Last Updated on 9 months by admin
මෙය සිදු වූයේ වර්ෂ 1971 කේ මැදභාගයේදී.
ඉමදුව ( මගේ ගමට අල්ලපු ගමේ) ඉතා හොඳ මහත්මයෙකි, දයා එදිරිසිංහ. ඔහුගේ පියාත් මා හොඳින් දන්නා අයෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කළ දිනවල මා ද කොළඹ විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්වරයෙකු වශයෙන්සේවය කළා.
දයා එදිරිසිංහ මහතා තම පියාත් සමග පාමංකඩ ශ්‍රී මහා විහාරයට අවුදින් ඔහු ගෙදරින් යෑමට පෙර වේල් පිරිතක් කියාගැනීමට අවශ්‍ය බවත් තම ඥාති හිමි නමකුත් වඩින බවත් කීවා.
මම මා දන්නා හඳුනන එඩ්වඩ් පෙරේරා මහතාත් සමග ඒ සඳහා ගියේ දයා ඔහුවද දැන සිටි නිසයි.
පිරිතට දයාගේ මාමා වන වයසක හිමියෝත් දැනට කරාපිටියේ විහාරේ අධිපති මගේ වයසේම හිමි නමක් වතුරවෙල සුධම්ම හිමිත් වැඩමකර සිටියා.
දයා හා මා සමග එකට ආචාර්ය මණ්ඩලයේ වැඩ කටයුතු කළ සමාජ අධ්‍යයන අංගයේ වසන්ත රාජා හා ඉතිහාස අංශයේ කථිකාචාය කුරේ (ඔහු කතෝලිකයෙක්) පැමිණ සිටියා.
දයා හා දෙමාපියන් ඇතුළු පිරිස ඉතා ඕනෑ කමින් හා ශ්‍රද්ධාවෙන් පිරිත් අසා සිටියා. කුරේ හා වසන්ත පිරිත අවසන් වන විට රතුපාට බාර්ලි බෝතල කීපයක් හා වීදුරු කීපයකට දමන ලද ගිලන්පස පූජා කළා.
ඒ ගිලන්පස පිළියළ කළ හැටි හොඳින් නිරීක්ෂණය කළ එඩ්වඩ් මා ඉදිරියේ සිට අතින් සංඥාවක් කළා බොන්න එපා කියා. එවිටත් අනික් දෙනම කටේ තබා වෙනස දැන බීවේ නෑ.
මේ ගැන දයාවත් පවුලේ අයවත් දැන සිටියේ නැහැ.
මේ පිළිබඳ සමාජ විද්‍යාංගයේ මහාචාර්යව සිටි ජයසූරිය මැතිතුමා, කුමාරි ජයවර්ධන මැතිනිය, ඉතිහාස අංශයේ රත්නායක මහතා හා ඇම්.බී. ආරියපාල මහතා හා ජේ. බී. දිසානායක මැතිතුමා දැනුවත් කළා.
එයින් කවුරු හරි දයාට මේ ගැන ලංඩනයට ලියා ඔහු මහත් කම්පනයට පත්ව සමාව ඉල්ලා ලිපි එවා තිබුණා.
එදා එඩ්වඩ් පෙරේරා මහතා මාව ආරක්ෂා කළා. ශාසනය ආරක්ෂා කළා.