අනුරගෙ උක්කුං මොළේට නොතේරෙන රනිල්ගෙ ව්‍යවස්ථා ගේම – නැවතත් ලාම්පු කළගෙඩි සටනක්

Last Updated on 3 months by admin

සෑම් සෙනෙවිරත්න

අනුර පාර්ලිමේන්තුවෙදි කිව්වෙ නම් ‘රනිල්ගෙ ගේම් මොන ගේම්ද, මහින්දගෙ ගේම් තමයි ගේම්. ව්‍යවස්ථාව හැම තැනම පැහැදිලිව තියෙන හැටියට අවුරුදු 5න් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ ඕනෑ ඕනෑමයි’ කියලයි.

ජවිපෙත් මාලිමාවෙත් හුඟක් දෙනෙකුට තියෙන ලෙඬේ තමයි තමන් කියන්නෙ මොකක්ද කියල තමන්වත් දැන්නෙ නැති එක. අනුර, අන්න රනිල් ගේමට බැහැල.

22 වැනි සංශෝධනය ගැසට් කරල. මොකක්ද මේ ගැසට් එකෙන් කියන්නෙ?

‘‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (ආ) ෙඡ්දයේ ‘‘ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා’’ යන වචන වෙනුවට ‘‘ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා’’ යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.’’

දැන් අපි බලමු මොකක්ද මේ 83 වන ව්‍යවස්ථාවෙ (ආ) ඡේදය කියල.

30 (2) සහ 62 (2) වගන්තිවලින් පැවසෙන මූලික කරුණක් තමයි ජනාධිපතිවරයාගේ ධුර කාලයත් පාර්ලිමේන්තුවේ නිල කාලයත් අවුරුදු 5ක් බව.

නමුත් 83 (ආ) ඡේදයට අනුව, ව්‍යවස්ථාවේ අනික් තැන්වල කොහොම මොනවා තිබුණත්, ඒවා නොතකා හරිමින්, අවස්ථාවට ගැලපෙන පරිදි, ජනාධිපතිගෙ ධුර කාලයත් පාර්ලිමේන්තුවේ නිල කාලයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයෙන් සහ ජනමත විචාරණයකින් අනුමැතිය අරන් අවුරුදු 6කට වැඩි කාලයක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්.

දැන් මෙතන මූලිකවම මතු වන ගැටලූව තමයි ජනාධිපතිගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5ක් නම් මොකක්ද මේ 83 (ආ) අනුව්‍යවස්ථාවේ තියෙන අවුරුදු 6 කතාව. අවුරුදු 6 වැඩි කාලයක් ජනාධිපති හෝ පාර්ලිමේන්තුව හෝ දිගටම තියාගන්න අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත වීම හා ජනමත විචාරණයකින් ජනතා කැමැත්ත ගැනීම අවශ්‍යලූ.

ඒ කියන්නෙ අවුරුදු 5ට වැඩි අවුරුදු 6ට නොඩු කාලයක් එවැනි සම්මතයකින් තොරවම ඉන්න පුළුවන් කියන එකද මේ කියන්නෙ?

මට පෙනෙන්නෙ මේක ව්‍යවස්ථා සම්පාදකයන්ගෙ දුර්වලකමක්. මෙතන පරස්පර විරෝධයක් තියෙනවා. මං කලින් ලිපියකින් පෙන්නුවා නීතිය ලියලා තියෙන වචන නිවැරදිව ලියලා නැත්නම් ඒ අස්සෙන් රිංගන්න පුළුවන් බව.

රනිල් නිවැරදි කරන්න හදන බවක් කියන්නෙ මෙන්න මෙතනයි. දෙතැනම අවු. 5 කිරීම. උඩින් බැලූවම හරිම සාධාරණ වැඩක් වගේ පෙනෙන්නෙ. අවු. 6ක් ඕන නෑ අවු. 5 ඇති කියලා රනිල් ජනාධිපතිවරණය කල් දාන්න තියෙන ඉඩක් වහනවා වගේ වැඩක්නෙ මේක. ධුර කාලය ගැන අර්ථකථනයක් දෙනකල් ජනාධිපතිවරණය පැවැත්වීම නවතන නියෝග ඉල්ලලා සමහරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෙත් මේ පැලෑනෙම කොටසක් හැටියට වෙන්න පුළුවන්. විභාගයට නොගෙනම නඩු විසිවෙද්දි කට්ටියම චූන් වුනා රනිල් කම්මුතුයි කියල.

හැබැයි රනිල් ඔළුවට ගහන්න හදනවා වගේ පෙන්නලා බඩට ගහන්නයි යන්නෙ. අනුරලාට බඩපුරා ගුටි කන්න වෙයි වගේ.

22 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් රටේ අලූත් නීතියෙන් රනිල්ට පුළුවන් ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් හෝ නොපවත්වා, ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් අවුරුදු 5 නිල කාලය තව දුරටත් දීර්ඝ කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. ඒක තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත කරගෙන ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ගන්න. කෙනෙක් කියයි ඕකත් කරන්න පුළුවන් වැඩක්ද කියල. රනිල් කොහොම හරි ගේම ගහන්න බලයි.

ඇයි, ඒ වගන්තිය තිබුණ හැටියටම තිබුණා නම් එහෙම කරන්න බැරිද කියලා කෙනෙක් තර්ක කරන්නත් පුළුවන්. මං හිතන්නේ දෙතැනම අවු. 5 කිරීම රනිල්ට දෙආකාරයකින් වාසියි. එකක් සැලකිය යුතු මිනිස්සු පිරිසක් රනිල් සාධාරණව වැඩක් කළා කියලා හිතලා රනිල්ගෙ ලණුව ගිලිනවා. හුඟක් දෙනාට ව්‍යවස්ථාව වගේ බරපතල දේවල් තේරුම් ගන්න බෑ.

අනික් පැත්තෙන් දැන් වගන්ති අතර කිසි පරස්පර විරෝධයක් නැති නිසා, රනිල්ට කෙලින්ම වැඬේට බහින්න පුළුවන්. ව්‍යවස්ථාවෙ තියෙන හැටියට ධුර කාලය අවුරුදු 5යි. නමුත් 22 සංශෝධනය යටතේ, ඒ නොසලකා මෙය විශේෂ අවස්ථාවක් හැටියට සලකලා ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්, ජනාධිපතිතුමාට තව කාලයක් කරගෙන යන්න දෙන්න ඕන කියල පහුගිය කාලෙ කීපදෙනෙක්ම කිව්වත්නෙ.

ජනාධිපති ධුර කාලය විතරක් දික් කරන්න ගියොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුවේ නිල කාලයත් දීර්ඝ කරන යෝජනාවක් ගෙනාවම රනිල්ට වාසියි. ඡන්දෙකට යන්න බයේ ඉන්න මන්ත‍්‍රීලා සේරම ඕකට අත උස්සනව.

ඉඩම් ඔප්පු බෙදමින් ඊළාම්වදීන්වයි ඉස්ලාම් අන්තවාදීන්වයි සතුටු කිරීම නිසා රනිල්ට ඒ හැමෝගෙම සහයෝගය ලැබෙනව.

ඇමතිකම්වලට කෑදර පොහොට්ටුකාරයින්ගෙ ඡන්දත් රනිල්ට ලැබෙයි. ඇමතිකම් ටිකක් දික් කළාම සජිත්ගෙන් පළුවක් කඩාගන්න එක එච්චර කජ්ජක් නෙවෙයි. තලතලා එහෙම කොළ එළි පත්තු කළානෙ පහුගිය කාලෙ.

උන්හිටිගමන් සිංහල බෞද්ධයින් වෙනුවෙන් අභීතව පෙනී ඉඳිමින්, පාසල් දරුවන්ට රට ඉඳි බෙදමින්, විදුලි බිල් අඩු කරමින් රනිල් කැහැපොට ගහන්නෙ ජනාධිපතිවරණෙකට නෙවෙයි. ජනමත විචාරණයකට. ලාම්පු කළගෙඩි සටනකට.

ඉස්ලාම් අන්තවාදීනුත්, දෙමළ ඩයස්පෝරාවත් රනිල් දිනවන්න ඇති තරම් සල්ලි පොම්ප කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link