19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අන්දකයිප්පු කාලා කරපු වැඩක් ද

Last Updated on 2 months by admin

මම මුලින් ලියපු ලිපියෙන් පෙන්නුවා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවු. 5ක් කියලා සඳහන් වීම සහ මේ අවුරුදු 6 කතාව අතර පරස්පර විරෝධයක් තියෙන බව. මේක ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අතපසුවීමක් බව මගේ අදහස බවත් මම සඳහන් කළා. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. ජනාධිපතිවරයාගෙ ධුර කාලය අවුරුදු 5ක් බව ව්‍යවස්ථාවෙ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එහෙම නම් මොකක්ද මේ 83 (ආ) ඡේදයේ තියෙන අවුරුදු 6 (සාවුරුදු) කතාව? (සාවුරැදු කිව්වාම අවුරුදු 4 කියලත් තර්ක කරන්න පුළුවන් ඕන නම්. 6 සහ 4 දෙකටම සා කියලා කියනවානෙ.)

බද්දේගම රැස්වීමක් අමතපු ජනාධිපති රනිල් කියලා තියෙනවා ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ව්‍යවස්ථාව සම්පාදනය කරපු ජයම්පති වික‍්‍රමරත්නට පළපුරුද්දක් නැතිකමින් සිදුවුන වරදක් කියල.

ඊට උත්තර වශයෙන් ජයම්පති වික‍්‍රමරත්න නිවේදනයක් නිකුත් කරලා තියෙනව. එයින් කොටසක් මෙහෙමයි.

මේ නිවේදනයෙ, ‘එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි’ කියල වික‍්‍රමරත්න කියන්නෙ මොකක්ද කියල මට නම් තේරුම් ගන්න බෑ. ඒ වගන්තියෙන් කියවෙන්නෙ, ධුර කාලය අවුරුදු 6 ඉක්මවා පවත්වාගෙන යන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවයි. එහෙම නැතිව, ජයම්පති කියන හැටියට, ධුර කාලය වැඩි කළ හැකි උපරිම කාලය අවුරුදු 6ක් කියලා අර්ථයක් ඒකෙ නෑ. 19 සංශෝධනයට කලින් ධුර කාලය අවුරුදු 6 නිසා තමයි ඊට වැඩි කාලයක් ඉන්න අවශ්‍ය වෙලාවක කටයුතු කරන්න ඕන කොයි ආකාරයෙන්ද කියන නීතිය පෙන්නලා තියෙන්නෙ. ධුර කාලය අවු. 5 වුනාම එතන අවු. 5 වෙන්න ඕනනෙ. අවු. 6 වෙන්න බෑනෙ.

ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරන්න ජනමත විචාරණයක් අනවශ්‍ය නම් 83 (ආ) වගන්තියේ ධුර කාලය යථාවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යද? අවුරුදු ගණන සංශෝධනය කළාට 83 වගන්තියේ වෙනත් කිසිම වෙනසක් කෙරෙන්නෙ නෑනෙ. වෙනස් කරලා තියෙන්නෙ, 83 (ආ) ඡේදයෙ පොඩි කොටසක් විතරයි.

රනිල් කියන කතාව ඇත්තක් හා බොරුවක්. මේක ජයම්පතිගෙ අත්වැරැද්දක් කියන එක ඇත්ත. ඒක අතපසුවීමක් කියලා ජයම්පති පිළිගන්නෙ නැත්තං අන්දකයිප්පු කාලා ව්‍යවස්ථාව සංශෝධනය කළාද කියලා තමයි අහන්න වෙන්නෙ. 83 වගන්තිය සංශෝධනය කළා කියන එක වැරදියි. සංශෝධන කළේ 83 (ආ) ඡේදය.

19 වැනි සංශෝධනයෙන් කළ එක් වෙනසක් තමයි ජනාධිපතිවරයාගෙ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 5 කිරීම. ඊට පෙර තිබුණු 18 වැනි සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාවේ මේ කාලය අවුරුදු 6ක්. මේ ප‍්‍රශ්නයට මුල් වෙලා තියෙන 83 වගන්තියේ (ආ) ඡේදය සහ 83 වගන්තිය 18 වැනි සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාවේ තියෙන්නෙ මෙහෙමයි.

83 වගන්තිය අවසන් වෙන්නෙ මෙහෙමයි.

ජනාධිපතිවරයාගෙත් පාර්ලිමේන්තුවෙත් ධුර කාලය අවුරුදු 6ක් නිසා, ඒ කාලය දික් කරන්න අවශ්‍ය අවස්ථාවක කටයුතු කළ යුත්තේ කොහොමද කියන එකයි මේකෙන් කියන්නෙ.

එතකොට, ජයම්පතිගෙ 19 ව්‍යවස්ථාවෙ ජනාධිපතිවරයාගෙ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5ක් වුනාම මොකද වෙන්න ඕන? මේ සාවුරුද්දක් කියන එක අවුරුදු 5 ක් කියල වෙනස් වෙන්න ඕන. මොකද ඒ තමයි නිල කාලය. ඊට වැඩි කාලයක් ජනාධිපතිවරයාටවත් පාර්ලිමේන්තුවටවත් පවතින්න බෑ. ධුර කාලය ඊට වැඩි කරනවා නම් කළ යුත්තේ 83 වගන්තිය ප‍්‍රකාරවයි. එතකොට කොහොමද 19 ව්‍යවස්ථාවෙ මේ ඡ්දය තියෙන්නෙ.

එතනත් 83 වගන්තිය අවසන් වෙන්නෙ මෙහෙමයි.

කිසි වෙනසක් නැතිව 18 වැනි සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාවෙ තියෙන වගන්ති එහෙමම තියෙනවා. ජනාධිපතිවරයාගෙ හා පාර්ලිමේන්තුවේ නිල කාලය සඳහන් වන වගන්තිවල අවුරුදු ගණන වෙනස් කළාට, ජනමතවිචාරණ සම්බන්ධ වගන්තියේ මේ ඉලක්කම සංශෝධනය කරන්න අතපසු වෙලා.

මේ ගැන කිසි කෙනෙකුගෙ අවධානය යොමු නොවුන නිසා මේක 21 වැනි සංශෝධනයෙත් මෙහෙමම තියෙනවා. රනිල්ට වුනත් මේක අහු වුණේ ජනමත විචාරණයකට යන්න ව්‍යවස්ථාව පරීක්ෂා කරද්දි කියලයි මම හිතන්නෙ. මොකද 19 වන ව්‍යවස්ථා සංශෝධන කළේ රනිල්ගෙ කාලෙ. සංශෝධනය කළ පිටපත් සියලූ මන්ත‍්‍රීවරුන්ටත් ලැබෙන නිසා රනිල් ඕක කියවන්න ඇති. රනිල් ඒක නිවැරදි කළේ, එහෙම නොකළා නම් ජනමත විචාරණයකට යද්දි මේ අර්බුදය බලපාන බව දන්න නිසයි. දැන් නීතිය පැහැදිලියි.

ඒ වගේම අනුරලත් 19 කියවන්න ඇති. නමුත් කිසි කෙනෙක් ඔය වගන්තිය ගැන අවධානය යොමු කළේ නෑ. සංශෝධන කරපු කොටස් ටික විතරක් කියවන්න ඇති.

පහුගිය දවස්වල රනිල් 22 වැනි සංශෝධනය ගෙනාව වෙලාවෙවත් කිසි කෙනෙකුට මේක අහු වුනේ නෑ. අඩු තරමේ මාලිමාවේ සර්වතෝභද්‍ර ප`ඩිවරුන්ට වත් අහුවුණේ නෑ. අහු වුනා නම් අනුර පාර්ලිමේන්තුවේ එදා කළ කතාව ඔයිට වෙනස් වෙන්න ඕන.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පාර්ලිමේන්තුවෙදි කතා කරපු අනුර දිසානායක, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසර 5ක් පමණයි කියන එක පැහැදිලි කරන්න ව්‍යවස්ථාවෙ වගන්ති කීපයක් කියෙව්වා. අනුර 83 (ආ) වගන්තිය කියෙව්වෙ අපැහැදිලි විදියට යම් යම් කොටස් කියවමින්. ඒ කියන්නේ අනුර හිතනවා ඒවා වැදගත් නෑ කියල. ඒ වගේම 83 (ආ) වගන්තියට යටින් තියෙන කොටස කියෙව්වෙත් නෑ. නිකං කෙටියෙන් සඳහන් කළා, ධුර කලය සාඅවුරුද්දකට වැඩි කරන්න ඕනම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියල. ජනමත විචාරණයක් විතරක් නෙවෙයි, ඊට කලින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගන්නත් ඕන.

අනුර කතාව කළේ උඩින්පල්ලෙන්. ජයම්පති ව්‍යවස්ථාව හදලා තියෙන්නෙත් එහෙමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link