ඊජිප්තුවේ වහල් ජීවිත ගෙවූ ඊශ‍්‍රායල්වරුන්ගේ මනස අවදි කළ මෝසස්, ඔවුන් වහල්භාවයෙන් මුදවාගත් හැටි බයිබලයේ පරණ ගිවිසුමේ විස්තර කෙරේ. ‘මුන් උඹලාගේ අක්මුල් සිඳ දමා උඹලාව වහල්භාවයේ රඳවාගෙන සිටිති. අවදිවෙයල්ලා. ආත්ම ශක්තිය වඩාගෙන වහල් බවින් නිදහස් වෙයල්ලා’ මෝසස් කියයි. ඊට තරමක් සමාන කතාවක් මෙම ග‍්‍රන්ථය සිංහලයන් අමතා කියයි.
පාප්ගේ බලපත‍්‍රයෙන් රටවල් ඇල්ලීමට ගිය පෘතුගීසින් (බිස්කුවරුන්, පියවරුන් ප‍්‍රධාන සොල්දාදුවන්* පෘතුගාල රාජ්‍යයේ හැඳින්වූයේ ‘බලය පතුරුවන්නෝ’ නැතිනම් ‘දිනන්නෝ’ යන අර්ථය ඇති ‘කොන්කිස්තදෝස්’ යන නම ගෞරව නාමයෙනි. සිංහල ද්වීපයට ද කොන්කිස්තදෝස්ලා පැමිණියහ. වෙළෙන්දන් මෙන් ප‍්‍රයෝගයෙන් රටට ඇතුළු වූ ඔවුහු, සිංහල රජවරු මැරූහ. ජයවර්ධනපුර අගනුවර ප‍්‍රධාන බොහෝ නගර පිලිස්සූහ. විහාර දේවාල සියල්ල ම පාහේ කොල්ලකෑහ. රූප වන්දා කරන බෞද්ධයන් ක‍්‍රිස්තියානි කිරීම සඳහා ඉන්කියුසිසා ඕ නමැති ක‍්‍රිස්තියානි අධිකරණ පිහිටුවා අප මුතුන් මිත්තන් වධයට ලක් කළහ. කිසිම ජාත්‍යන්තර නීතියක් නැති සමයේ හැම ත‍්‍රස්ත ක‍්‍රමයක් ම භාවිත කරමින් ඔවුන්ගේ ආගම පැතිරවූහ. ඒ අතර අප මුතුන් මිත්තන්ට පරංගි නම් දුන්හ. භාෂාව දුන්හ. අප මුතුන් මිත්තන් බොහෝ දෙනෙකුට පරංගින්ගේ යටත් වැසියන් වන්නට සිදු විය.
යුරෝපීන්ගෙන් නිදහස ලැබී බොහෝ කලක් ගත වී ඇතත්, අපි තවමත් කොන්කිස්තදෝස්ලාගේ වහලූන් සේ හැසිරෙමු. කරන කියන හැම ක‍්‍රියාවකින්ම වහල් බව ප‍්‍රකාශ කරමු. එහෙත් අප ගලවා ගැනිමට මෝසස් කෙනකු පහළ වන බවක් නො පෙනේ.
පෘතුගීසින් මෙහි පැමිණීමේ පුවතේ සිට අනුරාධපුරයෙන් මතු වූ බව කියන කුරුසිය තෙක් වූ සාවද්‍ය කතාන්දරත්, එදා සිංහල දේශය කතෝලික කිරීමට භාවිත කළ ඉන්කියුසිසා ඕ (ආගමික අධිකරණය* භීෂණයත් වර්තමානයේ සිය සංස්කෘතික ආක‍්‍රමණික කටයුතු සඳහා කතෝලික පල්ලිය භාවිත කරන නව තාක්ෂණයත් ඇතුළු අප‍්‍රකට තොරතුරු සම්භාරයක් හෙළිදරව් කරන මෙම ග‍්‍රන්ථය වහල් භාවයට පත්ව ඇති සිංහල මනස අවදි කිරීම සඳහා පිළියෙල කරන ලද්දකි.
Books
Konkostidor
ඊජිප්තුවේ වහල් ජීවිත ගෙවූ ඊශ‍්‍රායල්වරුන්ගේ මනස අවදි කළ මෝසස්, ඔවුන් වහල්භාවයෙන් මුදවාගත් හැටි බයිබලයේ පරණ ගිවිසුමේ විස්තර කෙරේ. ‘මුන් උඹලාගේ අක්මුල් සිඳ දමා උඹලාව වහල්භාවයේ රඳවාගෙන සිටිති. අවදිවෙයල්ලා. ආත්ම ශක්තිය වඩාගෙන වහල් බවින් නිදහස් වෙයල්ලා’ මෝසස් කියයි. ඊට තරමක් සමාන කතාවක් මෙම ග‍්‍රන්ථය සිංහලයන් අමතා කියයි.

Reviews
There are no reviews yet.