Last Updated on 19 hours by admin

ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි
සිංහල රජවරු දන්ත ධාතු ප්‍රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු හේතුවෙනි. සුනිල් සෙනවි බෞද්ධ මුලක් ඇත්තෙකු නොවේ. ඔහු භික්ෂුන් වහන්සේට බොරු කියා කන්කසන්තුරේ තිස්ස විහාරයේ පින්කමට සහභාගි වීමෙන් වැළකුණ අයුරු මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබුණි. ඇමති මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයාත් අබෞද්ධයකු යැයි විමල් වීරවංශ කීවේය. තිස්ස විහාරයේ පිංකම කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයට ආණ්ඩුව සම්බන්ධ යැයි ජනතාව චෝදනා කරති.
මෙවැනි දෙබිඩි වැඩ සැලකිල්ලට ගත් විට, ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වුවත් මෙවැනි නායකයින්ට බුදු සසුන කෙරෙහි ඇල්මක් ඇතැයි සිතිය නොහැක. ඔවුන් දන්ත ධාතු ප්‍රදර්ශනයකට උනන්දු වූයේ ළඟ එන පළාත් පාලන මැතිවරණය දිනීමේ අරමුණෙනි. පළාත් පාලන මැතිවරණය, ඔවුන්ගේ බලය තාමත් රටේ පවතිනවාද නැද්ද යන්න පැහැදිලි කර දෙයි. දළදා ප්‍රදර්ශනය සංවිධානයේ ඇති දුර්වලතා විවේචනය කරන ජනතාව, ඡන්ද බලාගෙන දළදා ප්‍රදර්ශනය පැවැත්වීමේ විපාක ආණ්ඩුවට විඳින්නට සිදු වනු ඇතැයි කියති.
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට පළාත් පාලන මැතිවරණය ජයගැනීමට අපහසු වෙතොත් ඊට ප්‍රධාන හේතුව සජිත් ප්‍රේමදාසගේ දුබලකමයි. බෞද්ධ කටයුතුවල යෙදෙන නමුත් ඔහු ‘බෝන් එගේන්කාරයෙකු’ යයි පිළිගැනීමක් බෞද්ධයන් අතර පවතී. රොබට් නොක්ස් කියා ඇත්තේ සිංහලයා බොරු කියන ජාතියක් බවයි. එහි ඇත්තක් තිබේ. මාලිමාව නිදසුනකට ගනිතොත් එහි නායකයෝ ලැජ්ජාවක් නැතිව බොරු කියති. ඒ බොරු අසමින් අප්පුඩි ගසා හුරේ දැමීම ඇතැම් සිංහලයන්ගේ ස්වභාවයයි.
දන්ත ධාතු ප්‍රදර්ශනය බොහෝ අන්‍යාගමික සංවිධානවලට හොඳ පර්යේෂණයකි. සිංහල බෞද්ධයින් දන්ත ධාතුවට දක්වන භක්තිය මැන ගැනීමට ඔවුන්ට අවස්ථාවකි. මෙයින් තරුණ තරුණියන්ගේ බෞද්ධ හැඟීම දැනගැනීමටද ඔවුන්ට පුළුවන. ධාතු වැඳීමට එන සැදැහැවතුන්ට ඉස්ලාම් මස්ජිඩ ඇතුළු නොයෙක් අබෞද්ධ සංවිධානවලින් උපකාර කරන හැටි රූපවාහිනී නාළිකාවලින් ප්‍රදර්ශනය කෙරුණි. මේත් සිංහල බෞද්ධයා රැවැට්ටීමකි. ඊට හේතුව උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල බෞද්ධ උරුමය ඉවත් කිරීමේ ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවිනි.
සැදැහැවතුන් පෝලිම්වල රස්තියාදු කිරීම සහ සමහරුන්ට හොර පාරෙන් ධාතු වන්දනාවට ඉඩ ලබාදීම වන්දනාවට ආ බෞද්ධයන්ගේ සිතේ කළකිරීමක් ඇති කරවීමට සමත් විය. පසුගිය කාලයේ දළදා වහන්සේ පිළිබඳ නොයෙක් අසික්කිත ඡායාරූප හා සටහන් මැටාහි පළ විය. මේ හැම ක්‍රියාවකින්ම බෞද්ධ බලය දුර්වල වේ.
වනාන්තරයේ විවිධ සත්ව වර්ග වෙසෙති. සමහර සත්තු ජීවත් වන්නේ වෙනත් සතුන්ගේ මස් කෑමෙනි. මස් නොකන සත්තුත් වනාන්තරයේ සිටිති. නරියා මාංශ භක්ෂකයෙකි. හාවා කොළ වර්ග පමණක් ආහාරයට ගනියි. මස් බුදින හා නොබුදින සතුන් එකම ස්ථානයේ බොහොම සුහදව ජීවත් වූ හැටි කියැවෙන කතා ජාතක පොතේ තිබේ. සැබෑ ලෝකයේ නොසිදු වන මෙවැනි කතා ඉදිරිපත් කරමින් ජාතක කතාවලට අවමාන කරන්නෝ සිටිති. මෑතකදී ආචාර්යවරියක්, ගුත්තිල පඬිවරයාට උපකාර කළේ යයි යුටියුබ් නාළිකාවකින් ශක්‍රයාටත් දොස් කීවාය.
පැරණි භාරතය නූතන ඉන්දියාවට වඩා වෙනස්, විශාල භූමි තලයකි. එහි විවිධ භාෂා කතා කළ නොයෙක් ගෝත්‍රවලට අයත් මිනිස් සමාජ දහස් ගණනක් පැවතුණි. ඔවුන්ට ආරාවුල්වලින් තොරව සාමයෙන් ජීවත් වන හැටි ඉගැන්වීම සමගියෙන් ජීවත් වන සතුන් පිළිබඳ බණකතා ඉදිරිපත් කිරීමේ මූලික පරමාර්ථය වූයේය.
හාවුන් මරාගෙන කෑමෙන් නරියාගේ සිරුර පෝෂණය වේ. ශක්තිමත් වේ. කොතරම් හාවුන් කෑවත් නරියාට හාවාගේ ගති නොලැබේ. ඌ මිය යන්නේ තණකොළ නොකන මස් කන සතෙකු හැටියටයි. සංස්කෘතික ආක්‍රමණයෙන් සිදුවන්නේත් මීට සමාන දෙයකි. දුබල සංස්කෘතිය ප්රචණ්ඩ සංස්කෘතියේ ගොදුරක් වේ. ගොදුර නිසා ප්රචණ්ඩ සංස්කෘතිය පෝෂණය වේ. වර්ධනය වේ. දුබල සංස්කෘතිය ප්රචණ්ඩ සංස්කෘතියට ජීර්ණය වී යයි. බුදු දහම අවිහිංසාවාදී ආගමකි. එම නිසා බෞද්ධ සංස්කෘතිය ප්රචණ්ඩ සංස්කෘතියක් නොවීය. අරාබි ඉස්ලාම් හමුදා එසේ නොවේ. අතිශයින් ප්‍රචණ්ඩකාරී වූ ඔවුන් අරාබිය ශුද්ධ කර තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් අල්ලා ගත්තේ ප්රචණ්ඩත්වය වපුරමිනි. ඒවා ඉස්ලාම් රටවල් වී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය හප කර උරා බීගෙනයි. මස්ජිඩය වටා මිනරත් තැනීම සුළු නිදසුනකි. බෞද්ධ විහාරවල මිනරත් හතරක් පැවතුනේ සතර වරම් දෙවිවරුන් වෙනුවෙනි.

අතීතයේ වෙහෙරක් වටා ඉදිකෙරැණු මිනරත්
පෘතුගීසින් යටත් කරගත් ලංකාවෙහිද සංස්කෘතික කොල්ලය සිදු විය. දරුවකු අතට ගත් තාරා බෝසත්වරිය වෙනුවට දරුවකු අතට ගත් මරියා වන්දනාව පැතිරීම නිදසුනකි. බයිබලයට අනුව මරියතුමියට පිරිමි පුතුන් සිවු දෙනෙකි. දුවරුද සිටියහ. (“ජාකොබ් ජෝසෙප් ජුදස් සිමොන් යන අයගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේද?” මාක් 6: 3) මීට දින කිහිපයකට ඉහත මීගමුව කිඹුලාපිටිය දේවස්ථානය ( kimbulapitiya Parish) මහ සිකුරාදා තුන් පැය ධ්‍යාන වැඩසටහනක් පැවැත්වීය.
ධ්‍යාන යනු දැක්කාගෙන යාම නොවේ. කිසිවෙකුට කිසිම පුද්ගලයෙකු පස්සෙන් යාමෙන් ධ්‍යානයට සමවැදිය නොහැක.
Man can directly connect with Existence: It need not be through an agent: In fact it cannot be through a mediator – Osho
චීනයට බුදු දහම ගිය පසු, චීන වැසියන් ‘චාන්’ යැයි කීවේ ධ්‍යානයටයි. ධ්‍යාන, ජපන් වහරට ‘සෙන්’ වූයේය.
නරියාගේ ශරීරය පරීක්ෂා කර ඌ ජීර්ණ කරගත් හාවා සොයා ගැනීමට නොහැකිය. නරියාගේ ඇඟේ දුවන්නේ නරි ලේ මිස හාවාගේ ලේ නොවේ. සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ බෞද්ධ උරුමයත් එබඳුය. එය ආක්‍රමණිකයාට ජීර්ණ වේ. ප්‍රඥාව ඇති යමෙකු මේ ගැන කියන විට එම පුද්ගලයා අපරාධකරුවෙකු කිරීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙති. ඔහු හෝ ඇය සංහිඳියාවට බාධා කරන්නෙකු ලෙසින් සලකා අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමටත් පුළුවන.
සත්‍යය සියුමැලිය. බොරුව ගොරහැඩිය. ශක්තිමත්ය. ගොරහැඩි ශක්තිමත් බොරුවට සියුමැලි සත්‍යය චප්ප කිරීමට පුළුවන.