Last Updated on 4 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
Pic. credit: networkologies.wordpress.com
මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත.
හේගලියානු ද්වන්දාත්මක න්‍යායට (Hegalian Dialectic Theory) අනුව කාරණා දෙකක් අතර ඇතිවන එනම් ප්‍රවාදය හා ප්‍රතිප්‍රවාදය අතර ඇතිවන පරස්පර විරෝධී බව තුළින් සහවාදයක් ඇතිවේ (thesis X antithesis = Synthesis).
මේ කියන සහවාදය යනු ගැටුම හරහා නිර්මිත වන හෝ මතුවන සත්‍යයයි.
අඳුර කියා දෙයක් නැති බව කෙනෙකුට තර්ක කළ හැකියි. එසේ නම් අඳුර යනු කුමක්ද?
සරලම පිළිතුර “අඳුර කියන්නේ ආලෝකය නොමැතිවීම” යි. අඳුර හා ආලෝකය එකවරම එකම තැන පැවතිය නොහැකියි. කෙසේ වෙතත් ආලෝකය සංජානනය කර ගැනීම සඳහා අඳුර අපට ප්‍රයෝජනවත් වන බව අපි පිළිගත යුතුයි. දාර්ශනික පැත්තෙන් බැලූ විට සංසාරෙන් එතෙර වීම සඳහා දුක යනු කුමක්ද යන්න ගැඹුරින් වටහා ගත යුතුයි.
“ආලෝකය ඇත” සහ “ආලෝකය නැත” යනු යථා ලෝකයේ භාවිතයන් දෙකක්.
මේ අවස්ථා දෙකේදීම අපි ප්‍රායෝගිකවම යම් දෙයක් අත්දකිමු. අත් විඳිමු.
එනම් ආලෝකය නිසා අපට දෘෂ්ටිමය වශයෙන් අප අවට ඇති දේ සංජානනය කරගැනීමට ඇති හැකියාවයි.
ආලෝකය නැති අවස්ථාව අපි අඳුර ලෙස හඳුන්වමු. එය සම්මුති සත්‍යයක් පමණයි. නමුත් යථාර්ථය නම් ආලෝකය නොමැති වීමයි.
ව්‍යවහාරයේදී මිනිසා ආලෝකය මෙන්ම අඳුරද ප්‍රායෝගිකව හඳුනා ගනී. “හිරු මුහුදේ ගිලුනු නිසා අපි අඳුරේ” කියා කියන්නේ සාහිත්‍යකරුවන්.
න්‍යාෂ්ටික ප්‍රතික්‍රියාවක් නිසා නිපදවන හීලියම් වායුව දැවෙනතාක් හිරුට කිසි දිනක අඳුර දැනෙන්නේ නැහැ. අපට ඉර බසින විට ජපානයට හිරු උදාවේ. සදාකාලික අඳුරක් පෘථිවි තලයට ඇති වන්න නම් හිරුගේ හීලියම් දැවී අවසාන විය යුතුයි.
ඉහතින් දැක්වූයේ හිරු හා සම්බන්ධ භෞතික ක්‍රියාවලියයි.
හිරු තාරුකාවක් ලෙස හඳුනා ගන්නා තුරු බොහෝ ඉපැරණි සංස්කෘතීන් හිරු හඳුනා ගත්තේ දෙවිකෙනෙකු ලෙසින්. නොදන්නා හා නොපෙනෙනා මැවුම්කරුවෙක් වෙනුවට පෘතුවිය මත ගහකොළ හා සියලුම සත්වයින්ගේ පැවැත්ම රඳා පවතින්නේ හිරු මත නිසා, හිරු දෙවි කෙනෙක් මෙන් සැළකීමේ හා හිරුට වන්දනා කිරීමේ වරදක් නැත.
හිරුට දේවත්වය ආරෝපණය කිරීම සත්‍යයට ළං වීමක් ලෙස සිතීම සාවද්‍යයි. එහෙත් අදටත් හිරු දෙවි කෙනෙක් සේ සලකා
වන්දනා කරන මිනිසුන් විශේෂයෙන්ම පෙරදිග ලෝකයේ මිලියන් ගණනින් සිටිනවා.
අඳුර ඇතිවන්නේ හිරු (අස්තංගත වීම) නිසා බව නොදැන සිටි ලෝකයා අඳුර යනු හිරුගේ මෙන්ම මිනිසාගේත් සතුරා යැයි සිතන්න පුරුදු විසින් සිටියා. ප්‍රාග් ඓතිහාසික භූගෝලීය හා දේශගුණික හේතු සාධක මත මානව සමාජය තුළ අඳුර හා බිය එකිනෙක සමග අත්වැල් බැඳ ගනිමින් සරළ සමාජයන් තුළ අදටත් අඩු වැඩි වශයෙන් පවතිනවා.
ප්‍රවාදය=හිරු
ප්‍රතිප්‍රතිවාදය= අඳුර
සහවාදය=හිරු වටා පෘථිවි භ්‍රමණය ලොවෙන් අඩක් ආලෝකමත් කරන විට අඩකට අඳුර ගෙන දෙනවා. පරම සත්‍යය එයයි.
නමුත් අසත්‍යයක් විශ්වාසයක් බවට පත්වී එය සම්මුති සත්‍යයක් බවටද පත්වී ඇදහිල්ලකින් කෙළවර වී තිබෙනවා.
මිනිසා යනු බුද්ධිමත් සත්වයෙක්. වාදය තුළ ප්‍රතිවිරෝධය හට ගන්නේ දැනුමේ ඌනතාවයක් නිසයි.
හේගල් නම් ජර්මන් දාර්ශනිකයා සත්‍ය ගවේෂණය වෙනුවෙන් ඉදිරිපත් කළ ආපෝහක ක්‍රමවේදය වඩාත් ළං වන්නේ බුදුදහමටයි.
දැනුමේ අවිද්‍යාත්මක කොටස මිනිස් මනස පාලනය කරන තාක්, හිරු පායා ආ පසුවත් අඳුරක් ගැන කතා කරන මිනිසුන්ට සත්‍ය දැකීම සඳහා හේගල්ගේ ද්වන්දාත්මක න්‍යාය තව බොහෝ කලක් යනතුරුත් මිනිස් සන්තානයේ රැඳී පවතිනු ඇත.