කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම

Last Updated on 8 months by admin

SLVlog එකට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ.

බිෂොප් ඔස්වර්ල්ඩ් ගෝමිස් 2005දී මහින්දට බලයට එන්න උදව් කරන කාලයේදි, SLVlog එළියට වඩින්නේ වතිකානුවේ හොරණෑවක් වන රෝමයේ World Vision (Rooted in the Love of Christ) එකේ අධීක්ෂණය යටතේ.

ඉතාලියේ සිට විකාශනය වුණු සිංහලකමට සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය “ශ්‍රී” නාළිකාව පවා ආරම්භ කළ පුද්ගලයාගෙන් උදුරාගෙන උතුරේ ත්‍රස්තවාදී යුද්ධය සාධාරණීකරණය කරන්න ගත් දීන උත්සාහය පිටුපස ලංකා කතෝලික සභාව සිටි බව සැක කරන්න සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා.

2005 සිට 2009 දක්වා කාලය තුළ වතිකානුවේ පුහුණුව ලබමින් සිටි මැල්කම් රංජිත් හා SLVlog (දර්ශන හඳුන්ගොඩ, බෲනෝ වැන්නන්) අතර සෘජු සම්බන්ධතාවයක් පැවතුනාද යන්න සැක කරනවට වඩා උතුරේ කොටි ත්‍රස්තවාදය සාධාරණ බව බටහිර ලෝකයට ඒත්තු ගැන්වීමට වතිකානුව ගත් දුබල උත්සාහය ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ සමාජ යථාර්ථයක් බවට පත්කරලීමේ පහත් මට්ටමේ ප්‍රචාරක වැඩපිළිවෙළට SLVlog කොන්දේසි විරහිතව සහයෝගය දුන්න බව පිළිගැනීම යුක්ති යුක්තයි.

දර්ශන හඳුන්ගොඩ යනු ඉතාමත් දක්ෂ Youtube වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. 71 අරගලය සඳහා බෝම්බ සෑදූ පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන්ද ලේඛකයෙක් වශයෙන් අති දක්ෂ පුද්ගලයෙක් වී සිටියා. ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීම සඳහා කතෝලික පල්ලිය නිරන්තරයෙන්ම තෝරාගත්තේ අති දක්ෂ පුවත්පත් කලාවේදීන්, මාධ්‍යවේදීන්, ගීත රචකයින් හා විශිෂ්ඨ ගණයේ රංගන ශිල්පීන්.

SLVlog එක දර්ශන හඳුන්ගොඩගෙන් මිළදී ගන්නා බෲනෝ හා ඔහුගේ දියණිය අභිෂේකා ඉදිරියේ ඇති අභියෝගය හඳුන්ගොඩ මුහුණ දුන් තත්ත්වයට වඩා ඉතාමත් සංකීර්ණයි.

2005 සිට හඳුන්ගොඩට පැවරී තිබුණු රාජකාරිය වූයේ මහින්ද රාජපක්ෂගේ හා පොදුවේ රාජපක්ෂලාගේ තේජෝ බල පරාක්‍රමය ලොවට ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා මහින්ද ඇතුළු සියලුම ඥාතීන්ගේ හොරකම් හා තක්කඩිකම් ආරක්ෂා කර දී, ඔටුන්න හිමි නාමල් කුමාරයාට අනාගතයේදී රජවීමට අවශ්‍ය දේශපාලන ගමන් මග සකස් කර දීමයි.

බැසිල් නම් හොර දෙටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා “පොහොට්ටු මගුල” අටවාගත් මොහොතේ සිට එහි මහත්ඵල මහානිශංස මැතිවරණ “ජයග්‍රහණ” තුළින් පවා තහවුරු කළ අන්දම පණ පොවමින් විස්තර කළේ දර්ශන හඳුන්ගොඩයි.

2019 දී ගෝඨාභයව බලයට පත් කළ යුතු බව මුලින්ම තීරණය කළේ මහජනතාව නොව කාදිනල් මැල්කම් රංජිත්. CIA එක විසින් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවූ MCC ගිවිසුම පල දැරීමට නම් ගෝඨාභය වැනි දුබලයෙකු පත් කර ගැනීම අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හතුරන් දැන සිටියා පමණක් නොව පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර ගෝඨාභයට බලයට පත්වීමට එම ම්ලේච්ඡ ක්‍රියාදාමය යොදා ගැනීමට තරම් පහත් තත්ත්වයකට පල්ලිය ඇද වැටුණා.

බලාපොරොත්තු වුණු අන්දමට ගෝඨාභයගේ නහය විදින්න පල්ලියට බැරිවුණු නිසා, අරාබි වසන්තය ලංකාවට හඳුන්වා දෙන බව මැල්කම් රංජිත් ප්‍රසිද්ධියේම කීවා.

ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆිව ඝාතනය කළේ ඇමරිකානු CIA එක. # Gota Go Home 22 අරගලයේ පැතුම් කර්නර්, දඹුල්ලේ යොහාන්, ජීවන්ත පියතුමා ආදීන් ලවා අරාබි වසන්තය ගාලුමුවදොරට හඳුන්වාදී බලාපොරොත්තු වූයේ ගෝඨාභයව බලෙන් පහකර දැමීම පමණක් නොව ඔහුව කෲර අන්දමින් කපා කොටා ඝාතනය කිරීමටයි.

උතුරේ දමිළ ජනතාවට වෙනම කතෝලික රාජ්‍යයක් ලබාදීමට පල්ලිය විසින් දී තිබුණු පොරොන්දුව සුනු විසුණු වූයේ මහින්ද යුද්ධය නතර කරන්න කියා ගෝඨාභයට මොනතරම් බලපෑම් කළත් ඔහු සරත් ෆොන්සේකා සමඟ යුද්ධය අවසන් වෙනතුරුම එක්ව කටයුතු කිරීම නිසයි.

2006 දෙසැම්බර් පළමුවෙනිදා ගෝඨාභයව මරා දැමීම සඳහා එල්ටීටීඊ ත්‍රස්තයින් ගත් උත්සාහය පිටුපස මහින්ද රාජපක්ෂගේ පවුලේ උදවියම සිටින බවට සැකයක් මහින්ද රාජපක්ෂට පවා දැනී තිබුණා. ගෝඨාභයව මරා දැමීමට පිත්තල හන්දියේදී කළ උත්සාහය මෙන්ම 2022දී ගත් උත්සාහයත් ව්‍යර්ථ වූයේ, එය රටට යහපත් පාලනයක් ගෙන ඒමට කළ සාධනීය ප්‍රයත්නයක් නොවූ නිසාත්, උතුරේ දෙමළ ක්‍රිස්තියානි රාජ්‍යය පිළිබඳ සිහිනය බොඳව යාම නිසාත්, ත්‍රස්තවාදී යුද්ධයෙන් බැරිවුණු දෙය රටේ පාලකයාගේ නහය විද හෝ ලබා ගැනීමට ගත් වංක උත්සාහ‍යත් නිසයි.

උතුරේ දමිළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ජාත්‍යන්තර පල්ලිය, ඉන්දියාව හා බටහිර රටවල් ඇතුළු සියලුම විදේශීය බලවේගයන් ගෝඨාභයව බලයට ගෙන ඒම සඳහා මෙන්ම ඔහුව නෙරපා දැමීමට ගත් ක්‍රියාමාර්ගයම NPP/JVP බලයට පත් කිරීම සඳහා යොදාගෙන ඇති බව සක්සුදක් සේ පැහැදිලියි.

දූෂිත පොහොට්ටුකාරයින්ට ආවඩමින් උන්ගේ සොරකම් ආරක්ෂා කරමින් SLVlog කාරයින් ඉටු කළ කොන්ත්‍රාත්තුව අදටත් සක්‍රීය බව කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉරණම පිළිබඳව ප්‍රීති ඝෝෂා නගමින් අභිෂේකාගේද සහභාගිත්වය ඇතුව දිනකට ඉහතදී කෙරුණු සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක ගැන වර්ණනාත්මක මුඛයෙන් කතා කිරීම තුළින්ම පැහැදිලි වෙනවා.

YouTube සංස්කෘතිය ශ්‍රී ලංකාවේ තරම් පහත් තත්ත්වයට වැටුණු රටක් ලෝකයේ කොහේවත් නැත.

වසර දහස් ගණනක් ගෙවී ගිය පසුවත්, මිනිසුන් අතර නොනැසී පවතින්න ගණිකා වෘත්තියට හැකි වුණත්, ශ්‍රී ලංකාවේ YouTube කලාව අතිශයින් බංකොලොත් වාණිජ පරමාර්ථයන් තුළ සිරවී ඇති නිසා එහි අනාගතය කුමක් විය හැකිදැයි කුකුසක් ජනතාවට ඇත.

මෙයට මූලික වශයෙන් බලපා ඇත්තේ දේශපාලනය මඩ ගොහොරුවක් කළ හොර තක්කඩි රැළම YouTube සංස්කෘතියේ ද නියමුවන් බවට පත් වී සිටීමයි.

දේශපාලනය නිසා විනාශ වුණ බොහෝ සමාජ සංස්ථා අතර සමාජ මාධ්‍ය ජාලාද කැපී පෙනෙනවා.

සමාජ විරෝධී සියලුම බලවේග ඒකාරාශී වෙමින් සිටින බව දැන් දැන් පෙනෙන්නට තිබෙනවා. ළඟ ළඟම එන දේශපාලන සුනාමියක් ඉදිරියේ මොවුන් සියලු දෙනාම ගසාගෙන යන තත්ත්වයක් ඇති නොවේයයි සිතීම උගහටයි.

මේ කියන සුනාමිය NPP නොවන්නේ, NPP එකේ ඉරණමත් SLPP  එකේ ඉරණමත් දෙකම එකක් වන නිසයි. ඉතිහාසය විසින් දෙන පිළිතුර දෙස උපේක්ෂාවෙන් බලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link