ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්

Last Updated on 5 hours by admin

(ඡායාරූපය මුහුණු පොතෙනි. මෙය පළ කරන්නේ අනතුරේ ස්වභාවය අවධාරණය කිරීමටයි.)

රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්‍ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්‍යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු බැණුමට ලක් වන අපරාධයකි. මේ අතර සංවිධානාත්මක මිනීමරුම් පෙර වසරට සාපේක්ෂව විශාල වැඩිවීමක් නැති බව පොලිසියේ මතයයි. බලය දෙන්නේ නම් පාතාලය මර්දනය කිරීම කජ්ජක් නොවන බවට කයිවාරු ගැසූවන්ට දැන් ඒ කතා මතක නැති ගානය. ආණ්ඩුවේ ලෙඩේ ආණ්ඩුව පත් කළ පොලිස් ලොක්කන්ටත් තියෙන හැඩකි. යුද්ධය නිමා කිරීමට දායක වූ ගෝඨාභය ඒ කාලයේ පැවසුවේ, පාතාල මර්දනය ඉතා අසීරුවෙන් කරගෙන යන කාර්යයක් බවයි. ඒ, පාතාලයේ බූවලු අඬු පිළිබඳ දැනුමක් ඇතිව සිටි නිසාය.

2023 වසර තුළ මෙවැනි ප්‍රහාරවලින් 61 දෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලබා තිබේ. 2024 වසරේ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 103කි. ආණ්ඩුවත් පොලිසියත් තත්වය පෙරට වඩා නරක අතට හැරී නැතැයි කියන්නේ 2024 සංඛ්‍යාලේඛන සමග සසඳමින් මිස, 2023 සමග සසඳමින් නොවේ. පාතාල මර්ධනය පිණිස පෙර ආණ්ඩුව සමයේ ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම නැවැත්වීමේ fදාසක් නැති බව වර්තමාන ආරක්ෂක බලධාරීන්ගේ අදහසයි. ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බවක්ද පෙනෙන්නට නැත.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයත් සමග, ආණ්ඩුව සිය දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය සඳහා පසුබිම සකස් කිරීමට මේ පාතාල වෙඩිතැබීම් නතර නොකර බලා සිටිනවා දැයි සැකයක් ජනතාව තුළ හටගෙන තිබේ. ඇමති ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් වැන්නන්ගේ අතීත මැරකම් සහ ජවිපෙ අතීත ඝාතන සංස්කෘතිය පිළිබඳව ප්‍රසිද්ධ හා සමාජ මාධ්‍යවල පැතිරෙන තොරතුරු සලකා බැලූ විට, ජනතාව තුළ එවන් සැකයක් ඇති වීම අසාධාරණ නැත.

මේ වෙඩිතැබීම් රැල්ල ආරක්ෂාවට පමණක් නොව ආර්ථිකයටද දැඩි ලෙස බලපෑම් කළ හැකි කාරණයක් බව ආණ්ඩුවේ අවධානයට ලක්විය යුතුය.

ජනාධිපතිවරයා පත්වූ වහාම, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිස අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් වීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රවි සෙනෙවිරත්නව මහජන ආරක්ෂක අමාතංශයේ ලේකම් ධුරයට පත් කළේය. තමන් අතර මොන ඩීල් තිබුණද ඇස් ඇති පිරිසක් මේ දෙස බලා සිටින බව ජනාධිපතිවරයාට වැටහී නැත. රවි සෙනෙවිරත්නගේ වෘත්තීමයභාවයක් නැති රාජකාරි ඉතිහාසය ලෝකයේ සියලු බුද්ධි සේවා දනී. ඒ නිසා ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ලොව බලවත් රටවලට නැත.

රවි සෙනෙවිරත්නගේ පත්වීමෙන් සතියකට පමණ පසුව ඇමරිකානු රාජ්‍ය fදාපර්තමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. ඒ ශ්‍රී ගංකාව ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි සහ සිවිල් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩ ඇති රටක් වශයෙන් හඳුන්වමිනි. ඒ නිවේදනය තවමත් වලංගුය. එහි එක් අරමුණක් වූයේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට විරෝධය පෑමයි. අනික් හේතුව, රටේ ආරක්ෂක තත්වය පිළිබඳව ඔවුන්ට ඇති සැකයයි. මේ හේතු දෙක තකට තක සේ පෑහුණි. කිසියම් රටක මහජන ආරක්ෂාව පිළිබඳව ඇමරිකාවට සැකයක් ඇති විට, එම රටේ සංචාරයට යන සිය පුරවැසියන්ට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම ඇමරිකාවේ වගකීමකි.

ඇමරිකාවේ අනතුරු ඇඟවීම ලෝකයේ සෙසු ධනවත් රටවලටද බලපෑම් එල්ල කරයි. මෙයින් සිදු වන්නේ, යහමින් මුදල් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම අඩුවීමයි. වත්මන් සංචාරක ව්‍යාපාරය රටට බරක් යැයි පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරද පවසා තිබුණි. ඒ කතාව ඇත්තකි.

සංචාරක කර්මාන්තය රටට විශාල ආදායමක් උපයා දෙන ක්ෂේත්‍රයකි. පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම අඩුවී රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය. මේ වෙඩිතැබීම් හා ඝාතන දිගින් දිගටම පැවතුණහොත් සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. පාරවල් ගානේ වෙඩි තබාගන්නා රටවල සංචාරය කර අමාරුවේ වැටෙන්නට සංචාරකයන්ට අවශ්‍යතාවක් නැත. ‘වෙඩි තියනකොට හරියටම තියන්න කියපල්ලා. මේ යන විදියට පාරෙ යන අපිටත් වදින්න ඉඩ තියෙනවා’ යනුවෙන් කිසියම් තැනැත්තෙකු මෑතකදී මුහුණු පොතේ පළ කර තිබුණු දැන්වීම කියාදෙන්නේ ඒ පාඩමයි.

එම නිසා නැති මහමොළකාරයන් අල්ලන්නට වැය කරන කාලය, ධනය හා ශ්‍රමය පාතාලය මර්දනය කරන්නට යෙදවීම නුවණට හුරුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top