සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

Last Updated on 4 months by admin

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය.

කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව අපි කියන්නේ එහි පටුන ලැබීමෙන් විනා පොත කියවා නොවන බවද කවුරු කවුරුත් හිතට ගන්නට  ඕනෑය. සෙනරත් ගොන්සල් කෝරාළ, කුමාර ලියනගේ, සමන්ත හේරත්, සමිත බී අටුවබැන්දෑල වැනි සම්මාන දිනූ කවිකාරයින්ගේ නම් පටුනේ නැත. ඇතුළේ ඒ භවතුන්ගේ කවි තිබේද දන්නේද නැති බව අවංකව කියන්නට  ඕනෑය. තවම අප පොත කියවා නැත. අපට කවි ගැන එච්චර දැනුමක් නැති හෙයින් ඒ කටයුත්ත ඒ ගැන විසාරද අයකුට පවරා ඇත්තෙමු.

කවි පොතේ පටුනේ කුකවියන් යැයි කියන්නට පුළුවන්කම තිබෙන අයගේ නම් පවා තිබෙද්දී ගවරමේන්තුවේ සම්මාන පවා දිනූ කවිකාර මහතුන්ගේ නම් නැත්තේ ඇයිද කියා අපගේ පුංචි මොළයට ගැටලූවක් ආය. විජේසූරිය බඳු මහතකු තමන්ගේ ටයිටල්වලට නොගැලපෙන හෙලිකොට්ටං වැඩ කරතැයි හිතන්නටද අමාරුය. නමගිය කවියන් පොත ගැන කයිවාරු ගහනු මූණු බොරුවේ දකින්නට පුළුවන්කමද තිබේ. නමුත් අපට යම් කුකුසක් ඇතිවීම අසාධාරණ නොවන බව මේ කියවන භවතුන් හිතට ගන්නවා ඇතැයි අපගේ අදහසයි. 

(ප.ලි. පොදිය හා බොරුව යනු පොතට කියන පරණ නම් බව සලකත්වා!)

3 thoughts on “සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?”

  1. පියන්කාරගේ බන්දුල ජයවීර

    අමරසිරි වික්‍රමරත්න ඉන්නවැයි ඔය මංජුසාවෙ?( මගේ පොත තාම ලැබුණේ නෑ! ඒ නිසා දන්නෑ !)

  2. සම්මාන දිනූ කවියන්ට ෆලෝවර්ස්ලා ඉන්නවද දන්නෑ. සමහර කුකවියන්ට නෙවෙන්නම් අප්පා හෙණ ගහන්න ෆලෝවර්ස්ලා ඉන්නෙ. ඉතින් මම හිතන්නෙ ඒ මහත්තයා වියදම් කරලා කළ වැඩේ පාඩුවට දුවන එකක් නෑ.

    අද කාලෙ ඉතින් මාර්කටින් නැතුව කෝමෙයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link