Last Updated on 4 weeks by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ශ්‍රී ලංකාව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රටවැසියන්ගෙන් හිඟයක් නැති රටකි. ඔවුන්ගෙන් වැඩි පිරිසකට දේශපාලනයේ සිදු වන අදෘශ්‍යමාන ක්‍රියා නොවැටහේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘එක්ස්’ ගිණුමේ තැබූ සටහනකින් කියැවෙන්නේ, ගෝඨාභය ආණ්ඩුව පෙරළීම ඇමරිකාවේ ඩොලර්වලින් සිදු කරන ලද්දක් බවයි. එයින්, ‘අරගලයට ජයවේවා’ කියමින් ජනාධිපති මන්දිරය ඇල්ලීමට පෙරමුණ ගත්තවුන් පස්සේ වැටී රැලේ යෑම බුද්ධි හීනකමට කළ දෙයක් බව පැහැදිලි වේ.
ලෙනින්, මාක්ස්වාදය ප්‍රචාරය කිරීම සඳහා රූබල් වැය කර වහලුන් හැදූ බව ප්‍රසිද්ධ පුවතකි. ඔවුන් හැඳින්වෙන්නේ, ‘යූස්ෆුල් ඉඩියෝට්ස්’ නමිනි. මලලසේකර ශබ්දකෝෂයට අනුව, එය, ‘වැඩදායක මෝඩයින්’ නැතිනම් ‘වැඩදායක අමනයින්’ යනුවෙන් සිංහලයෙන් අර්ථ දැක්වීමට පුළුවන. සිංහල ජනවහරේ බූරුවන්, හරකුන් වැඩට ගන්නා මෝඩ සතුන්ය. සෝවියට් කඳවුර වැටුණු පසුව ඇමරිකාවත් ‘යූස්ෆුල් ඉඩ්යෝට්ස්ලා’ හදා තිබේ. ඒ ඩොලර්වලිනි. ඇමරිකාවේ මුදලින් ලංකාව තුළ යූස්ෆුල් ඉඩියෝට්ස්ලා හදා ඇති බව රටවාසීන් බොහෝ දෙනෙකුට දැනගන්නට ලැබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ‘යූඑස්ඒඩ්ස්’ නැවැත්වීමෙන් පසුවයි.
ඉතිහාසයත්, සංඛ්‍යාලේඛනත් අනුව ලංකාව සිංහල බෞද්ධයින්ගේ රටයි. ‘යූඑස්ඒඩ්ස්’වලින් නඩත්තු වූ රාජ්‍ය නොවන සංවිධාන සහ යාච්ඤා කල්ලි (යූස්ෆුල් ඉඩියෝට්ස් කණ්ඩායම්) විසින් රවටන ලද රටවැසියන්, ලංකාවේ ථෙරවාදී බුදුදහම සහ සිංහල ජාතිය වනසා දැමීමට නොයෙක් කටයුතු සිදු කර තිබේ. එම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වීම ලංකාවට යහපතකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ මොළයට රිංගා ඇති කසළ ඉවත් කිරීමට හැකි දැනුම නමැති විරේකයකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි යුද්ධය ජයගෙන ලංකාවේ සාමය ඇති කිරීමට කටයුතු කළේය. ඔහු සහ ඊට සම්බන්ධ හමුදා නායකයින් මානව හිමිකම් උල්ලංඝණය කළහයි එ.ජා. මානව හිමිකම් කොමිසමට පැමිණිලි පිට පැමිණිලි ලැබුණි. සමහර පැමිණිලි, කතෝලික බිෂොප්වරුන්ගෙනි. එම නිසා රාජ්‍ය නායකයා සහ හමුදාව මානව හිමිකම් කොමිසමේ උදහසට ලක් වී තිබුණි. ඊට සමාන දෙයක් ඊශ්‍රායලයට සිදු විය. නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය, පලස්තීනයේ ඉස්ලාමිකයන්ට අපරාධ කළේ යයි චෝදනා නගා ඊශ්‍රායල් අගමැති නෙතින්යාහු සහ ඔහුගේ විදේශ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය. ට්‍රම්ප්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාවක් කර ඇතැයි චෝදනා නගා ඊට සම්බාධක පැනෙව්වේය.
ඩොලර්වලින් නඩත්තු වූ එන්ජීඕ (යූස්ෆුල් ඉඩියෝට්ස්) සංවිධාන සිංහල උපත් අඩු කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත. සොච්චම් මුදලක් දී සිංහල පිරිමින් විශාල පිරිසක් පුස්සන් කරන්නට ඔවුන්ට හැකි විය. සිංහල කාන්තාවන් අති විශාල පිරිසකගේ ගැබ් ගැනීමේ ශක්තිය නැති කිරීමත් ඔවුන්ගේ ක්‍රියාවකි. මෙම පිරිස් ශ්‍රේෂ්ඨ සිංහල සමාජය කඩා දමා සමනළ සංස්කෘතියක් ගොඩනැගීම කරගෙන යති. ඒ හැම අපරාධයකින්ම ඔවුන්ට මුදල් හා වෙනත් වාසි ලැබේ. සිංහල බෞද්ධයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වේ.
මෙම කුලී හමුදා භික්ෂුන් වහන්සේට හිමි ගෞරවය නැති කිරීමට නොයෙක් උපක්‍රම භාවිත කර තිබේ. ජවිපෙ හාමුදුරුවරු නිදසුනකි. අප දන්නා ලෙසට ඇතැම් නායක හිමිවරුන් නිහඬ වන්නට හේතුව, ජවිපෙ හිමිවරුන් උන්වහන්සේලාගේ ගෝලයින් බැවිනි. මේ ඇතැම් පොඩි හාමුදුරුවරුන් සමාජයට කියන්නේ ජාතික ව්‍යාපාරවල යෙදුන භික්ෂුව ත්‍රස්තවාදියකු බවයි.
ඇමරිකාවටත් අරාබි රටවලින් මුදල් ආධාර ලැබේ. 1981 සිට 2024 අතර කාලය ඇතුළත ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම සඳහා ලැබුණු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 55 කි. කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එසේ ආධාර කළ ප්‍රධාන රටවල තුනයි. 2020 සිට මෙම රටවලින් ලැබුණු ආධාරවල ලොකු වැඩිවීමක් සිදු විය. ආධාර මුදල්වලින් ගොඩනැගුණු ගොඩනැගිලි, ක්‍රීඩාගාර වැනි දෘශ්‍යමාන දේ තිබේ. අදෘශ්‍යමාන දේත් ඇත. ගාසා තීරයේ ඊශ්‍රායල් හමාස් යුද්ධය සිදුවෙද්දී ඇමරිකාවේ විශ්වවිද්‍යාල ඔස්සේ ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ඇති වීම නිදසුනකි.
බයිබලයේ සඳහන් වන ලෙසට මැවුම්කාරයන් වහන්සේ හීබෲවරුන්ගේ ගැලවුම්කාරයා වන්නේය. යුදෙව්වන්ව වහල් සේවයේ යෙදවූ මිසර ජාතිකයන් සමග එතුමාට තිබුනේ දැඩි වෛරයකි. ක්‍රිස්තියානි ආගම ඇති වූ පසු, යේසුස් වහන්සේට ඇණ ගැසුවේය යන චෝදනාව පිට යුදෙව් ජාතිකයෝ නින්දාවට පත් වූහ. ජර්මනිය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල බිහි වූ නාසිවාදී නායකයින් සමග පාප්තුමා එක කඳවුරක සිටියේය. නාසිවාදීන් කළ ලොකුම ක්‍රියාව යුදෙව්වන් සංහාරය කිරීමයි.
මැවුම්කාරයාණන්ගේ නියමය පරිදි ක්‍රියා කළ මෝසස්, ඊජිපත්තුවේ සිටි හීබෲ වහලුන්ව ගලවාගෙන රටින් පිට විය. කනානය ඔවුන් පදිංචි වූ රටයි. එය දැන් ඉස්ලාම් රටකි. ඊට යාබද පිහිටි හීබෲවරුන්ගේ (යුදෙව්වන්ගේ) රට වන ඊශ්‍රායලය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් හීබෲවරුන් සඳහා ගොඩනගන ලද්දකි. ඒ රට හා යුදෙව් ජනයා ආරක්ෂා කිරීමට ඇමරිකාව බැඳී සිටී. එහෙත් ඊශ්‍රායලය වට කරගෙන සිටින ඉස්ලාම් රාජ්‍යයන් තම රටවල් මැද යුදෙව් රටක් පවතිනවාට කැමති බවක් නොපෙන්වයි.
කොමියුනිස්ට්වාදය පැතිරවීම වැළැක්වීමට සවුදි අරාබිය වැනි ඉස්ලාම් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ ඇමරිකාව, ඊශ්‍රායලය ද රැක ගත්තාය. අරාබි රටවල්, ඒවායේ පාලකයින් සහ ආයතන ඇමරිකාව සමග හවුල් ව්‍යාපාර පවත්වාගෙන යයි. ඛනිජ සම්පත්වලින් ලැබෙන අති විශාල ධනයෙන් ඇමරිකාවේ අධ්‍යාපනය නැංවීමට ඔවුන්ගෙන් උපකාර ලැබේ.
‘වෝක්වාදය’ නමින් වෙනස් මුහුණුවරක් ගත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල කොමියුනිස්ට්වාදය සහ සම්ප්‍රදායික කොමියුනිස්ට්වාදය අතර අසමානකම් පවතී. වෝක්වාදය, ලිංගික නිදහස ගැන ලොකු උද්‍යෝගයක් හා සැලකිල්ලක් දක්වයි. ඉස්ලාම් ආගම, සමලිංගික ජීවිතය සහ ලිංග වෙනස් කිරීම අපරාධ ක්‍රියා ලෙස සලකයි. ඉස්ලාම් ආගම, ‘වුමන් ලිබරේෂන්’ (කාන්තා ගැලවුම) ගැන උනන්දුවක් දක්වන්නේද නැත. ඉස්ලාමික සමාජ හමුවේ වෝක්වාදියෝ ඔළුව සඟවා ගන්නා පැස්බරුන් සේ හැසිරෙති.
1971 කැරැල්ල ඇරඹුණේ පොලිසිවලට පහර දීමෙනි. ලෝකයේ බොහෝ රටවල් ජවිපෙ කොමියුනිස්ට් ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් පිළිගෙන සිරිමා බණ්ඩාරනායක අගමැතිවරියනේ ප්‍රජාතන්ත්‍රවාදී රජය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූහ. උතුරු කොරියාවට ලංකාවේ තානාපති කාර්යාලය වසන්නට සිදු වූයේ කැරලිකරුවන් සමඟ සබඳතා පැවැත්වූවේය යන සැකය ඉස්මතුවීමෙනි. ගෝඨාභය රජය පෙරළීමට ජවිපෙ කටයුතු කළේද ප්‍රජතන්තවාදය අවභාවිත කරමිනි.
අරගල සංදර්ශනය අතර සංවිධානාත්මක මැර කණ්ඩායම් පොහොට්ටුවේ මැති ඇමතිවරුන් ගණනාවකගේ නිවාස පිළිස්සූහ. ඔවුන් අතර ජවිපෙ සාමාජිකයෝ පෙරමුණ ගත්හ. ලාල්කාන්ත පසු කලෙක ඒ බව ප්‍රසිද්ධියේ කීවේය. ගිනි තබන ලද රනිල් වික්‍රමසිංහගේ නිවෙසේ ඉතා වටිනා පොත් පත් හා චිත්‍ර තිබුණ බව ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ විය. මෙබඳු වස්තු තවත් බොහෝ නිවෙස්වල තිබෙන්නට ඇත. ඉස්ලාම් හමුදාව නාලන්දාව අදේවවාදීන්ගේ ගොඩනැගිලි සංකීර්ණයක් යැයි සිතා ගිනි තැබූහ. එහි ලෝකයේ විශාලතම පුස්තකාලය තිබුණි. නාලාන්දාව ගිනිබත් වීමත් සමගම ලෝකයේ දැනුම් ගබඩාවක් විනාශ වී ගියේය.
මුග්ධයින්ට (ඉඩියෝට්ස්ලාට) කිසිම විටක පොත් පත් හා කෞතුක වස්තු වටිනා දේවල් යැයි නොසිතේ. අලි ඇතුන්, වන සතුන් හා පක්ෂීන්ගේ වටිනාකමක් ඔවුන්ට තේරුම් කර දීමට නොහැකිය. ‘ක්ලින් ශ්‍රී ලංකා’ යනු රටවැසියන් අතර ආකල්පමය වෙනසක් ඇති කිරීම බව අගමැති හරිනි අමරසූරිය කියයි. ඇය අගමැති තනතුරට පත් වීමට පෙර රට දැය සමය භාෂාව සංස්කෘතිය ගැන දැක්වූ ආකල්පය කුමක්දැයි වැටහීමක් අපට ඇත.