Last Updated on 10 hours by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

උසස් අධ්‍යාපනය ලබන්නට එන ඉන්දියානුවන්ගේ දේශප්‍රේමිත්වය නසා ඔවුන් දේශද්‍රෝහී උගතුන් කිරීම එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඕලන්දය, නෝර්වේ ආදි බටහිර රාජ්‍යන්හි ඇතැම් විශ්වවිද්‍යාලයන්හි සිදුවන්න බව පැහැදිලි කරමින් පළ වූ පොත්පත් තිබේ. ඔවුන් මේ සිරිත පිටරට සිසුන්ට ශිෂ්‍යත්ව දෙන සමාජවාදී රටවල විශ්වවිද්‍යාලවලටද බෝකර ඇත. රෝහණ විජේවීර චරිතය ඊට නිදසුනකි.
දේප්‍රේමිත්වය නැති උගතුන් බිහි කිරීම, ඉන්දියාව පාලනය කළ දේශප්‍රේමී බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වූයේය. නරේන්ද්‍ර මෝදිගේ බීජේපීය එවැනි උගතුන්ගෙන් ඉන්දියාව බේරාගැනීමේ වුවමනාව ඇති දේශපාලන සංවිධානයකි. එහි බොහෝමයක් නායකයෝ, ලංකාවේ සමාජවිද්‍යාඥයින් මහා දැනුමැත්තියක වශයෙන් පෙන්වන අරුන්දතී රෝයි වැන්නන් දේශප්‍රේමය දියවූ ඉන්දියානු උගතුන් සේ දකිති. එම නිසා ‘කැරපොතු සංවිධානයට’ බැඳී සිටින ඉන්දියානුවන්, පකිස්ථානුවන්ට සමාන යැයි ඉන්දියාවේ අධ්‍යාපන ඇමති කිරෙන් රජ්ජු කළ ප්‍රකාශය අරුත්බරය.
සීජේසී යනු (Cockroach Janta Party) ඉන්දියාවේ පය නැති ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම් ආදි සමාජමාධ්‍ය ආධාරයෙන් ගොඩනගන ලද ඉන්දියානුවන්ගේ සංවිධානයකි. මෙය පසුපස ජෝර්ජ් සොරොස්ගේ ධනය ඇති බව ඇතැම් ඉන්දියානුවන්ගේ අදහසයි. අධ්‍යාපන ඇමතිවරයාගේ කතාවට විරෝධය පළ කරමින් ඔහු තනතුරින් ඉල්ලා අස් විය යුතු යයි ප්‍රකාශ කිරීමට එහි සංවිධානයේ නායක අබිහිජිට් දිප්කේ, ඇමරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ සිට ඉන්දියාවට ආවේය. ඔහු උද්ඝෝෂණයට එක් වූයේ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ රුව සහිත පොතක් අතැතිවය. එය අනාගතයේ ඉන්දියාවේ පාලන බලය මෝදිගෙන් බෞද්ධයන් අතට පත්වේ දැයි සැකයක් බෞද්ධයන් අතර ඇති කිරීමට ඇතැම් ජනමාධ්‍යකරුවන්ට දෙන ලද ඇමකි.
කැරපොතු සංගමයේ නායකයා ඉන්දියාවට ඒමට පෙර මහාරාෂ්ට්‍රයේ බෞද්ධ විහාරයක් විනාශ කිරීම හා එය වැළැක්වීමට භික්ෂුන් වහන්සේ පිරිසක් වෙහෙසීම පිළිබඳ පුවතක් ලොව පුරා පැතිරණි. සමහරු ඉන්දියාව පන්සල් කඩන බවට ප්‍රවෘත්තියක් මුහුණු පොතේ පළ කළහ. මේ සිදුවීම් හරියාකාරව වටහා ගැනීමට බොහෝ දෙනෙකුට නොපුළුවන. නිදසුනක් දක්වතොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අනුර කුමාර දිසානායකගේ පාලනයට සමාන කරමින් කෑදෙන රටවැසියන් ඇතැම් රූපවාහිනී නාළිකාවලින් නිතර පෙන්වනු ලැබේ. එය දෙවිවරුන් හා පෙරේතයින් සමාන කිරීම වැනි ක්‍රියාවකි.
අන්තර් ජාතික දලිත් සංවිධාන කිහිපයක්ම තිබේ. ලෝක ක්‍රිස්තියානි සංවිධාන විසින් ගොඩනංවා ඇති මේ බොහෝමයක පරමාර්ථය ඉන්දියාව කැඩීමයි. 2002 වසරේදී ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඇරඹූ ‘දලිත් ෆීඩම්’ ජාලය (ඩීඑෆ්එන්) නිදසුනකි. එය තනිකරම ක්‍රිස්තියානි ව්‍යාපාරයකි. ‘වයි අයි ඇම් නොට් අ හින්දු’ පොත ලියමින්, ‘අපිට සංස්කෘත භාෂාව මරාදමන්නට අවශ්‍යයි’ යනුවෙන් ප්‍රකාශ කළ කාන්ච ඉලයියා, ඩීඑෆ්එන්හි ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.
ජාතිකත්වයක් නැති රටවැසියන්ට රාජ්‍ය බලය ලබාදී රටවල් දුර්වල කිරීම කාලයක සිට ලෝකයේ සිදුවන්නකි. ලිබියාව, ඉරාකය වැනි රටවල සිදුවූ මෙම පෙරළිය චීනයේද සිදුවන්නට ගියේය. ඉන්දියාව පැමිණ ලංකාවේ පළාත් සභා පිහිටුවූයේද රට බෙදීමේ පරමාර්ථයෙනි. ‘රට බෙදමු’යි නොකියා, ‘පළාත් සභා මැතිවරණය පවත්වමු’යි කියන මජර දේශපාලන නායකයින් සේවය කරන්නේ ඉන්දියානු බෙදුම්වාදයටය.
මාලිමාව මැතිවරණ ජයගැනීම විදේශීය වුවමනාවට සිදුවූවකි. හරිනි අමරිසූරිය වැන්නන්ගේ දේශපාලන පසුබිම කුමක්ද? කැරපොතු පක්ෂය පිටුපසු ජෝර්ජ් සොරොස් සිටින බව තෙලිංගානයේ බීජේපී නායකයා ප්‍රකාශ කර තිබේ (‘ඩෙකාන් ක්‍රොනිකල්’ ජුනි 04).
