Last Updated on 5 months by admin
ඩේවිඩ් ඇන්තනි
Pic. credit: New York Post
ලෝකයේ ඇතැම් රටවල් ගාසාහි සිදුවන විනාශය වැළැක්වීමට වෙහෙසෙති. ලංකාවේ ඇතැම් දේශපාලනඥනයෝ ඊශ‍්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඉවත්විය යුතුයයි කියමින් දේශපාලන රඟපෑමක යෙදෙති. මේ සමාන ක‍්‍රියා දෙකක් නොවේ. පළමුවෙනි ක‍්‍රියාවට නිිමිත්ත හමාස් ත‍්‍රස්තවාදීන් ඊශ‍්‍රායල්යට කඩා පැන රට වැසියන් මරා පිරිසක් පැහැරගෙන ගාසා ප‍්‍රදේශයට ගෙන යාමයි. ඔවුන් නිදහස් කරගැනීම ඊශ‍්‍රායල් ආණ්ඩුවේ වගකීමකි. දෙවැනි ක‍්‍රියාවේ යෙදෙන ලංකාවේ දේශපාලනඥයින්ගේ පරමාර්ථය ඉදිරි මැතිවරණවලදී මුස්ලිම් ඡුන්ද ලබාගැනීමයි. මුස්ලිම් ඡුන්ද හා අරාබි සල්ලි මෝදි ප‍්‍රධාන බීජේපියටත් තර්ජනයක් වී ඇත.
කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් භූමිය නිදහස් කරගැනීමට උතුරු නැගෙනහිර පළාත්වලට ඇතුළුවීමට ලංකාණ්ඩුවේ හමුදාවට සිදුවිය. දෙමළ ඩයස්පෝරාව එය හැඳින්වූයේ දෙමළ නිජබිම සිංහල හමුදාව ආක‍්‍රමණය කිරීමක් ලෙසනි. ඔවුන්ගේ කතාව පිළිගත් බටහිර රටවල් යුද්ධය නවත්වන්නැයි ලංකා රජයට කීහ. එදා ඒ උපදේශය පිළිගෙන ආණ්ඩුවේ හමුදාව යුද්ධය නවත්වා උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත්වුවා නම් අද ලංකාව ඒකීය රටක් නොවේ. එදා හමුදාව රටේ ආරක්ෂාව උදෙසා උතුරේ ඉඩම් ප‍්‍රමාණයක් ඔවුන්ගේ භාරයට ගත්තේය. ඒවා ආපසු ලබාගැනීමට හ`ඩනැගූ දෙමළ ඩයස්පෝරාව ලංකාවේ හමුදාව හා ඊට නායකත්වය දුන් දේශපාලන නායකත්වය වරදක් කළේ යයි ලෝක මතයක් නිර්මාණය කර තිබේ. රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඔප්පු ප‍්‍රදානය සිංහලයන්ට නොතේරෙන්නට ඊළාම් ඉල්ලීම ඉටු කිරීමකි. මේ නිසා දෙමළ ජාතිවාදී දේශපාලනඥයින් රනිල් කැමති කලක් රට පාලනය කිරීම රටට යහපතක් යයි කීම පුදුමයක් නොවේ.
ගාසා යුද්ධය මුල්කොට ඊශ‍්‍රායලට විරුද්ධව ලෝක මතයක් ඇතිකිරීමට අරාබියේ රටවල් කිහිපයකට හැකිවී ඇත. ඒ වෙනුවෙන් ඔවුන් අති විශාල ධන සම්පත් ප‍්‍රමාණයක් වැය කර තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ එයින් කොටසක් ඇමරිකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවීමට වැයකර ඇති බවයි. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාලයන්හි විශේෂයෙන්ම සමාජවිද්‍යා හා මානවවිද්‍යා පීඨයන්හි ඉගෙනුම ලබන විද්‍යාර්ථින් වැඩි පිරිසක් ඊශ‍්‍රායල් විරෝධීන් වීමයි. පසුගිය කාලයේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ඊශ‍්‍රයල් විරෝධී රැුල්ලක් ඇතිවිය.
ඇමරිකානු යුදෙව් ප‍්‍රජාවට රටේ යම් යම් ක්ෂෙත‍්‍රයන්හි විශේෂ බලයක් පවතී. ඇමරිකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එන විදේශ මුදල් හා ඒ මුදල් ආයෝජනයේ ප‍්‍රතිවිපාක ගැන අවධානය යොමු කිරීමට ඔවුන්ට පුළුවන. ඇමරිකානු ඉන්දියානුවන් ඒ ගැන උනන්දුව දක්වා ඇත්තේ අඩුවෙනි. අදානි වැනි කෝටිපති හින්දු ව්‍යාපාරිකයන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවීමට යොදා ඇති මුදල්වලින් බිහිවන්නේ හින්දු ජාතිකත්වයට පහර ගසන ඉස්ලාම් ආගමට හිතවාදී ඉන්දියානුවන් බව ‘ඉපන්ෆිනටි’ සංවිධානය පැහැදිලි කරයි.
2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඇෆ්ගනිස්ථානය මූලස්ථානය කරගත් අල්කයිඩා ත‍්‍රස්තවාදින්ගෙන් ප‍්‍රහාරයක් එල්ල විය. ඒ සමග ඇමරිකාව ප‍්‍රධාන බටහිර යුරෝපා රටවල ගුවන්ගමන්හි යෙදන සික් ජාතිකයින්ට පවා නොයෙක් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවූයේය. බටහිර රටවල ආරක්ෂක අංශ ඉස්ලාම් ත‍්‍රස්තවාදය සොයමින් ලූහුබැඳීම ඊට හේතුවයි. ඒ තත්වය පාලනය කිරීමට හා සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ජාත්‍යන්තර මුස්ලම් සංවිධානයන්ට හැකිවී තිබේ. දැන් ඒ රටවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවයට සේවකයන් බඳවා ගැනීමේදී කෝටා ක‍්‍රමය ඉදිරියට පැමිණ තිබේ. එයින් ආරක්ෂ අංශවල සේවයට නුසුදුස්සන් පත්වීමට ඉඩ ඇත.
ලේබර් පක්ෂය එංගලන්තයේ බලය ලබාගැනීම ගැන අදහස් දක්වන ඇතැම් දේශපාලන විචාරකයින් කියන්නේ මීළඟ මැතිවරණයකදී ඉස්ලාම් ආගමිකයෙකු එහි අගමැතිවීමට ඇති ඉඩකඩ වැඩි බවයි. මාලිමාව මෙහෙයවන හරිනිලා පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. ටෘඩෝ ප‍්‍රධාන කැනඩාව පාලනය කරන දේශපාලනඥයින් වැඩි පිරිසක් ඉස්ලාම් ඡුන්දවලට ලෝබයෙන් කටයුතු කරන බවට ඉන්දියාවෙන් චෝදනා එල්ල වී තිබේ. කැනඩාව ඉන්දියාවට හානි කරන කලිස්තාන් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය බව ඉන්දියාව දනී. දෙමළ කොටි ව්‍යාපාරයට නිරතුරුව ආධාර කළ කැනඩාව දෙමළ ඩයස්පෝරාවට විශාල වශයෙන් අනුග‍්‍රහය දක්වන රටකි.
ගාසා තීරයේ සමූල ඝාතනය නවත්වන්නැයි කියමින් විරුද්ධ පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය දිනක කළ ප‍්‍රකාශයක් නිවුස් වයර් (මැයි 13* හි ප‍්‍රසිද්ධ වී තිබුණි. ඔහු මුජිබර් රහමන්, එස්. එම්. මරික්කාර් ආදීන් හා එක්ව ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සාමාජිකයන් පිරිසක් සමග කොළඹ සිට ඊශ‍්‍රායල් විරෝධතාවක යෙදී ඇත. ආර්ථික අර්බුදය නිසා ලංකාව ලෝකය හමුවේ හිඟන රටකි. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ යුද්ධයෙන් පීඩාවට පත් ගාසා වැසියන්ට උපකාර පිණිස ලංකාවේ සම්පත් වැය කිරීමට සැරසේ. මහින්ද රාජපක්ෂ රජය හැම කල්හිම පලස්තීනය සමග සිටියේ්ය. මාලිමාව ද පලස්තීනය සමගය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී බලය ලබා ගැනීම සඳහා ඉස්ලාම් ඡුන්ද ලබා ගැනීමට මේ හැමෝම තරග කරති.
යුද්ධය නිසා ගාසා තීරයේ පදිංචිකරුවන්ට බොහෝ අලාභ හානි සිදුවී ඇති බව ඇත්තකි. හමාස් සංවිධානය ඊට වගකිව යුතුය. නමුත් එහි ප‍්‍රධානීන් වැඩි දෙනෙකුට යුද්ධය යහපතක් වී ඇති බව දන්නා පිරිස ස්වල්පය. හමාස් නායකයින් විශාල පිරිසක් මැදපෙරදිග ධනවත් ඉස්ලාම් රටවල ඉතාම ආරක්ෂිතව සුඛෝපභෝගී ජීවිත ගෙවති. කටාර් රාජ්‍යයේ පමණක් හමාස් සංවිධානය මෙහෙයවන නායකයින් තිදෙනෙක් වෙසෙති. ඔවුන් කෝටිපතියන් විනා සාමාන්‍ය පෝසතුන් නොවේ.