Last Updated on 2 hours by admin
සෑම් සෙනෙවිරත්න විසිනි

පාසල්වල කුඩා දරුවන්ට පවා ලිංගික අධ්‍යාපනය දීම සම්බන්ධයෙන්, ආගමික නායකයින්, දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙනව. මේ බොහෝ දෙනා විරුද්ධත්වය දක්වන්නේ මේ හරහා LGBTQIA+ ව්‍යෘතිය පාසල් දරුවන්ට කාවද්දා ඔවුන් ලිංගික සංක්‍රාන්තිකයන් කරවීම ඇතුළු විවිධ අපහරණවලට ලක්කරවීමේ වැඩපිළිවෙළක් මේ යට ක්‍රියාත්මකව තිබෙන බවට ඇති සැකය නිසයි.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු යැයි පවසන පිරිස් මේ විරෝධතා දක්වන අයට චෝදනා එල්ල කරනවා. බලපත්‍රලාභී උපදේශකයකු බව කියන එක්තරා තැනැත්තකු ලියූ එවැනි එක් ලිපියකින් විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වවලට ඉතා පහත් වචන පාවිච්චි කරමින් නින්දා කර තිබුණා. මෙවැනි මනසකින් සමාජය අමතන අය බලපත්‍රලාභී උපදේශකයකු වීම කෙනෙකුගේ විමතියට හේතුවක් වෙන්න පුළුවන්. අවාසනාවකට ඇතැම් බලපත්‍රකාරයො එහෙම තමයි.
එම ලිපියේ ලිංගික අධ්‍යාපනය ගැන සඳහන් කර තිබුණු ඇතැම් කරුණු වඩාත් සමීප වන්නේ ස්වස්ථතාවටයි. එනම්, සනීපාරක්ෂාවටයි. (Hygiene) කාලයකට පෙර ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල පාසල්වල එනමින් විෂයයක් තිබුණා. විදේශයන්හි ලිංගික අධ්‍යාපනය බවට පරිවර්තනය වූයේ මේ ස්වස්ථතාව විෂයයයි.
ඇමරිකාවේ ස්වස්ථතා විෂයය ලිංගික අධ්‍යාපනය ලෙස වෙනස් වුණේ 1920 දී පමණයි. ඊට බලපෑ ප්‍රධානම හේතුව වුණේ, ලෝක යුද්ධයේ බලපෑම නිසා රට තුළ ලිංගික රෝග නැතිනම් සමාජ රෝග පැතිරීමයි.
මෑතකදී, හාවර්ඩ් විශ්වවිද්‍යාල වෙබ් අඩවියට ‘ලිංගික අධ්‍යාපනය ඇත්ත වශයෙන්ම ලිංගිකත්වය පිළිබඳව නොවේ’ Sex Ed Isn’t Actually About Sex හිසින් ලිපියක් සපයන වෛද්‍ය රෙබෙකා රොල්ස්ටන්, Rebekah Rollston, MD, MPH ඔවුන්ගේ සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ හැඳින්වීමක් කරනවා. ඇය මේ හැඳින්වීම සඳහා තොරතුරු උපුටා දක්වන්නේ SIECUS වෙබ් අඩවියෙන්. එය ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වැනි කරුණු සඳහා ප්‍රසිද්ධ ආයතනයක්.
මේ ආයතනයට මුල්‍යාධාර දෙන ප්‍රධානම ආයතන දෙකක් තමයි පැකාර්ඩ් පදනම හා හෙව්ලට් පදනම. පැකාර්ඩ් පදනම කියන්නේ එච්පී නැතිනම් හෙව්ලට් පැකාර්ඩ් ආයතනයේ පුරෝගාමියකු වන ඩේවිඩ් පැකාර්ඩ් හා ඔහුගේ බිරිඳ ලුසිල් පැකාර්ඩ් නමින් පිහිටුවා ඇති පුණ්‍යභාරයක්. හෙව්ලට් පදනම, එච්පී සම පුරෝගාමියකු වූ විලියම් හෙව්ලට් හා බිරිඳ නමින් පිහිටුවා ඇති පුණ්‍යභාරයක්.
1984 දී Hp ආයතනයට බැඳුණු කිම් හැරිස් හොර රහසේ සමලිංගික සමාජ සමග සබඳතා අරඹා, එච්පී ආයතනය තුළ ඔවුන්ට පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළ අයෙක්. 1982 දී ඔහු සමග ජීවත් වීම ඇරඹූ බෙනට් මාක්ස් තවත් ප්‍රසිද්ධ සමලිංගිකයෙක්. ඔහු ඇපල් ආයතනයේ හා ගූගල් ආයතනයේ සේවය කළ අතර ඒ ආයතන දෙකේම සමලිංගික අයිතිවාසිකම් දිනාගන්නට සමත් වුනා. 2008 වසරේ විවාහ වුන මේ දෙදෙනා LGBTQIA+ මතවාදය ප්‍රවර්ධනයට ලොකු සේවයක් කළ අය.
මෙන්න මේ වගේ සම්බන්ධකම් නිසා තමයි පැකාර්ඩ් පදනමෙන් හා හෙව්ලට් පදනමෙන් SIECUS ආයතනයට ඩොලර් ලක්ෂ ගණනින් ලැබෙන්නෙ. ඒ නිසාම SIECUS ආයතනය LGBTQIA+ මතවාද ප්‍රවර්ධනය කරනවා. ඔය වගේ තවත් ආයතන තියෙනවා ආධාර සපයන අතර මතවාදය ප්‍රචාරයට බලපෑම් කරන.
මෙහි අනික් පැත්තකුත් තියෙනවා. ඒ තමයි වෙළඳ සමාගම් තම භාණ්ඩ විකුණගන්න ලිංගික අධ්‍යාපනය මෙවළමක් වශයෙන් පාවිච්චි කිරීම. මේ එක උදාහරණයක්.
1967 දී, ඇමරිකාවේ කාන්තා සනීපාරක්ෂක තුවා වර්ගයක් වන ‘කොටෙක්ස්’ (Kotex) හි නිෂ්පාදකයින් වන කිම්බර්ලි-ක්ලාක් ආයතනය, සිය ආයතනයට කාන්තා අලෙවිකරණ උපදේශක එස්ටෙල් එලිස් බඳවා ගත්තා. එලිස්ගේ උපදෙස් පරිදි 1968 දී ඔවුන් The Life Cycle Center නමින් මධ්‍යස්ථානයක් ඇරඹුවෙ. ඔවුන් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා තවදුරටත් වෙළඳ දැන්වීම් නිපදවූයේ නෑ. ඒ වෙනුවට ඔවුන් රජයේ පාසල් පන්ති කාමර සඳහා ලිංගික අධ්‍යාපන විෂයමාලා නිෂ්පාදනය කළා. ඒ සඳහා Life circle library හෙවත් ‘ජීවන චක්‍ර පුස්තකාලය’ ඇරඹුවා. මේ යටතේ පළ කළ පොත් 4න් ස්ත්‍රියකගේ ජීවිතය අදියර 4කට බෙදා, ගැහැණු දරුවන්ට හා මව්වරුන්ට දැනුම සැපයුන අතර ඒ සමග නිකුත් කළ වවුචර මගින් මව්වරුන්ට සිය දූවරුන් සඳහා අඩු මිලට සනීපාක්ෂක තුවා ආදිය මිලට ගත හැකි වුණා.
Life circle library ව්‍යාපෘතිය, කිම්බර්ලි-ක්ලාක් ව්‍යාපාරයට ලාභදායී, කල් පවතින අලෙවිකරණ සංකල්පයක් බවට පරිවර්තනය කිරීමට එලිස් සමත් වුණා.
ඇය ක්‍රමයෙන් මේ ව්‍යාපෘතියේ සමාජ බලපෑම පුළුල් කර, එය ගුරුවරුන්, සමාජ විද්‍යාඥයින්, රජයේ ක්‍රියාකාරීන් සහ පාඨකයින් සඳහා කාන්තා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යාපනික අධිකාරියක් බවට පත් කළා. දැන් මේ බූවලු අඬු හැමතැනම.
අලෙවිකරුවන් ආයතනික සහ මහජන සෞඛ්‍ය කතිකාවේ බලගතු අඩවිවලට රිංගා ගත් ආකාරය, වාණිජ අරමුණු සහ තම අභිප්‍රායන්ට ගැලපෙන පරිදි ඒවා නැවත සැකසූ ආකාරය වටහා ගන්න එලිස්ගේ වෘත්තීය ජීවිතය හොඳ උදාහරණයක්.
දැන් පෙනෙනවා ඇති මේ මතවාද පසුපස තිබෙන වැඩපිළිවෙළ. LGBTQIA+ ක්‍රියාකාරීන් සිය සම්බන්ධකම් පාවිච්චි කරමින් මුදල් පොම්ප කරලා මේ මතවාද ප්‍රචාරය කරනවා. ඒ අදහස් පාසල් දරුවන්ගේ ඔළුවලට කාවද්දනවා. එයින් වෙළඳ සමාගම් මුදල් උපයනවා.
මේ කිව්වේ මේ වැඩසටහන යට සැඟව තියෙන තොරතුරු ස්වල්පයක් විතරයි. ඔයිට වඩා භයානක දේ මේ පසුපස තිබෙනවා. ඒවා ඉදිරියේදි ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපේ සමාජයේ සමහර වර්තමාන සංස්කෘතික ඇවතුම් පැවතුම් යම් විදියකින් අවුරුදු 100කට කලින් ඇමරිකාවෙ තිබුණු සාම්ප්‍රදායික සමාජයට සමානයි. ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේත් දෙමාපියන් හා දරුවනුත්
කතා කිරීම අඩු සමාජයක් කියල සරලව හඳුන්වන්න පුළුවනි. (හැබැයි ඊට බලපාන පදනම් වෙනස්.)
ඒ නිසා ළමයින්ට මේ අධ්‍යාපනය දීම බොහොම පරිස්සමින් කළ යුතුයි. ලිංගික අධ්‍යාපනයට වැඩිය මෙතන තියෙන්නෙ ස්වස්ථතාව නැතිනම් පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ වැඩිදියුණු තත්වයක්. පහළ හා ඉහළ පන්තිවලට අවශ්‍ය විදියට මේ දැනුම ලබාදීම ගැටලුවක් නෙවෙයි. සමාජ රෝග වගේ දේ ගැන ඉස්සරත් පාසල්වල ඉගැන්නුවා. නමුත් ඒ ගැලපෙන වයසෙදි. නමුත් ඒ මැදට දාලා සමලිංගිකත්වය, ලිංගික සංක්‍රාන්තිය ආදිය ප්‍රවර්ධනය කරනවා නම් විශාල ප්‍රශ්නයක්.
සමහරු තර්ක කරනව ලිංගික අධ්‍යාපනය දීම මගින් දරුවන් ලිංගික අතවර, අපචාරවලින් ආරක්ෂා කරගන්න පුළුවනි කියල. පාසල්වල ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව යුරෝපය බොහොම ප්‍රසිද්ධයි. එහෙම නම් අර තර්කයට අනුව ලෝකයේ ළමා අපචාර අඩුම කලාපය යුරෝපය වෙන්න ඕන. නමුත්, අවාසනාවකට ලෝකයේ ළමා අපචාර වැඩිම කලාපය තමයි යුරෝපය.
ඒ නිසා මේ විෂය මාලා සම්පාදකයින් බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕන වෙලාවක්. මේක යුරෝපයේ හෝ ඇමරිකාවෙ සමාජය නෙවෙයි. ඒ රටවලත් දැන් LGBTQIA+ විරෝධය මතු වෙමින් එනව. මතක තියාගන්න ඕන කාරණය තමයි මේ විරෝධය උපතින් එම තත්වයට පත් වූවන්ට එරෙහි එකක් නෙවෙයි. විරෝධය එල්ල වන්නේ මේ යට සැඟව තිබෙන ජාවාරමටයි. ඇමරිකාවේ ඇරඹුණු Leave our kids alone වැඩපිළිවෙළ එක් ප්‍රසිද්ධ උදාහරණයක්.
කුඩා දරුවන්ගේ ඔළු කුරුවල් කර ඔවුන් ලිංගික සංක්‍රාන්ති ජාවාරමට මෙන්ම ලිංගික අපචාරවලටත් ගොදුරු කර ගැනීමේ අවදානමක් තියෙනව. නිකමට හිතන්න. ඉදිරියට පාසල් ළමුන්ට ‘ටැබ්’ දෙන්න සූදානමක් තියෙනව. මේ හරහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් අපචාරවලට පොලඹවා ගැනීමේ අවදානමක් තියෙනව. යුරෝපය අන්තර්ජාල ළමා අපචාරවලට කප් ගහල ඉන්න බව අමතක කරන්න එපා. පාසල් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන කියල වැඩියෙන්ම බලපෑම් එල්ල වෙන්නෙ යුරෝපෙන් කියන එකත් මෙහිදී සැලකිල්ලට ගන්න ඕන.
පසුගිය අගෝස්තුවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහා වූ තුන් අවුරුදු උපායමාර්ගික සැලැස්ම අනුමත කිරීම සඳහා පැවති එජා රැස්වීමකදී ලොකු වාදයක් ඇති වුණා. අප්‍රිකානුවන්, යුරෝපීයයන්ට සහ නෝර්ඩික් ජාතිකයින්ට තදින් දෝෂාරෝපණය කළා.
ගබ්සාව, ළමුන් සඳහා ලිංගික අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය වැනි තමන් එකඟ නොවූ දේ ප්‍රවර්ධනය කිරීම සඳහා එජා ජනගහන අරමුදල, “ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය” සංකල්ප භාවිතා කරන බවට අප්‍රිකානුවන් චෝදනා කළා. යුරෝපා සහ නෝර්ඩික් රටවල අදහස වුණේ මේවා ආයතනයේ කාර්යයට අත්‍යවශ්‍ය බවයි.
‘එජා ජනගහන අරමුදල, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීම’ සහ ‘එහි වඩාත්ම මතභේදාත්මක අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා දරිද්‍රතාව, අධ්‍යාපනය සහ සංවර්ධනය නොසලකා හැරීම’ පිළිබඳව කැමරූන් නියෝජිතවරිය එජා ජනගහන අරමුදල තදින් විවේචනය කළා.
අපේ රටටත් මේ නිර්දේශය එන්නෙ එජා ජනගහන අරමුදල හරහායි. ඒ පසුපස යුරෝපා සහ නෝර්ඩික් රටවල් ඇති බව සැක නෑ.
අපි සිහියට ගන්න ඕන කාරණයක් තමයි ඇයි පුංචි ළමයින්ට ස්වස්ථතාව උගන්වන්න හැකියාව තියෙද්දි ලිංගික අධ්‍යාපනයක් ගැන උගන්වන්නෙ කියල. මේකෙ අරමුණ තමයි පුංචි කාලෙදිම මේ වචනය ඔළුවට දැමීම. ඒක මොළ ශෝධනයේ පළමු පියවර. ඒ මගින් LGBTQIA+ ජාවාරම ප්‍රචලිත කරන්න පහසු වෙනව.
