Last Updated on 14 hours by admin
ඩේවිඩ් ඇන්තනි
රජවරුන් හමුදා යවා රටවල් යටත් කළ කාලයක් ලෝකයේ පැවතුණි. ස්පාඤ්ඤ හමුදාව දකුණු ඇමරිකාවට ගියේ ඒ කාලයේය. පෘතුගීසින් සිංහලේට ඒමත් ඒ අවදියේ සිදු වූවකි. මැවුම්කරුගේ නාමයෙන් පාප්තුමාට රටවල් යටත් කර දුන් ස්පාඤ්ඤ හා පෘතුගීසි රජවරුන්ගේ හමුදා සහ ඔවුන් මෙහෙය වූ පූජකවරුන් ඒ රටවල සිදු කළ අපරාධ විස්තර කිරීමට වචනවලට ශක්තියක් නැති තරම්ය. ඒ සංහාරයන් ගැන තොරතුරු සොයන කෙනෙකුට, ‘අනේ බෞද්ධයන්ට මැල්කම් කාදිනල් රංජිත් කෙනෙක් හිටියා නම් මොනතරම් දෙයක්ද?’ යන අදහස ඇති විය හැකිය.
රටවල් යටත් කරගැනීමේ සම්ප්‍රාදායික ක්‍රමය වෙනස් වූයේ රුසියන් විප්ලවයෙන් පසුවයි. රුසියාව නවීන ක්‍රමයකට ලෝකය යටත් කරගැනීම ඇරඹුවාය. ඒ හා ඇමරිකාව, බි්රතාන්යය, ප්‍රංශය වැනි රටවල්ද වෙනස් විය. ඔවුන් නවීන ක්‍රම සොයා බැලුවේ කොමියුනිස්ට් ලෝකය ඇල්ලීමටයි. ඉතාම සරලව කීවොත් මාධ්‍ය ආධාරයෙන් පුද්ගලයාගේ මනස ඇල්ලීම නමැති අලුත් ක්‍රමයක් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය. අධිරාජ්‍යවාදය ස්ථාපිත කිරීමට හා පවත්වා ගෙන යාමට භාවිත කෙරුණු මේ ක්‍රමය ගැන හාංකවිසියක් වත් ඊට පෙර යුගයේ විසූ කාල් මාක්ස්ට නොතිබුණි. මාලිමාවේ කම්කරු ඇමතිවරයා වැඩ භාරගනිමින්, ‘මමත් කම්කරුවෙකු වෙමි’ යි කීවේය. ඒකත් අලුත් දෙයකි. ටයි කෝට්වලින් සැරසෙන ඇමතිකම් දරන කම්කරුවන් වෙසෙන ලෝකයේ ඇති එකම රට ලංකාව විය යුතුයි. ඊටත් වඩා ලස්සන ක්‍රියාව, කලින් දවසක පිළිම වන්දනාව ගෝත්‍රික වැඩක් යැයි කියා නින්දා කළ මිනිහා වැඩ භාරගත් අවස්ථාවේ බුදු පිළිමයකට වැඳගෙන සිටීමයි.
ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන පෞද්ගලික සමාජ මාධ්‍ය ජාලයක් වූ මුහුණු පොත හෙවත් මැටා මගින් කෙරන්නේ පුද්ගලයාගේ මනස වෙනස් කිරීමයි. වයසක්, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව ඕනෑම චරිතයක් වෙනස් කිරීමට හැකියාව මුහුණු පොතට ඇත. මුහුණු පොත ආරම්භක කාලයේ ඒ තුළින් සුදු මිනිසාගේ ග්‍රෝතික ස්වරූපය පෙනුණි. එය ඇමරිකාවේ සුදු ජාතිකයින්ගෙන් බිහි වූ සමාගමක් විම ඊට හේතුවයි. මුහුණු පොතේ පළ වූ කාටුන් සහ කොමෙන්ටු මගින් කළු ජාතිකයාට අපහාස සිදු විය. ඔවුහු ඊට විරෝධතාව දැක්වූහ. 2015 වසරේ දී මුහුණ පොත සිදු වූ වැරදි ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත. (Facebook apology as AI labels balckmen primates- BBC)
එතැන් සිට මුහුණු පොත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළාය. වර්ණ භේදය වැනි දේ ඇති කරන වෛරී ප්‍රකාශන හා කාටුන් පළ කිරීමට ඉඩ නොදීම, මැටා ප්රතිපත්තියයි. නමුත් ඔවුන් කියන දේ පිළිගන්ට ලෝකයේ බොහෝ රටවල් සූදානම් නැත. ඉන්දියාවේ කෝටිපතියා ගෞතම අදානි වංචනික ක්‍රියාවල යෙදෙනු ඇතැයි කිසිවෙක් නොසිතූහ. දැන් ඔහුට විරුද්ධව ඇමරිකාවේ නීතිය ක්‍රියාත්මකය. අදානි වංචනික ක්‍රියා සිදු කළ අයෙකු බවට චෝදනා දැලක් වැටී තිබේ. කොතරම් අවංකයි කීවද, ලෝකයේ රටවල් ගණනාවක් විටින් විට හෝ මුහුණු පොත තහනම් කරයි. යහපාලන ආණ්ඩු සමයේ ශ්‍රී ලංකාව මුහුණු පොත පාලනය කළාය.
මුහුණු පොත ස්ථිරවම තහනම් කළ රටවල් ලොවෙහි පවතී. චීනය, රුසියාව, ඉරානය මුහුණු පොතට කිසිම ඉඩක් නොදෙන රටවල් තුනකි. මුහුණු පොත හරහා එන වැරදි අදහස්වලින් රටවැසියන්ගේ මොළ දූෂණය කරන බවත් රටට විරුද්ධ වන්නට ජනතාව පොළඹවන බවත් ඔවුන්ගේ මතයයි.
ඉන්දියාව, රටේ අභ්‍යන්තර කලබල තිබූ අවස්ථා කිහිපයකදීම යම් යම් ප්‍රාන්තවලට බලපාන පරිදි මැටා තහනම් කළ රටකි. සමහර විට අනාගතයේදී ඉන්දියාව මුහුණු පොත සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට ඉඩ ඇතැයි ඇතැම් ඉන්දියානුවෝ කියති. හේතුව, ඉන්දියානු මහා මැතිවරණ සමයේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට විරුද්ධව ගෙනගිය ප්රචාරක වැඩ පිළිවෙළෙහි ප්‍රධාන හවුල්කාරයා මැටා වීමයි.
ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව මුහුණු පොත ලොකු කාර්යභාරයක් ඉටු කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව රටවැසියන් පිරිසක් පෙළඹී ඇති වූ ‘අරගලය’ නම් වූ කැරැල්ල මැටා නොවූයේ නම් නොසිදුවෙන බව සමහරුන්ගේ අදහසයි. ඒ සමයේ මැටා ඒ තරමටම ක්‍රියාත්මක දේශපාලන කාර්යයක යෙදුන බව ඇත්තකි. මාලිමාව බලයට පත් කිරීමටද මැටා විශාල වැඩ කොටසක් ඉටු කළ බව රහසක් නොවේ.
බෝධි සභාව අන්තර් ජාල සඟරාවට අප ඉදිරිපත් කළ ‘සුඛාමතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා’ මැයෙන් වූ ලිපිය පිළිබඳව බෝධි සභාව මුහුණු පොත් පිටුවේ පසුගිය ඉරිදා හැඳින්වීමක් පළ කර තිබුණි. පසුදා උදැසන වන විට ලිපිය ඉවත් කළ බව මැටා සෝදිසි මණ්ඩලය බෝධි සභාවට දන්වා ඇත.
මගේ ලිපිය කවුරුන් උපුටා ඉදිරිපත් කළත් ඊට කමක් නැත. එය දේශපාලන විචාරයකි. සත්‍යය ප්‍රකාශ කිරීම හැර එම ලිපියෙන් පුද්ගලයෙකුට, පක්ෂයකට හෝ රටකට මොනම අන්දමේ හෝ අපහාසයක් සිදු කර නැත. එක්කෝ මැටා සෝදිසි මණ්ඩලයේ පුද්ගලයින්ට සිංහල හරිහැටියට නොවැටහේ. එසේ නැත්නම් මැටා හරහා ලංකාව තුළ පතුරුවන බෞද්ධ විරෝධී මතවාදයන්ට මගේ ලිපිය නිසා යම් පාඩුවක් සිදු වේ යයි සෝදිසි මණ්ඩලය බිය වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ඉවත් කෙරෙන්නේ සෝදිසි මණ්ඩලයට පැමිණිලි ලැබුණු විටය. ලිපිය ඉවත් කරන ලෙස සෝදිසි මණ්ඩලයට දැනුම් දුන්නේ කවුරුන් විය හැකිද? එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව පොතට තහංචි දම්මවා එහි කර්තෘ රැකියාවට යෑමට තහංචි දැමූ සිද්ධියේ උණුසුම තවමත් මැකී නැත. පුහුලට තියන්නේ ලබ්බට තියපු අතමය.
මෙවැනි කටයුතු මැටා සමාගමට අපකීර්තියකි. ඇමරිකාවේ කීර්ති නාමයටද නරකකි. ප්රජතන්ත්රවාදය ඇමරිකාවේ ප්රතිපත්තියයි. මැටාගේ ක්‍රියාව ප්රජාතන්ත්රවාදයට පටහැණිය.