කුරුසයේ බෞද්ධ ඉතිහාසය

Last Updated on 3 months by admin

ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කරන පරිදි මේ මොහෙන්ජෝ දාරෝ බෞද්ධ නායකයාගේ පිළිරුවේ ඇති ත්‍රිරත්නය පෙන්වන පෙති තුනක් වැනි සංකේතය කුරුසයේ ආරම්භයයි.

ස්වස්තිකය බෞද්ධ සකේතයක්. ඉතාම පැරණි බෞද්ධ කලා නිර්මාණවල ස්වස්තික ලකුණ දකින්නට පුළුවනි. භාරතයෙන් බුදු සසුන අතුරුදහන් වුනාට පස්සේ, හින්දුන් සහ ජෛනයොත් ස්වස්තිකය පාවිච්චි කරන්න ගත්තා. බෞද්ධ ස්වස්තිකය වමටයි කැරකෙන්නෙ. හින්දුන් වමට කැරකෙන ස්වස්ථිකයට අමතරව දකුණට කැරකෙන ස්වස්තිකයකුත් හදාගත්තා. දකුණට කැරකෙන එක කාලි අම්මා කාලි අම්මා සංකේතවත් කරන්නක්. ස්වස්තිකය සම්බන්ධ තොරතුරු විශාල ප‍්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා ඒ අතරම් ප‍්‍රසිද්ධ නැහැ. ස්වස්තිකය කිව්වාම බෞද්ධ සංකේතයක් බව තමයි ලෝකයේ වැඩි පිළිගැනීම.

වමට කැරකුණු බෞද්ධ ස්වස්තිකය දකුණට කරකවල තමන්ගෙ ලාංඡුනය හදන්ඩ ජර්මනියෙ නාසිවාදීන්ට හැකි වුනා. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව නාසිවාදය පරාජය වුනාට පස්සේ බෞද්ධ ස්වස්තිකය කෙරෙහි පැවති ගෞරවයත් නැතිව ගියා.

කුරුසියත් මීට සමානයි. ඉතා පැරණි බෞද්ධ ප‍්‍රතිමා චිත‍්‍රයන්හි කුරුසි ලාංඡනයේ මුල් අවස්ථාව දකිනට පුළුවනි. ත‍්‍රිරත්නය, ත‍්‍රිකාය වැනිදේ පැහදිලි කරන්නයි මේ සංකේතය භාවිතා කරල තියෙන්නෙ. පසු කාලයක කිතුණුවන් ත්‍රිරත්නය කොපි කරල ත්‍රිත්වය හෙවත් Trinity හදාගත්ත. ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් කුරුසය ගැන හොඳට පැහැදිලි කරල තියෙනව. ඇතැම් සිරිපතුල් සටහන්වලත් කුරුසය මංගල ලකුණක් හැටියට දකින්න පුළුවන්.

යේසුස් වහන්සේ බුද්ධ ශ‍්‍රාවකයෙක් වශයෙන් පිළිගන්නා පිරිසක් ඉන්නව. ඒ ගැන ලියවුන පොත් පත් කියවද්දි යේසුස් වහන්සේ කියන්නෙ ක‍්‍රිස්තියානි ආගම වගේ ඇදහීම නිසා ඇතිවූ පිළිගැනීමක් නොවන බව පැහැදිලියි. ඒ යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක් බව ඔප්පු වෙන සාක්ෂි ඉදිරිපත් වී ඇති නිසා. කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක දෙපළ ලියූ යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ සහ යේසුස්- දේව පුත‍්‍රයකු කළ බුද්ධ පුත‍්‍රයා ඒ විෂය සම්බන්ධයෙන් සිංහල බසින් ලියවුනු වටිනා පොත් දෙකක්.

නමුත් යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක් වූ බවට තොරතුරු ඉදිරිපත් කරන ගවේෂකයින් කිසිවෙකුට කතෝලික සභාවට වගේ බලයක් හෝ ශක්තියකි නැහැ. ක‍්‍රිස්තියානි ආගම ලෝකයෙන් අඩක්ම අල්ලාගෙන සිටි බලසම්පන්න රෝම අධිරාජ්‍යයේ නිර්මාණයක්.

කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ කාලයේ පැවති සම්මේලනයකදි යේසුස් වහන්සේ ගැන තිබුණු අන් සියලූ තොරතුරු හා මතවාද තහනම් කරලා, එතුමා මැවුම්කාරයාගේ පුතාය යන තීන්දුව පිළිගැනීමට ජනතාවට බලකෙරුණා. එය අධිරාජ්‍යයේ ඇදහිල්ල බවට පත්වුණා.

කුරුසිය යනු අධ්‍යාත්මය සංකේතවත් කරන සංකේතයක් නොව අපරාධකාරයින්ට මරණීය දණ්ඩනය දීම සඳහා භාවිතා කරන එල්ලූම් ගසක් වැනි වධක භාණ්ඩයක් පමණයි යනුවෙන් සඳහන් මහාචාර්ය එඞ්වඞ් පෙරේරාගේ ලිපියක් පසුගියදා බෝධි සභාවෙන් කියවන්නට ලැබුණා. මම එඞ්වඞ් මහාචාර්යවරයාගේ ලිපිවලට බොහෝම කැමති කෙනෙක්. මෑතක ඔහු ලියා තිබුණු අපෝහකවාදය පිළිබඳ ලිපිය වැනි ලිපියක් ඒ විෂය සම්බන්ධයෙන් කිසිවෙකුත් ලියා නැති බවයි වගේ වැටහීම.

නමුත් මහාචාර්යවරයා කුරුසිය සම්බන්ධයෙන් මේ අදහස් ඉදිරිපත් කරන්නෙ බෞද්ධ ඉතිහාසය සැලකිල්ලක් නොදක්වා බවයි මට වැටහෙන්නෙ. එහෙම නැත්නම් මහාචාර්ය ධුරයක් සඳහා ඉගෙනුම ලබපු ඔහුගේ මොළයට ඔහු නොදැනුවත්වම ක‍්‍රිස්තියානි දර්ශනය රිංගල තියෙනව. බටහිර අධ්‍යාපනය සකසලා තියෙන්නෙ විද්‍යාර්ථීන් නොදැනුවත්වම කිතුණු දර්ශනයේ හිරකාරයින් බවට පත්වෙන විදියටයි. ඇල්බට් අයින්ස්ටයින්, බර්ට‍්‍රන්ඞ් රසල් වගේ ඉතාම සීමිත පිරිසකට විතරයි එයින් ගැළවෙන්න තරම් බුද්ධියක් තිබුණෙ.

පුරාණ රෝම පාලකයින් අපරාධකරුවන් කුරුසියේ තියා ඇණ ගැසුවාය කියන පුවත ඇත්තක් නොවෙයි. කතෝලික ආගම විසින් ලෝකයට ඉදිරිපත් කරපු ප‍්‍රබන්ධයක්. පලස්තීනයේ කොහේවත් කුරුසියේ නංවා ඇණ ගැසීමක් සිදුවෙලා නැහැ. එහෙම වධක භාණ්ඩයක් රෝමවරුන්ට තිබිලාම නැහැ. අදටත් ඇතැම් මැද පෙරදිග රටවල් මරණීය දණ්ඩනය දෙන්නෙ හිස ගසා දැමීමෙන්. ගල්ගැසීම තමා බයිබලයේ සඳහන් වෙන මරණ ද`ඩුවම. අරාබිය ලීවලින් කුරුස හදන්ඩ තරම් ගස් තිබුණ රටක් නොවෙයි. කාන්තාරයක්.

වැරදි මතවාද සමාජ ගත කිරීම වරදක්. කතෝලික සභාව ලෝකයට ඉදිරිපත් කරපු ප‍්‍රබන්ධ කතාවක් තහවුරු කිරීම එම ක‍්‍රියාව යටින් සිදු වෙනව. යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක් නොවන බවකුත් එම කතාවෙන් කියවෙනව. කුරුසිය බෞද්ධ සංකේතයක් බවට මොනතරම් සාක්කි තිබුණත් මෙවැනි කතාවකින් කෙරෙන්නෙ ඒ සාක්ෂි යටපත් කිරීමයි.

නාසිවාදීන් භාවිතා කළ ස්වස්තිකයේ ඉතිහාසය සොයන විට, ඔවුන් ජර්මනියේ විසූ ටිබෙට් ජාතිකයින්ගෙන් මෙම ලාංඡුනය ලබාගෙන ඇති බව පැහැදිලි වේ. නමුත් ජර්මනියේ සිටි ටිබේට් බෞද්ධයින්ගේ ඉතිහාසය ඉතාම අප‍්‍රකටයි. එමනිසා නාසි ස්වස්තික ලාංඡුනය නාසීන්ගේ නිර්මාණයක් කියන හැඟීම බොහෝ දෙනෙකුට ඇති වෙනව.

මහාචාර්ය එඞ්වඞ් කලින් ලිපියක ලියලා තිබුණා මට මතකයි එයා ඉන්නෙ ජර්මනියෙ කියල. ඒ නිසා මං ජර්මනියෙන් මීට සමාන තව හොඳ උදාහරණයක් පෙන්නන්නම්.

ජර්මන් නාට්‍ය ශිල්පී බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්ව දේවත්වයෙන් පුදන උගත්තු ලංකාවෙ ඉන්නව. ඒ වැඬේ කෙරුවෙ උසස් අධ්‍යාපනය හා නාට්‍ය නිර්මාණය භාවිතා කරමිනුයි. ඒ කාලෙ ලංකාවෙ නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලය මෙවැනි ක‍්‍රියාවල යෙදෙන්නන්ට හොඳට ගෙව්වා. ගුවන් ගමන් බලපත‍්‍ර දුන්න. සමාජවාදය ගැන කතා කළාට, එතන ගෝත‍්‍රවාදය තදින් ක‍්‍රියාත්මක වුන තැනක්.

බ්‍රෙෂ්ට් කියන්නෙ නොම්මර එකේ හොරෙක්. මංකොල්ලකාරයෙක්. ස්ත‍්‍රී ¥ෂකයෙක්. මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වූ ජෝන් ෆුජි අවුරුදු ගණනාවක පර්යේෂණයකින් පස්සේ බ්‍රෙෂ්ට් ඇන්ඞ් (ඊරුජයඑ * ක්‍ද* කම්පැණි කියලා පොතක් ලියා මේ වංචා හෙළිදරවු කළා. බ්‍රෙෂ්ට් හිතක් පපුවක් නැති මිනිහෙක්. ඔහු හදපු ‘කොකේශියන් චෝක් සර්කල්‘ නාට්‍යය චීන නාට්‍යයක කොපියක්. ජර්මන් කොකේශියන් චෝක් සර්කල් නාට්‍යයේ පිටපතත් බ්‍රෙෂ්ට් කොල්ලකාපු එකක්. ලංකාවෙ හුණුවටයේ කතාව නාට්‍යය හදපු හෙන්රි ජයසේ්න හෝ හුණුවටයේ විචාරකයින් පිරිස මේ ඇත්ත රටට කිව්වෙ නැහැ. ඔවුන් මාක්ස්වාදයට කලවම් කරල අපරාධකාරයෙක්ව ශ්‍රේෂ්ඨ කලාකාරයෙක් විදිහට සිංහල සමාජයට අඳුන්වා දුන්නා.

කුරුසියෙ කතාවත් මීට සමානයි. කුරුසියේ සැබෑ ඉතිහාසය යට ගහල බොරුවක් සමාජ ගතකිරීම පහුගිය ඉතිහාසය පුරාවටම සිදුවෙලා තියෙනව. මහාචාර්ය එඞ්වඞ් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙරෙන්නෙ වැරදි දෙයක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link