Last Updated on 2 days by admin
ඩේවිඩ් ඇන්තනි

Pic. credit: srilankaguardian.org
මෙවර සිංහල අලුත් අවුරුද්ද, සිංහල සංස්කෘතිය මහත් ව්‍යසනයකට මුහුණ දෙමින් පවතින බවට සාක්කියකි. ඉතිහාසය පුරා සිංහල උරුමය ප්‍රකාශ වී ඇත්තේ සිංහල පාලකයන්ගෙනි. දොන් ජුආන් ධර්මපාල, ජයවර්ධනපුර රාජධානියේ රජවීම සිංහල උරුමය වැනසුන අවස්ථාවකි. දැන් රටේ ඊට සමාන දෙයක් සිදු වෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදියෙකි. ලංකාවේ මාක්ස්වාදීන්ට පංති මිස ආගම් නැත. ඔවුහු කිසිම භාෂාවකට ආදරයක් නොදක්වති. ඉංග්‍රීසියට නම් භයපක්ෂපාත බවක් දක්වති. ජනාධිපතිවරයා අවුරුදු චාරිත්‍ර නොකර අවුරුදු පණිවිඩයක් පමණක් නිකුත් කරමින් හැඟව්වේ, තමා අවුරුදු සිරිත් නොතකන්නකු බවයි. අගමැතිවරිය සහ ඇමති මණ්ඩලය ඊටත් එහා ගොසිණි. පාසල් ළමුන්ගේ නැටුම් සංදර්ශන, නළු නිළියන් සම්බන්ධ වන සංගීත සන්දර්ශන හා කඹ ඇදීමේ තරග ආදිය සිංහල අවුරුද්ද යැයි බොහෝ මාධ්‍යකරුවන් සිතන බවක් පෙනේ. බෞද්ධ මුලක් නැති බෞද්ධ හා සංස්කෘතික කටයුතු භාර ඇමතිවරයා කුරුවල් ජාතික උත්සවයකට සූදානම් වේ.
මාලිමා ආණ්ඩුව යටතේ රටේ සංස්කෘතිය පමණක් නොව දේශපාලන ක්රියාවලියද වෙනස් වේ. ජවිපෙ, ලෝකයේ වැඩියෙන්ම අගය කළ රට කියුබාවයි. මේ පාලකයින් ලංකාව කියුබාවක් කරන්නට හදනවා දැයි සමහරු අසති. ඒ කාලයේ ජවිපෙ, ව්‍යාප්තවාදියෙකු සේ හඳුන්වමින්, රටවැසියන් ඉන්දියාවට විරුද්ධව ඇවිස්සුවේය. ඔවුන්ගේ ව්‍යාජ දේශප්‍රේමය නිසා සිංහල තරුණ තරුණියන් අති විශාල පිරිසකට දිවි අහිමි විය. මේ ගැන විමසිලිමක් වන්නෙකුට, ඉන්දියාව ජවිපෙ විනාශ කිරීම හා යළි ගොඩනැංවීම පිටුපස සිටී දැයි සැක මතු වේ.
ඉන්දියාවේ චාරිකාවක යෙදුන අනුර දිසානායක, අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ හැසිරුනේ, ඉන්දියාවේ ආණ්ඩුකාරයෙකු විදිහට මිස ලංකාවේ නායකයා විදිහට නොවේ. ඔහුගේ දුර්වලකම ප්‍රයෝජනයට ගත් මෝදි, තමිල්නාඩුව සහ ලංකාව එකතු කිරීමේ සැලසුමක් ඇතිව ලංකාවට පැමිණියේය. ඉන්දියාව හා ලංකාව අතර ගොඩනංවන පාළම සහ තමිල්නාඩුව සහ ලංකාව අතර දුම්රිය ධාවන මාර්ගයක් හැදීම ගැන පුවත් ඉන්දියාවේ මාධ්‍යයන්හි පළ වේ. ලංකාවේ සංවාදයට ලක්වන්නේ මෝදි සහ ජනාධිපතිවරයා එකඟ වූ රහස් ගිවිසුමක් ගැනයි.
මේ කිසිවක් පිළිබඳව මාලිමා හිතවතුන්ට ගැටලුවක් නැත. රුපවාහිනී නාළිකාවක් පැවැත්වූ සංවාදයකට සහභාගි වූ ජවිපෙ මන්ත්‍රිවරියක්, තමා ගිවිසුම දුටු බව කියා ඊට මොහොතකට පසු තමා එය නොදැක්ක බව පිළිගනිමින්, ‘අපි නායකයින් කියන දේ විශ්වාස කරනවා’ යැයි කීවාය.
අනුර මෝදි ගිවිසුම නිසා ඉන්දියාව හා සමානම බලවතෙකු වන චීනය කලබල වී සිටීම, සිද්ධියේ බරපතලකම පැහැදිලි කරයි. ඔවුන් බංගාලි දේශය සමග ගිවිසුම් ගණනාවක් ඇති කරගෙන ඇත. චීනය, බංගාලි දේශය හරහා ඉන්දියානු සාගරයට පිවීසිමේ අලුත් මාවතක් හැදීම එහි කොටසකි. බංගාලින්ගේ මොන්ග්ලා වරාය දියුණු කරමින් බෙංගාල බොක්කේ බල ව්‍යාප්තියකට ඔවුන් සැරසෙන බවක් පෙනේ.
ඉන්දියාවට හිතවත්ව සිටි ෂයික් හසීනාට ආපසු බංගාලි දේශයට යන්නට නොහැකි බවක් පෙනෙන්නට තිබේ. මීට වසර ගණනාවකට පෙර චීන හමුදාවට හසු නොවී ඉන්දියාවට පලා ආ දලයි ලාමා තවමත් ඉන්දියාවේ වෙසෙයි. පකිස්ථානයේ සිට බංගාලි දේශය දක්වා ආර්ථික ප්රාකාරයක් බැඳීමට චීනයට හැකි වී තිබේ. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ, බංගාලි දේශය සහ චීනය අතර ඇති කරගත් ගිවිසුම් සමූහයයි. එම නිසා බංගාලි දේශය තමන් වෙත දිනාගැනීම ඉන්දියාවට පහසු නැත. මේ පසුබිමේ ඉන්දියාවට ඇති හොඳම විකල්පය ලංකාවේ නායකයා පාලනය කිරීමයි. එසේ වුවහොත් මැදහත් ප්‍රතිපත්තිය නැති වී, ලංකාව, බලවතුන් දෙදෙනා ගැටෙන රණභූමියක් විය හැක.
ඉන්දියාවේ උතුරේ බලය පිහිටුවා ගෙන සිටින නරේන්ද්‍ර මෝදිට දකුණු ඉන්දියාවේ ඇත්තේ අඩු බලයකි. තමිල්නාඩුව, බීජේපීයට කැමති නැත. ඔවුහු, ඉස්ලාම් දේවස්ථාන පාලනය කෙරෙන මෝදිගේ ‘වක්ෆ්’ පනතට Waqf (Amendment) Bill 2024 විරුද්ධව කටයුතු කරති. අලුතින් දේශපාලන පක්ෂයක් හැදූ චිත්‍රපට නළු විජයන්, ‘වක්ෆ්’ පනතට විරුද්ධව උසාවි යන්නට සැරසේ.
මෙහිදී මෝදිට තමිල්නාඩු මහජනයා දිනාගැනීමට සිදු වේ. ඊට හොඳම මඟ තමිල්නාඩුවට ලංකාව ගැට ගසා දැමීමයි. එවිට නාඩුවේ ධීවරයන්ට ලංකාවේ මුහුද ඔවුන්ගේ කරගන්නට පුළුවන. එහි ව්‍යාපාරිකයන්ට ලංකාව හොඳ වෙළෙඳපොලකි. නාඩුවේ වැසියාට ලංකාවේ රැකියා කිරීමට පුළුවන. කලක සිට සිංහල හින්දු අවුරුද්දක් ගැන කියමින් සිංහලයන්ගේ මොළ තැලූ මාධ්‍යකරුවන් මෙවර කියන්නේ සිංහල දෙමළ අවුරුද්දක් ගැනයි. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මෙන්ම තමිල්නාඩුවේත් අවුරුදු උත්සවයක් පැවැත්වේ. පුතන්ඩු නමින් හැඳින්වෙන දිනය, ඉන්ද්‍ර දේවියා පෘථිවියට පැමිණි දිනය බව හින්දු බැතිමතුන්ගේ මතයයි. (Puthandu, Puthuvarsham or Varusha Pirappu) නමුත් සිංහල දෙමළ අවුරුද්දක් තමිල්නාඩුවේ නොපැවත්වේ.
තමිල්නාඩුවේ ස්ටාලින්ගේ පක්ෂය බීජේපීයට විරුද්ධව කටයුතු කරයි. ඒ වාතාවරණය යටතේ නරේන්ද්‍ර මෝදිට උපකාර ලබාගත හැකි ලොකුම බලවේගය දෙමළ ඩයස්පෝරාවයි. මාලිමා ආණ්ඩුව පිහිටුවීමට දෙමළ ඩයස්පෝරාව වෙහෙසුන බව නොදන්නවා නම්, ඒ මාලිමාවට ඡන්දය දුන් සිංහලයන් පමණකි. මාලිමාවට හිතවත් සිංහල ඩයස්පෝරාවක් ඇති නමුදු එය අඳබාලයන්ගේ සංවිධානයකි. දෙමළ ඩයස්පෝරාවට අලගු තබන්නට වත් හැකියාවක් නැත්තකි.
අතීතයේ සිට භාරතයේ රාජධානි සහ සිංහල රාජධානිය අතර සබඳතා පැවතුණි. සිංහලයන් භාරතයේ රාජවංශිකයන්ට සිංහල සිංහාසනය භාරදුන් අවස්ථා තිබුණි. ඊට ප්‍රධාන වූයේ බුදු දහමයි. ලංකාවට පැමිණි නරේන්ද්‍ර මෝදි බෞද්ධ නායකයෙකු සේ පෙනී සිටියේ ඉතිහාසය ගැන දැනුමෙනි. ඒ දැනුමෙන් බිඳක් වත් මාලිමා නායකයින්ට ඇති බවක් නොපෙනේ. ඔවුන් දේදුනු සංස්කෘතියක් හදන්නට වෙහෙසීම ඊට සාක්කියකි. මේ නිසා වැඩි කල් නොගොස් මාලිමාවට විරුද්ධව සිංහල ජනමතයක් ඇති වන බව ඉන්දියාවට වැටහේ. එවිට බිහි වන නායකයා චීනයට නොව ඉන්දියාවට පක්ෂ අයෙකු කරගැනීමට ඉන්දියාවට වුවමනා වී තිබේ.