සිංහලයන් මර්දනයට අටවන මීකතුරුවලින් බේරෙමු

Last Updated on 4 days by admin

ඩේවිඩ් ඇන්තනි විසිනි

pic. credit: Time magazine

නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව හින්දුන්ට වැඩි හිතවත්කමක් දක්වන බව ඉන්දියාවේ ඉස්ලාමිකයෝ කියති. බීජේපීය බටහිර බෙංගාලයේ බලය ලබාගැනීමෙන් පසුව මේ ගැන හින්දුන් සහ ඉස්ලාමිකයන් අතර සංවාදයක් සිදු විය. ‘බක්රීඩ්’ සමයේ ඉස්ලාමිකයන්ට සිත් සේ හරකුන් මරන්නට ඉඩ නොදීම පිළිබඳව ඉන්දියාවේ ඉස්ලාමිකයන් අතරේ ඇත්තේ කණස්සල්ලකි. බොහෝ දෙනාගේ ප්‍රශ්නය ලංකාවේ මාක්ස්වාදී පාලකයින් බෞද්ධ රටක් වූ ලංකාවේ එවැනි ක්‍රියාවකට පහසුකම් සැපයීම ගැනයි.

ගව ඝාතන මුල්කර ඉන්දියාවේ හින්දුන් සහ ඉස්ලාමිකයන් අතර නිතර ගැටුම් ඇති වේ. හින්දුන්ට එළදෙන ශුද්ධ වස්තුවකි. ඔවුන්ගේ මහා දෙවි ’ශිව’ ගමන් යන්නේ වෘෂභ වාහනයෙනි. බ්‍රිතාන්‍ය පාලකයින් හින්දුන් සහ ඉස්ලාමිකයන් අතර ගැටුම් ඇති කිරීමට ගවයා භාවිත කර තිබේ. මෙවැනි ක්‍රියා සඳහා ‘ඇවිස්සීම’ වන වචනය යෙදේ.

පෘතුගීසින් අදහස වූයේ ’සිංහලයා මෝඩයා’ බවයි. සිංහලයන්ගේ ඉක්මනින් ඇවිස්සෙන ස්වභාවය ඊට හේතුව විය යුතුයි. සිංහල විරෝධීන් අදටත් සිංහලයන් ඇවිස්සීමට වෙහෙසෙති. යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කුඩුව ගිනි තැබීමත් එවැනි ඇවිස්සීමකි. සිංහල දෙමළ මිතුරු සබඳතා බිඳ දමා ඔවුන් සදාකාලික වෛරක්කාරයන් කිරීම මෙවැනි ක්‍රියාවල එක් පරමාර්ථයකි.

මෙවැනි අවස්ථාවන්හි මානව හිමිකම් රකින්නන් ලෙසින් රඟන ඇතැමුන් රජය හැම දෙයක්ම කරන්නේ ජාතික උරුමය රැකීමටය යන අදහස ඉදිරිපත් කරමින් දේශප්‍රේමීන් රවටන්නට සැරසේ. ඇතැමුන්ට, මිය ගිය කොටියෙකුගේ ගුණ, රාජ්‍ය අනුග්‍රහයෙන් පාර්ලිමේන්තුව තුළදීම සැමරූ හැටි නොපෙනී ගියේ ඒ හේතුවෙනි.

තවත් උගතුන් පිරිසක් මේ සිද්ධියට සමස්ත දෙමළ වර්ගයාටම චෝදනා කිරීමද කුමන්ත්‍රණයේම කොටසකි. වේලුන තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණූ ශබ්දය අසා කලබල වූ හාවෙක් ‘ලෝකය පෙරළෙනෝ’ කියා කෑ ගසමින් දුවන්නට විය. වනාන්තරයේ සත්තු බියට පත්ව හාවා පස්සේ දුවන්නට ගත්හ.

ගව ඝාතනයට හා ගව මස් කෑමට බීජේපී රජය හරස් වන විට ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව කලබලවීම ස්වභාවිකය. 19 වෙනි සියවසේ යුරෝපය බිලිගත් ‘බ්ලැක් ඩෙත්’ බෝවුණේ මීයන්ගෙනි. මීයන් වඳකිරීම සිදු වූයේ උන් අවුස්සා ගුල්වලින් එළියට ගැනීමෙනි.

ගව ප්‍රශ්නය නිසා කලබල වන ඉස්ලාමිකයන් සමනය කිරීමට සිතු ඉස්ලාම් නායකයින් පිරිසක් ඉන්දියාවේ ජාතික සත්වයා වශයෙන් එළදෙන නම් කරමුයි බීජේපීයට යෝජනා කළේය. මේ බුද්ධිමත් ප්‍රති ප්‍රහාරයකි. බීජේපී ආණ්ඩුව මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ගව මස් ඉන්දියාව පිටරට යවන ප්‍රධාන භාණ්ඩයකි. කාලි කෝවිල්වල ඇවුරුදු පතා දහස් ගණනින් ගවයින් බිලිදීම සිදු කෙරේ.

පකිස්ථානය බිහි කළ මොහොමඩ් අලි ජින්නා මුස්ලිම් නායකයින් භාවිත කරන උපාය කලකට පෙර භාවිත කළේය. ජින්නා බ්‍රිතාන්‍යයන්ගෙන් ස්වාධීන ඉස්ලාම් රාජ්‍යයක් ඉල්ලූ විට මහත්මා ගාන්ධි ඊට විරුද්ධ විය. ඒ පිළිබඳව කළ සාකච්ඡාවකදී ’ ඔබලාගේ පූජනීය හරකා අපේ කෑමට ගන්නව. ඉතින් එකට ඉන්නෙ කොහොමද’ යැයි ජින්නා ගාන්ධිගෙන් ඇසුවේය.

1946 අප්‍රේල් 22 ඇමරිකාවේ ටයිම් සඟරාවේ පිටකවර චිත්‍රය නිමවා ඇත්තේ ගාන්ධි හා ජින්නා අතර ඇති වූ එම කතාව මුල් කරගෙනය.

“ඔහුගේ මුස්ලිම් කොටියාට හින්දු එළදෙන කන්නට අවශ්‍යයි (“His Moslem tiger wants to eat the Hindu cow) යනුවෙන් සටහනක් එහි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top