ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි

Last Updated on 9 months by admin

කාලයක් මුළුල්ලේ සංක‍්‍රමණයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ ප‍්‍රතිපත්තියක පිහිටා ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් කටයුතු කළහ. මෙය සෝවියට් සංගමය බිඳ දැමීමේ වැඩ පිළිවෙළේ කොටසකි. එය සාර්ථක වූ අතර කාලයාගේ ඇවෑමෙන් බටහිර රටවල් සියල්ලටම අර්බුදයකට මුහුණ පාන්නට සිදු විය. මේ හැම රටකම  සංක‍්‍රමණිකයන්ගේ ප‍්‍රමාණය හා  ශක්තිය වැඩිවිය. සංක‍්‍රමණිකයන්ගේ බලය බිඳින දේශපාලන ව්‍යාපාර බිහිවීම එහි ප‍්‍රතිඵලයකි. විල්ඩර්ස්,  ඕලන්දයේ බලයට පත්වීම නිදසුනකි. ස්වීඩනය, ඩෙන්මාර්කය ආදි රටවල සංක‍්‍රමණික නීති මුවහත් කිරීම තවත් නිදසුනකි. ඉතාලියේද දක්ෂිණාංශික ව්‍යාපාරය බලවත් වූයේය. පසුගිය මහා මැතිවරණයෙන් ඉතාලියේ බලය ජෝර්ජියා මෙලෝනිට ලැබුණි. ඇය ඉතාලියේ පළමුවැනි කාන්තා අගමැතිනියයි.

ඉතාලිය, දෙවන ලෝක සංග‍්‍රමය අවස්ථාවේ ජර්මනියේ හිට්ලර්ට පක්ෂව කටයුතු කළ රටකි. මුසොලිනි ඒ කාලයේ රටේ නායකයා වූයේය. වතිකානුව හිට්ලර්ට ජයග‍්‍රහණය පැතුවේය. මේ කාලයේ ‘බ‍්‍රදර්ස් ඔෆ් ඉටැලි’ (ඉතාලි සහෝදරයෝ) නමින්  දක්ශිණාංශික දේශපාලන සංවිධානයක් ඉතාලියේ බිහිවිය. එය අන්ත දක්ෂිණාංශික සංවිධානයකි. නව අගමැති ජෝර්ජියා මෙලෝනි එම සංවිධානයේ ක‍්‍රියාකාරිනියක ලෙස දේශපාලන භූමියට පැමිණියාය. ඇය යටතේ ඉතාලියේ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඈත් වේ.     

ඉතාලි භාෂාව ඉතාලි ජාතියන් සේ කතා කිරීමට නොහැකි සංක‍්‍රමණික ළමයින්ව සිනාවට ලක්කරන ඉතාලි පාසල් පොත් ගැන පැහැදිලි කරන ලිපියක් ‘අල් ජසිරාව’ ඉදිරිපත් කළාය. එයින් කියවෙන්නේ ඉතාලියට සංක‍්‍රමණය වූ ළමයා උපතින් කතෝලික වුවත් ඉතාලි සම්භවයක් ඇති ළමයෙකු මෙන් ඉතාලි භාෂාව කතා කරන්නට බැරිනම් අවමානයට ලක්වන බවයි. පසුගිය මාසයේ ඉතාලි පාර්ලිමේන්තුවට ඉතාලි සංස්කෘතික මූලය ආරක්ෂා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුයේය. සංක‍්‍රමණිකයන් නිසා පාසල්වලට විවිධ රටවලින් පැමිණි විවිධ ආගම් අදහන ළමයි එක්වෙති. පෙරදී එවැනි එක්වීම් ඉතාලි ජාතිකයෝත් අගය කළහ. අලූත් යෝජනාවෙන් කියවෙන්නේ පාසලේ ආගමික විවිධත්වය  කතෝලික ආගමට හා ඉතාලි කතෝලික සංස්කෘතියට හානියක් බවයි. ඉහත කී යෝජනාවේ පරමාර්ථය ඉතාලි සංස්කෘතික මූලයනට පහර වැදෙන අන්‍යාගමික ක‍්‍රියා අඩපණ කිරීම සහ ඉතාලියේ සම්ප‍්‍රදායික නත්තල හා ඊස්ටර් උත්සව සඳහා ළමයින් හැඩගැස්වීමයි. ඊට විරුද්ධව කටයුතු කරන පාසල් ප‍්‍රධානීන් හා ආචාර්යවරුන්ට ද`ඩුවම් කිරීමටත් මෙලෝනිගේ ආණ්ඩුව සැරසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link