Last Updated on 4 hours by admin
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ.
බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය. ඊට හේතුව චරපුරුෂයන් සහ පොලිස් නිලධාරීන් එවැනි ක්‍රියා සිදුවේ දැයි සෝදිසියෙන් සිටීමයි.
බර්ලිනය ලෝක යුද්ධයට පෙර ලෝකයේ පැවති පොහොසත්ම නගරයකි. යුද්ධයෙන් පසුව බටහිර ජර්මනිය අයිති කරගෙන සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය නගරයේ දේහය වෙනස් කළේය. යුද්ධය නිසා අබලන් වූ ගොඩනැගිලි නවීකරණය කරමින් අලුත් ගොඩනැගිලි ඉදිරිකිරීම එහි එක් අංගයකි. බටහිර බර්ලින් සංස්කෘතිය වෙනස් කිරීමටද ඔවුහු සමත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ පවුල ඉහිරීම, පුද්ගලයා හුදකලාවීම සහ ඔවුන්ට සිත් සේ ප්‍රීති විය හැකි කාම නිදහස ලැබීමයි.
1989 නොවැම්බර් 09 බර්ලින් තාප්පය බිම දැමූ දිනයයි. අපි බටහිර ජර්මනියේ ක්‍රොයිස්බර්ග්හි, පවුර සමීපයේම නිවසක පදිංචි වී සිටියෙමු. දවල් කාලයේ සිටම ක්‍රොයිස්බර්ග්හි නොයෙක් උද්ඝෝෂණ ක්‍රියා ඇති විය. නැගෙනහිර පැත්තේ කුමක් සිදු වූයේ දැයි අපට දැනගන්ට මගක් නොවීය. රාත්‍රියේ පවුර බිඳ දැමීම සිදු විය. මහත් ජය ඝෝෂා මැද නැගෙනහිර බර්ලිනයේ සිට ජන ගංගාවක් බටහිර බර්ලිනයට පැමිණියේය.
සිංහල ගම් පාලනය කළ ගම් නායකයා හෙවත් ගමරාල නින්දාවට ලක්කරන කතා ගොන්නක් යටත් විජිත සමයේ බිහි විය. ගමරාළ දිව්‍ය ලෝකයට යාම එයින් එකකි. කථාවේ අරමුණ කුමක් වුවත් එයින් කියවෙන ගමරාළ දිව්‍ය ලෝකයේ නැවතුනේ නැත. දවස තිස්සේ ඇවිදිමින් දිව්‍ය ලෝකය නැරඹූ ඔහු රෑ වන විට අලි වල්ගේ එල්ලී ආපසු ගමට ආවේය. එයින් අප තේරුම්ගත යුත්තේ ගමරාළ දිව්‍ය ලෝකයට වඩා සිය ගම වටිනා තැනක් විදිහට සැලකු බවයි. ඔහුට සුරංගනාවියන්ට වඩා සිය බිරිය උතුම් වූයේය.
නැගෙනහිර සිට බටහිරට ජර්මන් ජාතිකයින් විශාල පිරිසක් පැමිණි නිසා බටහිර සුපිරි වෙළඳ සැල් හිමියෝ ඒවා තාවකාලිකව වසා දැමූහ. විවෘතව පැවති වෙළඳ සැල්වලට පැමිණි නැගෙනහිර වැසියන් බොහෝ දෙනෙකු උත්සාහ කළේ භාණ්ඩ එකතු කිරීමටයි. මුදල් නැති සමහරු අතට හසුවුන දෙයක් කොල්ලකෑහ.. බටහිර බර්ලින් සුරපුරක් යයි සිතූ සමහරු කඩ සාප්පු, හෝටල්වලට රිංගා වැසිකිඝිවල තිබූ වැසිකිළි කඩදාසි පවා එකතුකර ගත්හ.
අලුත් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලට පැමිණි මාලිමාවේ නියෝජිතයින්ගේ හැසිරීම් දැක්වෙන ප්‍රවෘත්ති රූපවාහිනී නාළිකාවලින් ප්‍රදර්ශනය විය. පත්තරවල පළ විය. නිලයට අයත් හිස්වැස්මෙන් සැරසුන කතානායකවරයාගේ පෙනුම ශීත රටක මිනිහෙකු වැනිය. මන්ත්‍රීවරු මන්ත්‍රීවරයෝ අලුත් ඇඳුම් පැළදුම් හා ආභරණවලින් සැරසී සිටියහ. ගඟක් ගලන්නා සේ පාර්ලිමේන්තු භෝජනාගාරයට ඇතුළු වී භෝජනවල රස වින්ඔදහ. වුන් ඇඳ පැළඳ සිටියේ කෑවේ බීවේ දිව්‍ය ලෝකයට ගිය ගමරාල වගේ නොවේ. බටහිර බර්ලිනයට කඩා වැදුනු නැගෙනහිර ජර්මානුවන් විදිහටමය.
දිව්‍ය ලෝකයට ගියත් කෑදරයෙකු නොවූ මිනිසා බිහි කිරීමට සිංහල බෞද්ධ සංස්කෘතියට පුළුවන්කම තිබුණි. ‘තෙරුවන් සරණයි’ යන්න ඔවුන්ගේ ආශිර්වාද පාඨයයි. ජයමංගල ගාථා ඔවුන්ගේ සංස්කෘතිය විසින් නිපදවාගත් ජන ගායනාවකි. මාලිමා ආණ්ඩුව ඒ දෙකම ප්‍රතික්ෂේප කර යුරෝපීය සිරිත් හා සම්ප්‍රදායන් පමණක් ඉතිරි කරගෙන ඇත.