අයිබං

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං

වසර එකොළහක් ඇතුළත රේගුවේකෝටි දෙදාහකට වැඩිය ලොකු මුදලක්රේගු නිලධාරියොයි තොරතුරු සපයන්නොයිබෙදාගෙනලු නැතිව අනුමැතිය ඇමතිගේතවත් කෝට් ගාණක අතිකාල පිල්ලිලු ගෝඨාභයට රට යන දොර වැහැව්වහොරු අල්ලන මන්තරේ නිතර ජප කරනඅරගල කානිවලේ ලොකු චරිත රඟපාපුවීරයින්ට මේවා නොපෙනෙද අයිබං?

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං Read More »

දොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ

‘සහතික නැති හොර දොස්තරල අල්ලන්ඩපොලිස් මෙහෙයුමක් කලඑළිබහිනවලු’හෙම්බිරිස්සාවටත් ප්‍රතිජීවක පොවනසුළු මොහොතක කතාබහට ගිනි කඩන ඖෂධ කොම්පැණිවල කැඹුරුම ගන්නඋන්ගෙ අණට ලියන බේත් තුණ්ඩුවලොකු ලොකු සහතික වටේට එල්ලෙනදොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ

දොස්තරලව බැයිද අයිබං අල්ලන්ඩ Read More »

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ

‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්වඑව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙනවිද්දේ හාවාට වදින්නෙ ලඳුවලට රට අමුසොහොනක් කළ කොටි නායකයෝඅසූහතේ මිනීමරුවො හොරදෙටුවෝපගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝහැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ Read More »

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ

‘හොරු අල්ලන්ඩ අලුත් නීති ගෙනාවාපිටරට යවා නිලධාරින් පුහුණු කරඅල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ’ජනපති කියයි, ඒවා හොඳ වැඩ අයිබං පිටරටදී පුහුණු වී ටිප්ටොප් එකටබාරගත් ගමන් මහ ගිනි දවාලේමහබැංකුව කැඩූ ගජමිතුර අල්ලන්ඩඒ නිලධාරින්ට වත් පුළුවන් වෙයිද?

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ Read More »

සාසනයයි පඬුහැළියයි කපෝතී

සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත් නැති කරුමේ! අගුවල බෝසතුන්‍, රහතුන් පහළ වෙතීනිරාල රතු ගොයියල සාසනේ කතීලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!සාසනයයි පඬුහැළියයි කපෝතී!

සාසනයයි පඬුහැළියයි කපෝතී Read More »

කතාව දෝළාවෙන් ගමන පයින්ය

‘විජේදාස, දියුණුම ඇමති ආණ්ඩුවේ,එක්ක හදනවා අපි එජාප විරෝධීආණ්ඩුවක්’ – කියයි ලක්ෂ්මන් පියදාසනොදියුණුකම වන වන රටටම අයිබං දියුණුව ශිෂ්ටබව වගෙ ලොකු කතායකතාව දෝළාවෙන් ගමන පයින්යයූඇන්පී විරෝධයක් කුමකටදරටට හිතැති ආණ්ඩුවක් හදනු මිස

කතාව දෝළාවෙන් ගමන පයින්ය Read More »

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

‘ගෙදර තිබුණ වීබිස්සට ගිනි තිබ්බසිරිසේනට කජ්ජක් නැසුම ශ්‍රීලනිපේ’මායම් වෙනව චන්ද්‍රික නෝන ඕසෙටකලකදි රහ කලකදි වහ වෙයි අයිබං තාත්තා හැදූ පක්ෂෙට ගිනි බිඳලාහදා නව පක්ෂ ඇනගෙන පස්ස බිමඅම්මගෙ සාරියේ එල්ලී ගොඩ ඇවිදින්නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද? Read More »

ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ

‘ගෝඨාභය වුනා නම් මම වහාමසමාව ගන්නව ඇනුනට පෝර වැඩේ’අනුර පඬිතුමා ‘දෙරණේ’ දෙසනවාගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ කළුගලේ පැහැරු හොර බළලුන් වාගේජවිපෙ කළ සියලු ජඩකම් වහගන්නආඳා තර්ක දානව මිස සමාවක්ඉල්ලපු දවසක් ගැන මතකද අයිබං?

ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ Read More »

විඳෝනවා දැන් හත්මාළුවේ රස

දහතුන් අවුරුද්දක් ඇතුළත අයිබංල්‍ංකාවේ ඇමති මණ්ඩල සංයුතියඑකසිය එකොළොස් පාරක් අනලාලුආයෙ දෙකක් නෑ එතනත් ලොවෙන් එක! අමාත්‍යංශ නවයක කෘෂිකර්ම වැඩක්‍රිස්තියානි කටයුතු වනජීවින්ටවිඳෝනවා දැන් හත්මාළුවේ රසගහපු බෙරත් නැත බෙරවල පලුත් නැත

විඳෝනවා දැන් හත්මාළුවේ රස Read More »

කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත

‘ලාල්ගේ ප්‍රකාශයෙ අරමුණ වුයේඑමගින් ගම්‍ය වන අදහස නොවෙයි’ලුකරකෝලා අතෑරියා වගෙයි අයිබංඅනුර සහෝදරයගෙ වචන සැට් එකට ව්‍යංගාර්ථ වචන හරඹ නැතිව කිසිකිව්ව වචනවල අදහස වචනවලින්ගම්‍ය නොවන හැටි පෙන්වනු පඬිතුමනිකට බොරු කිව්වත් දිව බොරු කියන් නැත!

කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත Read More »

Scroll to Top