පිරිමියාට වඩා ගැහැනියට එක දතක් අඩු ය යි ග්‍රීකයන් අතර විශ්වාසයක් පැවතිණි. ඇරිස්ටෝටල් මේ ඇදහීම සත්‍යයක් ය යි පිළිගෙන එය ඔහු ගේ ලේඛනවලට ද ඇතුළත් කළේ ය. ගැහැනුන් දෙ දෙනකු පාවාගෙන සිටි ඇරිස්ටෝටල් ඔවුන් ගේ කටවල් ඇර දත් පරීක්ෂා කර බලා ජනඇදහීමේ සත්‍ය-අසත්‍යතාව පරීක්ෂා නොකළේ ය. මින් වැටහෙන්නේ ඇරිස්ටෝටල් ද මෝඩ ඇදහීම් පිළිගත් අවස්ථා තිබුණු බව යි.
ඊසොප් නම් වහලකු ග්‍රීසියේ සෙමෝස් ¥පතෙහි සිටි බව ඔප්පු කිරීමට වෙහෙසෙන්නෝ, ඇරිස්ටෝටල් ගේ ලේඛනයක් උපුටා දක්වති. ඇරිස්ටෝටල් ඊසොප් පිළිබඳ ව සඳහන් කොට ඇත්තේ ඊසොප් ගැන කළ ගවේෂණයක් ඇසුරින් නො වේ. ජනප්රවාදයේ එන තොරතුරු ඇසුරිනි. එ් නිසා ඇරිස්ටෝටල් ගේ ලේඛන ඇසුරින් ‘ඊසොප් ග්‍රීසියේ විසූ නිදහස ලැබූ වහලෙක් ය යි’ තර්ක කරන්නාට, ‘දෙවියන් වහන්සේ ගැහැනිය ගේ කටේ පිරිමියාට වඩා එක දතක් අඩුවෙන් පිහිටුවා ඇතැ යි’ තර්ක කිරීමටත් පුළුවන.
ඊසොප් යනු කතාන්දර කී වහලෙක් ය යන සුප්‍රකට මතය ප්රලාපයක් බව පෙන්වා දෙන මේ කෘතිය, ඊසොප් යනු ග්‍රීසියේ සෙමෝස් ¥පතෙහි විසූ පෛතගොරස් බව සාක්කි සහිත ව පෙන්වාදෙයි. එ පමණක් නො ව චන්ද්‍ර මුඛ සිව රාජ්‍ය සමයේ සිංහල රාජ ¥තයන් විසින් ඇලෙක්සන්ද්රියාව වෙත ගෙන යන ලද ජාතක කතා ඇසුරින් ඊසොප් ගේ උපමා කතා රාශියක් නිර්මාණය කරනු ලැබ ඇති බව ද මෙයින් හෙළිදරවු කෙරේ.
ඊසොප් නිදහස දිනාගත් ග්‍රීක වහලෙක් ය යි විශ්වවිiාලයවල පටන් පාසල් දක්වා පතුරුවන මහාචාර්යවරු ලංකාවේ සිටිති. මේ කෘතිය බටහිර පුදමින් ඇත්ත යට කිරීමට වෙහෙසෙන එ බඳු උගතුන්ට කෙරෙන විවෘත අභියෝගයකි.
Books
Aesoph
පිරිමියාට වඩා ගැහැනියට එක දතක් අඩු ය යි ග්‍රීකයන් අතර විශ්වාසයක් පැවතිණි. ඇරිස්ටෝටල් මේ ඇදහීම සත්‍යයක් ය යි පිළිගෙන එය ඔහු ගේ ලේඛනවලට ද ඇතුළත් කළේ ය. ගැහැනුන් දෙ දෙනකු පාවාගෙන සිටි ඇරිස්ටෝටල් ඔවුන් ගේ කටවල් ඇර දත් පරීක්ෂා කර බලා ජනඇදහීමේ සත්‍ය-අසත්‍යතාව පරීක්ෂා නොකළේ ය.





Reviews
There are no reviews yet.