ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි

Last Updated on 3 weeks by admin

ඩේවිඩ් ඇන්තනි

Red Iconography, 1990, by Evgenii Bainkharaev.

රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී කොමියුනිස්ට්වාදයේ වැරදි කියද්දී රුසියානු ඕතඩ්‍රොක්ස් නායකයා ස්ටාලින්ට උපකාර කරන්නට වූයේය. ස්ටාලින් මොංගෝලියාවේ බුදුසසුන වනසා උපරිමයෙන් එතුමාට ආධාර කළේය. ස්ටාලින් ක්‍රිස්තියානි දේවස්ථානයේ හැදුණු මාක්ස්වාදියෙකි.

වර්තමානයේ සිදුවන රුසියානු යුක්රේන යුද්ධයේ රුසියානු හමුදාවට අධ්‍යාත්මික බලය සැපයීම රුසියානු ඕතඩ්‍රොක්ස් දේවස්ථානයේ නායක පැට්රික් ක්‍රිග් දේවගැතිතුමා සිදුකරයි. මේ නිසාම පුටින්ගේ ප්‍රතිවාදින් ක්‍රිග් දේවගැතිවරයාව විවේචනය කරන නමුදු රුසියානු බලය තහවුරු කිරිම සඳහා ක්‍රිග් දේවගැතිවරයා කටයුතු කරයි.

ස්ටාලින් මෙහෙයවු ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යපාරය බෞද්ධ විරෝධි වුවකි. චිනය වියට්නාමය කාම්බෝජය ලාඕසය වැනි රටවල බුදුසසුන් නැති කළේ ඒ රටවල් ආක්‍රමණය කළ බටහිර ජාතින් විසින් නොවේ. එය කොමියුනිස්ට්වාදය වැළඳගෙන බලයට පත්වු දේශීය නායකයින් නිසා සිදු වූවකි. මේ කාලයේ ලංකාවේ මාක්ස්වාදි නායකයෝ බෞද්ධ විරෝධින් වුහ. ජවිපෙ ඒ මාකස්වාදි ව්‍යාපාරයෙන් බිහිවුවකි. එය ලංකාවේ බුදුසසුනට කළ හානිය සුළුපටු නොවේ. තරුණ හාමුදුරුවන් මාක්ස්වාදින් කරන්ට යාම නිසා බොහෝ පන්සල් පාළු විය. තරුණ භික්ෂු සංහාරයක් සිදු විය. හිරගතවු ජවිපෙ සාමාජිකයින් අතිවිශාල පිරිසකගේ පවුල් ක්‍රිස්තියානි කල්ලිවලට හසුවිය. ගමට ක්‍රිස්තියානි කල්ලි ආවේ ජවිපෙ පවුල් ආධාරයෙනි.

ජනාධිපතිවරණයේ උණසුමත් සමග ලංකාවේ බුදුසසුනේ ද පෙරළියක් සිදුවෙමින් පවතී. හාමුදුරුවරුන් ඩැහැගැනිමට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වෙහෙස දරති. මාලිමාව ඡන්ද හිඟමනට භික්ෂුණ් වහන්සේලා ගෙන් ගෙට යවයි. පසුගිය දිනක ඔවුන් විසින් සංඝ සම්මේලයක් පවත්වන ලදි. පසුගිය කාලයේ බුදුදහමට හා බෞද්ධ සිරිත්වලට ඇට්ටි හැලෙන්ඩ නෙළූ මාලිමා නායකයෝ හොඳ උපාසක උපාසිකාවන් ලෙසින් ඊට සහභාගි වූහ.

වියවුල් වු රාජ්‍ය පාලන සමයක ජනතාවගේ මොළ අවුල්වීම ස්වභාවික සිදුවීමකි. බොහෝ හාමුදුරුවන්රුන්ගේ ද මොළ අවුල් වන බව මාලිමා සම්මේලනයේ කතා පැවැත්වු හාමුදුරුවරු පැහැදිලි කළහ.

උම්මග්ග ජාතකය ලියා ඇත්තේ මෙවැනි පරිහානියකට පත් රටවැසියන්ට ප්‍රයෝජණ ගැනිමටයි. චුලනී බ්‍රහ්මදත්ත රජු එහි ප්‍රධාන චරිතයකි. ඔහුගේ මව තලතා දේවියයි. ඇයගේ බුද්ධිය හෙළිකර දෙන කතාවක් පොතේ ඇත. ඊට අනුව එක්තරා මිනිහෙක් හාල් නැලියක් බත්මුලක් සහ මසුරන් දහසක් රැගෙන ගමනක් යයි. ගගකින් එගොඩ වන්නට යන ඔහු එක්වරම සැඩපහරට හසුවෙයි. ආපසු එන්නට හෝ ඉදිරියට යන්නට නොහැකි ඔහු කරන්නේ විලාප නැගීමයි. අවදානම නොතකා ඔහු බේරාගන්නට එක් මනුස්සයෙක් ඉදිරිපත් වෙයි.

’මාව බේරගත්තොත් අතේ තියෙන මේ දේවල්වලින් මා කැමති දෙයක් නුඹට දෙනවා ’ විපතට පත්ව සිටි අය කියයි. ඔහු ගොඩට ගෙනගිය පුද්ගලයා මසුරන් දහස ඉල්ලයි.’ මා කැමති දෙයක් දෙනවා කියලයි උඔට කිව්වෙ. බත්මුල හෝ හාල් නැලිය ගනින් ’ ඔහු කියයි. කෝලහාලයක් බවට පත්වු මෙම සිද්ධියට විසඳුමක් දීමට ඉදිරිපත්වු පහළ අධිකරන විනිසුරන්ගේද රජතුමාගේද තීන්දුව වුයේ ’මා කැමති දේ දෙනවා ’ කී නිසා දෙවැන්නා විපතට පත්ව සිටි පුද්ගලයා දුන් දේ බාරගත යුතු බවයි.

රජතුමා නඩුව විසඳන හැටි බලා සිටි තලතා දේවිය නඩුව විසඳන්න ඉදිරිපත් වෙයි. ඈ ගඟේ අතරමංව සිටි පුද්ගලයා අමතා භාණ්ඩ තුනම බිම තියන්නැයි කියයි. ඉන්පසුව ‘දැන් උඹ කැමති දෙයක් අරන් යමන්’ කියා අණ කරයි. පුද්ගලයා මසුරන් දහස අරගෙන යන්නට පිටත්වෙන විට ආපසු කැඳවා ‘ඒක නේද උඹ කැමතිම දේ. ඒක දිවිබේරාදුන් පුද්ගලයාට දීපන්’ යැයි පවසයි.

තලතා අතුකෝරල සමගි බලවේගයේ නායිකාවක වුවාය. ඇය පසුගිය දිනක සජිත් අතහැරියාය. තලතා පාර්ලිමේන්තුවේදී ගැටලුකාරි කතාවත් කළාය.

’එතකොට දැන් මොකද වෙන්නෙ? එදා හොරුන්ගේ නැව ගිලෙන විට ඒ නැවෙන් එළියට පැන්නා. හොරුන් දුෂිතයන් ඉවක් බවක් නැතිව සජබයට ගාල්වීම’ (දිවයින අගෝස්තු 22)

තලතා කියන හොරු කවුද? දිළඳු ජිවිතයක් ගෙවූ ප්‍රේමදාස පවුල කෝටිපතියෝ වී සිටිති. ප්‍රේමදාසගේ දරුවෙක් හොර නෝට්ටු සිද්ධියකට හසුවූ විට බේරගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටම හොරුන් කියන පිරිසක් සිටිති. රනිල් වික්‍රමසිංහ මහා බැංකු හොරා අර්ජුන මහේන්ද්‍රන්ගේ හිතවකාය.

තලතා අතුකෝරල විසඳුමකට කියන්නේ රනිල් හා සජිත් එක්විය යුතු බවයි. ඊට සමාන කතාවක් කියන තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ මතය රට බේරාගනීමට නම් නාමල් දිලිත් ආදි ජාතික බලවේග කණ්ඩායම් සියල්ල එක්විය යුතු බවයි. නැතිනම්. ලංකාවේ බුදු සසුනට සිදුවන්නේ මොංගෝලියාවේ බුදු සසුනට සිදුවු දේමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link