ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

Last Updated on 1 month by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Pic. Credit: u/unhappykittens/reddit

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි.

අතීතයේදී කඹය කඩාගෙන ගොස් අහල පහළ කොටු අරටුවල වගාකර ඇති එළවළු කා දැම්මත්, දැන් එසේ නොකරන්නේ අලුතින් ඉගෙන ගත් විනයක් නිසා නොව අයිතිකරුවාගේ කඹයේ ශක්තිමත්භාවය නිසයි.

මේ ගව රෑනට ස්වේච්ඡාවෙන් එක්වී තණකොළ කෑමට හිටපු පොලිස් හා හමුදා නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ පරිපාලන තනතුරු දැරූ පුද්ගලයින් පවා එක්වීම පුදුම විය යුතු දෙයක් නෙවෙයි. අනික් අතට මේ නිලධාරි අතර රටට ජනතාවට විපත් කළ කී දෙනෙක් නම් ඇතිද? රට මෙතනට ඇද වැටුන එකට රාජ්‍ය සේවයත් තදින් වගකියන්න ඕන.

හේතු ප්‍රත්‍යය වශයෙන් ගෙන අධ්‍යායනය කළ විට සමාජ විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව හෝ නිගමනයකට ඒමට හැකි සංකල්පයක් අප විසින් හඳුන්වා දී ඇත. එය සැබෑ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක මහඟු ප්‍රතිඵලයක්. ඉදිරි පර්යේෂණ සඳහා මෙවළමක්.

සමාජයක කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවත් (රජාගේ සිට හිඟන්නා දක්වා) දැඩි පුද්ගල අනාරක්ෂිතභාවයකින් පෙළෙන විට සාමූහික ක්‍රියාදාමයකට ඔවුන් පෙළඹෙන්නේ අනාරක්ෂිතභාවයෙන් මිදීමේ පරමාර්ථයෙන්.

ලෝක ඉතිහාසයේ යුද්ධවල සිට විප්ලව දක්වා සාමූහික ක්‍රියා පසුපස අභිප්‍රේරණ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වූයේ මේ කියන සාමූහික අනාරක්ෂිතභාවයයි

ඇතැම් යුද්ධ “සාර්ථක” වූවා සේම ඇතැම් විප්ලවත් සාර්ථක වුණා.

එහෙත් ඒ කොතැනකදීවත් සාමූහික විඥානයක් ගොඩනගා ගැනීමට තරම් බුද්ධි ප්‍රවාහයක් යුද්ධය තුළින් හෝ විප්ලවය තුළින් ඉදිරියට ගලා ආවේ නැහැ.

ජීවමාන උදාහරණයක් නම් රුසියානු විප්ලවයෙන් පසු ජෝසප් ස්ටාලින් පෙළුණු දැඩි පුද්ගලික අනාරක්ෂිතභාවයයි

ලෙනින්ගෙන් පසු සෝවියට් දේශයේ නායකත්වයට පත්වුණු ස්ටාලින්
අනාරක්ෂිත භාවයෙන් මිදීමේ උපක්‍රමය ලෙස භාවිතා කළේ බුද්ධිමත් දේශපාලනඥයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිව මෙක්සිකෝවේදී ඝාතනය කරවීමයි.

ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේත් මෙවැනි සිද්ධි තිබෙන බව විමසුම් ඇසින් බැලුවොත් පෙනේවි. එය වෙනම ලිපියකට මාතෘකාවක්.

අපේ රට පාලනය කළ ඇතැම් නායකයින් ඇත්ත වශයෙන්ම ස්වාධීන නායකයින් නොව ලෝක බලවතුන්ගේ හා පල්ලියේ රැහැන බෙල්ල වටේ බඳිනු ලදුව කඹේ දුර ප්‍රමාණයේ සිට තණකෑ ගවයින් පිරිසක් බව ඉඳුරාම පැවසිය යුතුයි.

පෙර සඳහන් කළ හිටපු රාජ්‍ය නිලධාරින් සහ හිටපු හමුදා නිලධාරින් මේ කරණම ගහන්නේ රට ගොඩගන්න නොව තම පැවැත්ම සඳහායි. අනාරක්ෂිතභාවයෙන් මිදීමේ උපක්‍රමයක් ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link