“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා”

Last Updated on 3 hours by admin

ඩේවිඩ් ඇන්තනි

(ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්ටර්ගේ කීමට තණ කෑ පිරිසයි – Pic. Credit: Sowetan LIVE)

පාප්තුමා වතිකානු නගරය නම් කුඩා රාජ්‍යයේ නායකයාය. ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු කාදිනල්වරයෙකු වූ රොබර්ට් ප්‍රැන්සිස් ප්‍රෙවෝස් (2025 දී) එහි පාප් තනතුරට පත් වූයේ පාප් xiv ලුවී නමිනි. පාප්තුමා සමාන ලෝකය පුරා පැතිරුන ආගමික බලයක් වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නොමැත. කතෝලික සභා ඇති රටවල් බොහෝමයක පාප්තුමාට ලොකු දේශපාලන බලයකුත් තිබේ. සෝවියට් කඳවුර පෙරළීමට පෝල් පියුස් xii පාප් ආධාර කළේය. එතුමා ඉදිරිපත් වී පෝලන්තය සෝවියට් සංගමයෙන් ඉවතට ගත්තේය.

ඇමරිකානුවෙකුට xiv ලියෝ පාප් තනතුර ලැබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය හේතුවෙනි. ඔහුගේ තීරුබදු ප්‍රතිසංස්කරණවලට මුහුණ දීමට ලෝකයේ සියලුම රාජ්‍යන්ට සිදු විය. ඇමරිකානු කාදිනල්වරයෙකු පාප් තනතුරට පත් කරගැනීමට ඊට විසඳුමක් සේ යුරෝපයට පෙනුණි. මෙය සිදුවීම ලෝකයම දැනගන්නේ ඉරාන ඇමරිකා යුද්ධය හේතුවෙනි. ලියෝ පාප්තුමා යුද්ධය ගැන අදහස් දක්වමින් තමා ඉරානයට පක්ෂපාත බව හැඟවූයේය. ඉරාන නායකයින් ඊට සතුට ප්‍රකාශ කළ බව ඇත්තකි.

‘ලියෝ පාප්ට අපරාධ ගැන වැටහීමක් නෑ. එතුමාට ඇත්තේ පුදුමාකාර විදේශ ප්‍රතිපත්තියක්’ ඇමරිකානු ජනාධිපතිවරයා කීවේය.

‘මම ඇමරිකානු ජනාධිපතිවරයාට බය නෑ. මං කරන්නේ අපොස්තල්වරුන් කළ පරිදි ශුද්ධ වූ ආරංචිය ලොවේ පැතිරවීමයි‘ පාප් ලුවී ඊට පිළිතුරු දුන්නේය.

කොමෙයිනි පාලනය පිහිටුවන තෙක් ඉරානය ප්‍රජාතන්ත්‍රවාදී රටකි. කොමෙයිනි බලය ලැබූ සැණින් ඉරානය පුරා ආගමික ත්‍රස්තවාදය පැතිරුණි. මෙම ක්‍රියාවේ අමානුෂික ස්වභාවය වචනවලින් විස්තර කිරීමට නොපුළුවන. සරල උදාහරණ දක්වතොත් රාජ්‍ය වුවමනාවක් සඳහා හෝ ඉරානයට එන විදේශ කාන්තාවකට හිජාබය නැතිව මාර්ගයක ගමන් කිරීමට නොපුළුවන. කාම වරදක් කළ බවට චෝදනා පිට ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ඉරාන කාන්තාවෝ, හිස පමණක් ඉතිරි වන පරිදි පොළොවේ වළකට බස්සා පස් දමා සිර කර ගල් ගසා මරණයට පත් කරනු ලබති. නිදහස සෙවූ ඉරාන ජාතිකයින් අති විශාල පිරිසක් රට තුළ මරා දමනු ලැබ තිබේ.

‘ඉරානය කාන්තා හිංසනයට ලක් වේ නම් ඉරාන කාන්තාවන් කුමේනි පාලනය වෙනුවෙන් පාරට බහින්නේ ඇයිදැ’ යි ලංකාවේ ලිබරේෂන් කාන්තාවක ප්‍රශ්න කර තිබුණි. දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදී රටවල සිටි මහා උගතුන් පවා නාසි පාර්ශ්වය ගත් බව ඇය නොදන්නවා විය යුතුය. මොවුන්ට සාමාන්‍ය ජනතාවගේ මොළය වෙනස් කිරීම කජ්ජක් නොවේ.

‘බ්රේන් වොෂින්’ යන්න 1950 දී පමණ ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් වූ යෙදුමකි. සංස්කෘත සාහිත්‍යය පැහැදිලි කරන්නේ ඈත අතීතයේ ඉන්දියාවේ අධ්‍යාපන පීඨයන්හි මෙය විෂයක්ව පැවති බවයි. බුදුන්ගේ ශ්‍රාවකයෙකු බවට පත් වූ අංගුලිමාල අධ්‍යාපන ආයතනයේදී ’බ්රේන් වොෂින්’ වූ ශිෂ්‍යයෙකි. නවකවධය නමින් බොහෝ විශ්වවිද්‍යාලයන්හි කෙරෙන්නේද නවක සිසුන්ගේ මොළය කෑමකි. ඉතා පහසුවෙන් බොහෝ පුද්ගලයින්ව ‘බ්රේන් වොෂින්’ කිරීමට පුළුවන. පුද්ගලයින් සමූහයක ‘බ්රේන් වොෂින්’ කිරීමත් අපහසු වැඩක් නොවේ.

දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියාවේ පාස්ටර් ඩැනියෙල් ලෙසේගෝ ඉරිදා යාච්ඥා මෙහෙය අතර ඊට සවන් දෙන බැතිමතුන් අමතා ‘නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා’ යැයි කෑ ගසා කීවේය. එහි සිටි සියලුම බැතිමතුන් එළියට පැන බඩ පිරෙන්නට තණකොළ කන්නට වූහ. තමන්ට ‘දෙවියන්’ දර්ශනය වූ බව ඔවුන් වැඩිදෙනෙකු කියා තිබේ.

සාක්ෂරතාව යනු කිසිසේත්ම ප්‍රඥාව නොවේ. ඇතැම් ශ්‍රී ලාංකිකයන් පාප් තනතුර මැල්කම් රංජිත් කාදිනල්වරයාට ලැබෙනු ඇතැයි සිතීම සාක්ෂරතාව හා ප්‍රඥාව අතර වෙනස පැහැදිලි කරන සිද්ධියකි. කාදිනල් මැල්කම් රංජිත් කොටින්ට හිතවාදීව හැසිරීම පාප් තනතුර ලැබීමට සුදුසුකමක් නොවීය. පාප් ලුවි ඉරානයට පක්ෂව හැසිරීමත් එවැනිම ක්‍රියාවකි. එතුමා වැරදි යැයි කියන විශාල පිරිසක් යුරෝපයේ වෙසෙති. ඒ අතර ඉරාන ජාතිකයෝද සිටිති. ඉස්ලාම් ජන ව්‍යාප්තිය නිසා යුරෝපයේ රටවල් බොහෝමයක විදේශිකයන් සමග ස්වදේශිකයන් කටයුතු කරන්නේ සතුටින් නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top