Last Updated on 9 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Credit: owlcation.com
නිර්ධන සහ ධනපති යනුවෙන් පංති දෙකක් පිළිගත් මාක්ස්වාදීන්ට ධනය ඇත්තන්ට වෛර කරන්ඩ සිදු වේ. රෝහණ විජේවීර ඇතුළු සියලූ ජවිපෙ සාමාජිකයන් නන්දා මාලිනීට ආදරය කළේ ඇය වෛරී ගී ගායනා කළ හේතුවෙනි. ඇය ගැයූ:
‘යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී පමුණුවන්න’
‘සීතල පොළවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා’
වැනි ගී අසා මොළය විකෘති කරගත් තරුණ තරුණියෝ දහස් ගණනක් වධබන්ධනවලට ලක්ව මිය ගියහ. සුනිල් නන්දා උපදේශක දෙපළ පිටරට පැන සැඟවුණහ.
‘තරුණයින් අපේ ගී අසා උත්තේජනය වී වැරදි පාරේ ගියාට අපි කුමක් කරන්නදැ’යි පසු කලෙක ‘බලය’ නමැති සඟරාවට සුනිල් ආරියරත්න පවසා තිබුණි.
ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක් මඟින් විශාල ජාතික මෙහෙවරක් කිරීමට පුළුවන. ඇමරිකාවේ විසූ බොබ් මාලේ නිදසුනකට ගනිමු. කැරීබියානු රටක් වූ ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණ පදිංචිව සිටි බොබ් මාලේ ප‍්‍රසිද්ධ ප‍්‍රසංග ගායකයෙකි. ඔහු ගායනා කළ ‘බෆලෝ සෝල්ජර්ස්’ ඇමරිකාවේ අතිශයින් ජනප‍්‍රිය වූ ගීතයකි. එමගින් කළු ඇමරිකානුවන්ගේ මනසට පණිවිඩයක් දී ඇතැයි යන්න ඇතැමුන්ගේ අදහසයි. අප‍්‍රිකාවේ ඉපදී ඇමරිකානුවන් බවට පත් වූ කළු ජාතිකයන්ගෙන්, කළු ජාතික ඉතිහාසය ඉගෙන ගන්නැයි කෙරෙන ඉල්ලීමක් ඒ ගීතයේ අඩංගුය. බොබ් මාලේ කළු ජාතිකයන්ට ‘ඉතිහාසය ඉගෙන ගනිල්ලා’ යැයි කීම ඔවුන්ගේ මනස දියුණු කිරීමකි.
නන්දා මාලිනී සංගීත ජීවිතය පටන් ගත්තේ ජාතිකානුරාගය දනවන ගී ගැයීමෙනි. ඇය ගැයූ මහගම සේකරගේ රචනාවක් වූ ‘මේ සිංහල අපගෙ රටයි’ ගීය සහ මහින්ද අල්ගම ලියූ ‘චන්ද්‍ර ම
ඩුළු යට සුරංගනාවන්’ ජාතිකානුරාගය ජනිත කරවන ප‍්‍රසිද්ධ ගී දෙකකි.
එක්සත් රාජධානියේ සිංහල සංගමය එහි සංගීත ප‍්‍රසංගයක් සඳහා එන්නැයි ඇයට ආරාධනා කරන්නට ප‍්‍රධාන හේතුව ‘මේ සිංහල අපගෙ රටයි’ සින්දුව බව සංගමයේ සභාපතිව සිටි ඩග්ලස් වික‍්‍රමරත්න අප හා කීවේය.
පසුව නන්දාට සිංහලකම පෙන්නන්නට බැරි තත්වයක් උදා විය. ලන්ඩනයේදී ‘මේ සිංහල අපගෙ රටයි’ ගීය ගයන්නැයි පසු කාලයක දී කරන ලද ඉල්ලීම ඇය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද බව ඩග්ලස් වික‍්‍රමරත්න අප හා පැවසීය.
නන්දාගේ සිංහල විරෝධය කැපී පෙනෙන තවත් අවස්ථාවක් නම්, ‘චන්ද්‍ර ම`ඩුළු යට සුරංගනාවන්’ ගීතයේ වචන කප්පාදු කර ගැයීමයි. මේ ගීතයේ අවසාන කොටස මෙසේ වීය:
‘‘දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලූ
වීර දුවේ මා බිය නොමවන්නී
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ’’
පසු කලෙක නන්දා මේ ගීය ගැයුවේ ඒ පද හතර නැතිවය.
සුනිල් ආරියරත්නට සම්බන්ධ වූ ඈ, මහජනයා ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන වෛරී ගී ගයන ගායිකාවක බවට පත් වූවාය. ‘පවන ගී’ නිදසුනකි. එහි අඩංගු ගී අතර රසිකයාගේ සිතේ සිංහල ජාතිය කෙරෙහි වෛරය ඇති කරවන ගීත තිබේ. ‘බමුණා වුනත්’ ගීතයේ කොටසක් මෙසේය:
“බමුණා වුනත් දුදුනෙකු නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදුනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුවත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු”
සුනිල් ආරියරත්න මේ ගීයේ සැඩොලා යැයි හඳුන්වන්නේ මහා බ‍්‍රහ්මයාගේ සුළැඟිල්ලේ කෙළවරින් මැවූ ශුද්‍රයන් විය යුතුය. ලංකාවේ බමුණන් නැති හෙයින් ශුද්‍රයන්ද නැත. සිංහලයන්ට මොනම ක‍්‍රමයකින් වත් ඉන්දියාවේ බමුණන්ව බිම හෙළන්නට නොපුළුවන. ‘අමුල්’ බ‍්‍රාහ්මණයින්ගේ හපන්කමකි. ඉන්දියානු ව්‍යාප්තිවාදය ගැන කියමින් සිටි ජවිපෙ නායකයින් ‘ෆුල් සූට්’ ගස්සා එහි කැඳවීමට අමුල් සමාගමට හැකි විය.
ඉහත ගීයේ තුන් වැනි පේළියෙන් හෙළයින් ගැන කියැවේ. හෙළයින් කවුරුන් දැයි නිවැරදිව කීමට ඉතිහාස විශේෂඥයෙකුට වත් නොපුළුවන. හෙළයින් සිංහලයන්ගේ මුතුන් මිත්තන් යයි විශ්වාසයක් බොහෝ සිංහලයන් අතර පවතී. එනිසා හෙළයා සිංහලයන්ගේ ගෞරවය ලබන්නෙකි. සුනිල් ආරියරත්න ජඩයින් ගැන කීමට හෙළයකුම යොදාගන්නේ සිංහල ඉතිහාසයට අපහාස කිරීමටය.
සිව් වැනි පේළියෙන් දෙමළ විරුවන් ගැන කියැවේ. දෙමළ වීරයෝ ඕනෑ තරම් සිටිති. දකුණු ඉන්දියානු ඉතිහාසය පිරී ඇත්තේ දෙමළ විරුවන්ගේ කතාන්දරවලිනි. නාමිකව හෝ කියැවෙන මෙවැනි විරුවන් ගැන සිංහලයන්ට ප‍්‍රශ්නයක් නොතිබිණි. මහාවංශයේ එළාර රජුගේ නීතිගරුකභාවය සඳහන් වන ප‍්‍රවෘත්තිය නිදසුනකි.
සුනිල් ආරියරත්න ලියූ මෙම පැදියේ තෙවැනි සිව්වැනි පේළි අසන්නාට, ‘සිංහලයා ජාතිවාදියෙක්ය’ යන හැඟීම ඇති වේ. ඔහු, ‘ජඩ හෙළයින්’ සහ ‘දෙමළ විරුවා’ යන වචන යොදා ඇත්තේ ලොකු පරමාර්ථයකිනි. මේ ගී ජනප‍්‍රිය වූ කාලයේ එවැනි යෙදුම්වලට සිංහල විරෝධීන්ගෙන් ලොකු ඉල්ලූමක් තිබුණි.
මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය නන්දා මාලිනි දෙදෙනා වෙනුවෙන් උපහාර කවි පොතක් පළ කර තිබේ. මේ උපහාර කවි ලියන හා උපහාර උත්සව පවත්වන සිංහලයින්ට රටේ සිදු වන හා සිදු වූ දේ ගැන අවබෝධයක් තිබිය යුතුය. සිංහලකමට පහර දෙන අයට සිංහලෙන් උපහාර කවි ලිවීම හා උත්සව පැවැත්වීම අදට මෙන්ම මතුවටත් කරන සපයන නරක ආදර්ශයකි.