මුර දේවතාවුන් අන්ද මන්ද වීම නොහොත් අබුද්දස්ස කාලේ කෝට්ටේ

Last Updated on 11 months by admin

1972 දී මිසිස් බී හා මාක්ස්වාදීන් විසින් ශ්‍රී ලංකා යයි නම්කළ සිංහලේ හෙවත් මේ දිවයින, යුරෝපීය යටත් විජිතවාදය යටතේ සහමුලින්ම  ක්‍රිස්තියානිකරණය නොවී බේරුණේ මුරදේවතා සංකල්පය නිසාය. ගම-වැව-දාගැබ යන ත්‍රිත්ව ආර්ථික-සාමාජික-දේශපාලන මොඩලය යටතේ, රජුන් තැනීම, රැකීම හා ඉවත්කිරීම යන කාර්යයට ගමේ පන්සලේ සිටම දායකත්වය ලැබුණ නිසාය. මෙම මොඩලය දුර්වලව තිබූ කාල වකවානු වලදී පන්සලේ පවුල් තබාගත් ගනින්නාන්සේලා පවා ‘බුද්ධාගම’ රැකගත්හ. මෙම මුර දේවතා සංකල්පයේ බලය නෝත් ආණ්ඩුකාරයාට 1799 දීම වැටහුනේය.

මේ වනවිට රටම වටහාගෙන අති දෙයක් නම් රට විනාශ කලේ පක්ෂ දේශපාළුවන් පමණක් නොව ග්‍රාම සේවකගේ සිට ජනාධිපති ලේකම් දක්වා සියළුම නිලධාරිනුත්, බිස්නස්කාරයින්/ngo ඩොලර් මුදලාලිලා ගෙනුත් සමන්විතවන භූමිය පුරා පැතී පවතින දුෂ්ට ත්‍රිකෝණ ජාලා විසින්ය යන්නය. මෙම විනාශයට දායකවූ තවත් පිරිසක් නම් මුර දේවතා සංකල්පය අවභාවිතාකල සංඝ සමාජයේ කොටස්ය.

සිවුර කියන්නේ ඕනෑම හොරෙකුට හැංගෙන්නට පුළුවන් කැලයක් යන කියමන මෙහිදී භාවිතාකල නොහැකි වුවත් 1931 හෝ 1948 සිට ගත්තත් රට 2022 අගාදයට ගෙනයෑමේදී ක්‍රියාවෙන් හා ක්‍රියා නොකිරීමෙන් (commissions & omissions) හාමුදුරු පිරිස් කළ හානිය අතිවිශාලය. මෙහිදී ඔවුන් ගිහියන් මෙන්ම ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධම විය.

සංඝ සංස්ථාව මෙවැනි පිරිහීමකට පත්කිරීමේ වගකීම පක්ෂ දේශපාළුවන්ගේ අයථා හා අඥාන හැසිරීමේ ප්‍රතිඵලයකි. අනිත් අතට එය සංඝයා අතර තිබූ අලස, උදාසීන හා ආත්මර්ථකාමී ගති ලක්ෂණ වල ප්‍රතිඵලයකි. අනිකුත් ලබ්ධීන්වල මෙන් සංවිධාන්මක ව්‍යුහයක් බුද්ධ ශාසනයේ නොවීය. මේ නිසා බුදු දහමේ ඇති නම්‍යශීලීභාවය, එව බලව මිස එව අදහව (come and examine, not come and believe) යන රීතියක් එහි නැතිවීම හා බුද්ධාගම රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරක්ෂාවූ මෙත්තා-මුදිතා-කරුණා-උපේක්ෂා යන සූත්‍රයක්වූ නිසා බටහිර්‍රීකරණය වන ලෝකයක එය අතරමංවී ගියේය.

කාති උසාවි හා සංඝාධිකරණය

දූෂණයෙන් පිරීගිය බව වරින් වර එලිදරව් වුන කාති උසාවි ක්‍රමයක් 1951 දී මුස්ලිම්වරුන්ට ලබාදුන් සිංහල කළුසුද්දන්, සුදු නඩුකාරයින් විසින් පවා නිර්දේශකල භික්ෂූන් සඳහා වෙනම උසාවියක් ලබාදීම ඕනෑකමින්ම මග හැරියේය. දුස්සීල භික්ෂූන්ගේ සිවුරු ගලවා දඬුවම් කිරීමේ බලයක් තායිලන්තයේ සංඝාධිකරණයට ඇතත් ලංකාවේ තිබෙන්නේ විහිළු අධිකරණ සංඝ නායක තනතුරුය. තායිලන්තයේදී වැරදිකරුවන් අත්ඩංගුවට ගන්නා ලෙස ඒ රටේ සංඝරාජයා විසින් දන්වන්නේ යුදහමුදාපතිටය. මාංචු දමන්නට පෙර සිවුර ගලවා දමන්නේය.

බුද්ධාගමේ අභිවෘධිය සඳහා යයි දේශපාලකයින් කල හැම දෙයකින්ම සිදුවූයේ බුද්ධ සාසනය කබලෙන් ලිපිට වැටීමය. රට ජාතියේ මුදුන් මල්කඩවල්වූ විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් පේරාදෙණි මොඩලයේ විශ්වවිද්‍යාල කිරීමෙන් භික්ෂු සංස්ථාවට සිදුවූ පරිහානිය අතිමහත්ය. ආර් ප්‍රේමදාස විසින් බෞද්ධ අමාත්‍යාංශයක්, බෞද්ධ කොමසාරිස් කෙනෙක් පිහිටුවීම නිසා පන්සල් දූෂිත නිලධාරීන්ගේ ග්‍රහණයට අසුවිය.

දැන් ඇති අශෝභනම දර්ශනයක් නම් කදුළු ගෑස් හා ජල ප්‍රවාහ නාමින් අන්තරේ පෙලපාලියන කොණ්ඩේ වවාගත් තරුන පංචස්කන්ධ සිවුරට ගෙනදෙන අවමානයය. මහානායක හිමිවරු අසරණය, අනාථය එසේ නැත්නම් අන්ධය.

අශෝක මිලින්ද මොරගොඩ පින්ටෝ හෙවත් මිලින්ද  මොරගොඩට කෝට්ටේ කල්යානි සභා සංරක්ෂණ සභාපතිකම පැවරීම, අධිකරණ ඇමති විජේදාස මහතා පාර්ලිමේන්තුවේදී මිලිගොඩ ගැන කරණ ප්‍රකාශ සමඟ ගලපන විට පෙනෙන්නේ, නරියාට කුකුල් කොටුව භාරදීම වගේ ක්‍රියාවක් ලෙසය.

කැළණිය පන්සලේ දායක සභාවෙන් රනිල් මහතාව ඉවත් කලේ ඉවසා බැරිම තැනය. ආච්චිගේ අම්මාගේ බෞද්ධ උපාසිකා  කැපවීම, තාත්තා ක්‍රිස්තියානි වන පුතාගෙන් බලාපොරොත්තුවීමේ විපාකයය. දැනට කලකට පෙර කෝට්ටේ පන්සලේ දායක සභාවේ ප්‍රධානියා ලෙස රවි කරුණානායක මහතාව පත්කර ගැනීම කතෝලික සභාවෙන් දුන් ආඥාවක් වැනිය. අඩුතරමින් ඔහුගේ භාර්යාවවත් සිංහල බෞද්ධයෙක් නොවීය.

මිලින්ද මොරගොඩගේ පියා මොරගොඩගේ ක‍්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, 2022 හේග් නුවරදී මියගිය අවස්ථාවේ ලංකාවේ පුවත්පත්වල ‘රෙස්ට් ඉන් පීස්” කියා පළ වී තිබුණි. මිලින්ද මොරගොඩ වහගෙන ඉන්නා කෑල්ල එවැනි දේවලින් අනාවරණය වේ.

 මොරගොඩට කෝට්ටේ කල්යානි සභා සංරක්ෂණ සභාපතිකමට සිල්වත් බෞද්ධයෙකු සොයාගැනීම කළුනික හොයනවා වගේද? රෑ එලිවෙනතුරු පාටි දමා දවල් දවසේ නිදාගන්නා ඔවුන් පිරිස ගෙවල් ආසන්නයේ ඇති පන්සලේ ඉරිදා පිරිත් නිසා වන කරදරය නතර කර ගන්නට උසාවි ගියහ. පිරිත් හා මුස්ලිම් පල්ලියකින් ඇසෙන කරච්චලය කෙතරම් වෙනස්ද? 

මේ හාමුදුරුවරු මෙසේ කුඩා අතදරුවන්සේ හැසිරෙන්නේ ඇයි? එව බලව යන රීතියට කුමක් වුනාද?

කෝට්ටේ කළ්‍යාණී සභාව මේ තනතුර ජුලී චංට දුන්නා නම් මීට නරකද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link