මවුලවිවරයා තරුණියගේ කොණ්ඩය කැපීම දැවැන්ත සංස්කෘතික සංහාරයක පෙරනිමිත්තක්!

Last Updated on 2 months by admin

ඉස්ලාම් නීතිය අකුරට ක්‍රියාත්මක වන ඕනෑම තැනක, කාන්තාව හිංසනයට ලක්වීම සිදු වේ. අතීතයේ ඊට සමානව පැවති කතෝලික නීතිය, රෙපරමාදු ප්‍රතිසංස්කරණවලින් පසුව වෙනස් විය. නවීකරණය වූ ක්‍රිස්තියානි නීතියෙන් කෙරෙන්නේ ගුණධර්ම ගරුකරන අලූත් මනුෂ්‍යයෙකු නිර්මාණය කිරීමයි. ඒ ගුණධර්ම අතර මානව හිමිකම් සුරැකීම, කාන්තාවට පුරුෂයාට සමාන අයිතිවාසිකම් ලබාදීම, රටක සුළු ජාතීන්ගේ හා සුළු ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමරිසි ජීවිත ගතකරන්නන්ට නීතිමය සුරක්ෂිතභාවය ආදි වුවමනාවන් ගණනාවකි. සාම්ප‍්‍රදායික ඉස්ලාම් නීති ක‍්‍රියාත්මක කෙරෙන සවුදි අරාබිය වැනි රාජ්‍යයන්ටත් බටහිර ක‍්‍රිස්තියානින්ගේ පරමාර්ථය ඉටුවන පරිදි තම සංස්කෘතිය වෙනස් කරගන්නට සිදු වේ.

සෝමාලියාව ඉතා දීර්ඝ කාලයක සිට යටත් විජිත පාලනයක් පැවති භූමි කලාපයකි. අරාබි ජාතිකයන් එහි පාලකයන් වූයෙන් එය සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වූයේය. පසුව ඉතාලිය සහ බි‍්‍රතාන්‍යය සෝමලියානු භූමිය බෙදාගත්හ. ඔවුන් නිසා එහි ක‍්‍රිස්තියානි ආගම් පැතිරිණි. නමුත් සෝමාලියාව ක‍්‍රිස්තියානි කිරීමට ඔවුන්ට නොහැකි විය.

බටහිරුන්ගේ විකල්පය වූයේ ඔවුන්ගේ මතවාද පිළිගන්නා ඉස්ලාම් රටවැසියන් පිරිසක් බිහි කිරීමයි. ඊට විරුද්ධ වූවන්ට අල් ෂබාබ් ජිහාඩි නම යෙදේ. බීබීසී ආදී බටහිර මාධ්‍ය පෙන්වා දෙන ලෙසට ලෝකයේ වෙසෙන දරුණුම ජිහාඩි සංවිධානය සෝමාලියාවේ අල් ෂබාබ් ජිහාඩි සංවිධානයයි. මේරි හාපර් පළ කර ඇති සෝමාලියානු කාන්තාවන් පිළිබඳ ග‍්‍රන්ථ කිහිපය සෝමාලියානු ඉස්ලාමිකයින් පිළිබඳ බටහිර චින්තනය පැහැදිලි කරයි.

පසුගිය දිනක සෝමාලියාවේ අගනුවර මොගඩිෂුහි රූප සුන්දරියන් තේරීමේ තරගයක් පැවැතිණි. අල් ෂබාබ් ඉස්ලාම් මූලධර්මවාදියෝ තරගය පැවැත්වෙන ප‍්‍රදේශය වටකරගෙන බෝම්බ පුපුරවන්ට ගත්හ. රූප රාජිනියන් තේරීමේ තරග නිසා සම්ප‍්‍රදායික ඉස්ලාම් සංස්කෘතියට හානි සිදුවේය යන්න ඔවුන්ගේ මතය විය. මෙහිදී මතු වන ප‍්‍රශ්නය ඉස්ලාම් ආගමික සංස්කෘතිය රැක ගැනීමට වෙහෙසෙන ඉස්ලාමිකයන් අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් විනාශ කිරීම වරදක් ලෙස නොසලකන්නේ මන්ද යන්නයි.

භාරතයේ පැරණිම ගල් කැටයම්හි දක්නට ලැබෙන රාජකීය කාන්තාවෝ දුහුල් සලූවලින් සැරසී සිටිති. ඔවුන්ගේ අඟපසඟ හා ඉණ පැළඳගන්නා මණි මේඛලාව ප‍්‍රදර්ශනය වේ. අතීතයේ ඉන්දියාවේ සිවුරු නොපෙරවූ ජෛන භික්ෂුණින් වහන්සේලා වාසය කළහ. මෙවැනි සංස්කෘතියක් පැවති ඉන්දියාවේ කාන්තාවන් මොට්ටැක්කිලියෙන් හිස් වසාගන්නා තරමට වෙනස් වී ඇත්තේ සුල්තාන්වරුන්ගේ පාලන කාලයේය. ඊට වගකිව යුතු වූ මවුලවිවරු ඉස්ලාම් ක්‍රමයට ඇඳුම් නොඅඳින කාන්තාවන්ට අතිශයින් දරුණු ද`ඩුවම් පමුණුවා තිබේ. මිහිඳු හිමියන්ගේ මවගේ ගම වූ විදිසාහි වියපත් ඉන්දියානුවන්ගෙන් මා දැනගත් පරිදි එම ප්‍රදේශයේ කාන්තාවන් මාර්ගවලදී කොටු කරගන්නා ඉස්ලාම් පූජකවරුන් ඔවුන්ගේ සිරුරේ යම් යම් ස්ථාන පුළුස්සා ඇත.

ලෝකයේ ප‍්‍රධාන බෞද්ධ රටවල් වශයෙන් පැවති ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය කාන්තා නිදහස වැඩියෙන්ම තිබුණු රටවල් දෙකකි. ෂා රජුගේ පාලනය පැවති කාලය දක්වා ඉරාන කාන්තාවෝ හිජාබයෙන් හිස නොවැසූහ. මා ටෙහෙරානයේ විසූ සමයේ එහි අවන්හල් බොහෝමයක කාන්තාවෝ සේවය කළහ. අයතුල්ලා කුමේනි රටේ ජාතික හා ආගමික නායකයා වශයෙන් තෝරාගැනීමේ සටනේදී, ඉරාන කාන්තාව ඉදිරියෙන්ම සිටි බව රහසක් නොවේ. බලයට පත් කුමේනි, ඉරානයේ ආගමික පොලිසියක් පිහිටුවීය. එහි ප‍්‍රධාන කාර්යය වූයේ කාන්තාවන් පාලනය කිරීමයි. වර්තමානයේ හිජාබය නැතිව පාරට බසින ඉරාන කාන්තාව ද`ඩුවමට ලක් වේ.

ලංකාව ඉස්ලාම් හා බටහිර සංස්කෘතීන් ගොදුරට ගන්නා බෞද්ධ රටකි. මෑතක් වනතුරුම මෙහි නාමිකව හෝ පිරිසිදු ථෙරවාදී සසුන පැවතුණි. රටේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වශයෙන් පිළිගැනුණි. කි‍්‍රස්තියානි සංවිධාන විශාල සංඛ්‍යාවක් එය වෙනස් කිරීමට වෙහෙසේ. මේ අතර ඉස්ලාම් ආගම හා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බිඳීමට ඔවුන්ටත් වඩා වෙහෙස දරයි. බද්යුද්දින් මහමුද් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී පාසල් ශිෂ්‍යාවන්ට මුස්ලිම් ඇඳුම නියම කිරීමට කළ සැලැසුම ක‍්‍රියාත්මක නොවුන මුත් ඉස්ලාම් ආගමට ගැලපෙන ලෙස පාසල් යන ගැහැණු ළමයින්ගේ ඇඳුම වෙනස් විය. කාන්තාවන්ට කොට කලිසම බෝ කිරීම ඊට විරුද්ධව ඇතිවුන ක‍්‍රිස්තියානි වැඩපිළිවෙළකි.

ජූලි 13 වැනිදා කටුගස්තොට සිට මහනුවර දක්වා බස රථයේ ගමනක් කරමින් සිටි 27 හැවිරිදි තරුණියක වාඩි වී සිටි ආසනයට පසුපස ආසනයේ සිටි මවුලවිවරයකු එම තරුණියගේ දිගු කොණ්ඩයෙන් අඩියක් පමණ කොටසක් කපා දමා ඇත. 18 වැනිදා දිවයින පත‍්‍රය වාර්තා කළ ලෙසට අධිකරණයට ඉදිරිපත් කරන ලද මවුලවිවරයා රිමාන්ඞ් භාරයට පත්කර තිබේ.

මවුලවිවරුන් ඉන්දියානු කාන්තාවගේ ඇඳුම වෙනස්කර ඇත්තේ හිංසනකාරී ක‍්‍රම භාවිතා කිරීමෙනි. මවුලවිවරයාගේ ක‍්‍රියාව ඒ හිංසන ක‍්‍රමය ලංකාවේත් සිදුවන්නේ දැයි සැක කිරීමට හේතුවකි. වෙනත් නොයෙක් උපක‍්‍රම භාවිතා කරමින් සිංහල බෞද්ධ කාන්තාව වෙනස් කරන බවට නම් කිසිම සැකයක් නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link