැනීමයි. සතෙකු හොයාගන්නට බැරි වූ ආබ්‍රහම් සිය එකම දරුවාගේ බෙල්ලට කොටා දෙවියන්ට ඇති භක්තිය ප්‍රකාශ කළේය. මැවුම්කරුගේ පුත්‍රයා වශයෙන් බොහෝ දෙනෙකු පිළිගන්නා යේසුස් වහන්සේ බිලි පූජා කළ බවක් හෝ ඊට අනුබල දුන් බවක් බයිබලයේ සඳහන් නොවේ. දිවැසි චරිතය රඟන නළුවන් බෝවෙමින් නැවත පැමිණීමේ අවස්ථාවට මනුස්සයින් සූදානම් කරන නමුදු, ඔවුන්ගෙන් යේසුස් වහන්සේ මැවුම්කාරයාට වෙනස් වන කාරණාව නොකියැවේ.
යුරෝපය සහ ඇමරිකාව වෙනස් වී ඇත. කැලිපෝර්නියාවේ ලැව් ගින්න ඉතා මෑතක සිදුවීමකි. ඇතැම් ඇමරිකානුවෝ තමන්ගේ ජීවිතවලට වඩා සතුන්ගේ ජීවිත උතුම් ලෙසින් සලකා කටයුතු කළහ. තුවක්කුවට ඇල්මැති ක්‍රිස්තියානි ඇමරිකානුවාගේ මනස එසේ වෙනස් වී ඇති අතර සිංහලයන්ගේ මනස වෙනස් වී ඇත්තේ පහළට මිස ඉහළට නොවේ. ඔවුන්ගේ නායකයෝ ඇමරිකානුවාගේ සත්ව කරුණාව දැක විශ්මයට පත් වෙති. මසට සතුන් ඇති කිරීම වර්තමාන සිංහලයන් විශාල පිරිසකගේ ආදායම් මගක් වීමට ඔවුන්ගේ හැසිරීමත් හේතුවකි.
ආදි බුදු දහම බ්‍රාහ්මණ දහම සමඟ ගැටෙන්නට, බ්‍රාහ්මණයින් බිලි පූජාවලට සතුන් භාවිත කිරීම ප්‍රධාන හේතුවකි. බිලි පූජා නැති කළ විට බ්‍රාහ්මණ ආගම දුර්වල වේ. ලංකාවේත් බ්‍රාහ්මණ ආගම පැවතුණි. මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා ප්‍රාණයට ප්‍රාණයක් සේ දෙවියන්ට පොල් පැළයක් පූජා කිරීමට බෞද්ධයින් පෙළඹවූහ. උන්වහන්සේ, පොල් පැලය ප්‍රාණයක් යන අදහස සිංහල බෞද්ධයන් ගේ සිත් තුළ ඇති කළහ. එවිට බමුණෝ බෞද්ධයන් වූහ.
වර්තමාන කාලයේ වගා පාළු කරන සතුන් වර්ග විශාල සංඛ්‍යාවක් සිටිති. වඳුරා, රිළවා, මොනරා, වල් ඌරා, ඉත්තෑවා, දඬුලේනා, ඌරුමීයා, තලගොයා, හාවා ආදී වශයෙන් සියලු සත්තු ගොවි බිම්වලට කඩා වදිති. කුරුමිණියා මේ සියල්ල අභිභවමින් පොල් ගහට හානි කරයි. පොල් පැළ කළු කුරුමිණියාගෙන් රැකගන්නට හැකි වුවත් වැඩෙන ගස රතු කුරුමිණියාගෙන් රැකගන්නට විශාල වියදමක් හා පරිශ්‍රමයක් දැරිය යුතු වේ. මොවුන් රටින් පැමිණියවුන් මිස ස්වදේශික කුරුමිණියෝ නොවෙති. පොල් හිඟයට විසඳුම් වශයෙන් පිටරටින් පොල් ගෙන්වන්ට අදහස් ඉදිරිපත් වෙද්දී මෙය සැලකිල්ලට ගත යුතු කාරණාවකි. එසේ නොවන්නට පොල් ඇතුළු සියලු වෘක්ෂලතාදියට හානි කරන කෘමි වර්ග ලංකාවට පැමිණීමට ඉඩකඩ තිබේ. රේගු පරීක්ෂාවෙන් තොරව බහාලුම් නිදහස් කෙරෙන නිසා ඔවුන් රටට ඇතුළු වීම ඉතා පහසුයි. ඔවුන් එසේ සංක්‍රමණය වුවහොත් තව අවුරුදු පනහක් හැටක් ගෙවෙන තෙක් ඒ ගැන දැනගන්නට නොපුළුවන.
විදේශ කටයුතුබාර ඇමතිව සිටින විජිත හේරත් ජවිපෙ නායකයකු වශයෙන් බීබීසී සාකච්ඡාවකට සහභාගි වෙමින්, දෙමළ, මුස්ලිම් ජාතිකයින්ට නැති වරප්‍රසාද ලංකාවේ සිංහලයන් ලබන බව කී හැටි සමහරුන්ට මතක තිබේ. මහා මාර්ගවල දී පොලිස් සෝදිසියට ලක් වන සිංහලයන් නිදහස් වන බවත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන් වැරදිකරුවන් වන බවත් ඔහු පැහැදිලි කළේය. කොටි යුද්ධය සමයේ දෙමළ ජාතිකයන්ට වූ විනාශයන් ගැන දෙමළ ඩයස්පෝරාව ඇමරිකාව හා යුරෝපා පැතිරවූ කතාවලට විජිත හේරත් බීබීසීයට දැක්වූ අදහස්වලින් හොඳ තල්ලුවක් ලැබුණි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවන ලද්දේය. මෝටර් රථ ප්‍රවාහන පනත සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ මන්ත්‍රීවරයාට චෝදනා ඉදිරිපත් කර තිබුණි. මහේස්ත්‍රාත්වරයා, මන්ත්‍රීවරයා සැකකරුවකු ලෙස නොපිළිගත්තේය. මේ සිද්ධිය ලංකාවට ඒ තරම් වැදගත් දෙයක් නොවේ. නමුත් දෙමළ ඩයස්පෝරාව සහ විජිත හේරත් කී කතාව ඇත්තක් බව ජාත්‍යන්තරයට පිළිගැන්වීමකි.
සියලුම සතුන්ට ආහාර වුවමනා බව අවධාරණය කරන අතරම, බුදුදහම උගන්වන්නේ බඩ ගැන සිතා විනාශ වන සත්වයින්ගේ ගොඩට වැටුන මිනිසා එතනින් ඉවත් විය යුතු බවයි.