Last Updated on 1 day by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

නන්දා මාලිනී, භාරතයේ පිළිගත් සංගීත විද්‍යාලයක සංගීතය හදාරා උපාධියක් ලබා ඇත. ඇයට සමකාලීනව සහ පෙර කාලයේ ඉන්දියාවට ගොස් සංගීතය උගත් තවත් කලාකාරියෝ සිටිති. ඔවුන් අභිභවා නන්දා ප්‍රසිද්ධිය ලැබුවේ, ’මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ ගීතයෙනි. මෙයින් ඔප්පු වන්නේ නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාව සිංහලයන්ගේ නිර්මාණයක් බවයි. එක්සත් රාජධානියේ සිංහල සංවිධානය සංගීත ප්‍රසංගයක් සංවිධාන කර නන්දා එහි කැඳවන්නට ප්‍රධාන හේතුව මෙම ගීතයයි. ලංඩනයට පැමිණි නන්දා එම ගීතය ගයා පැමිණ සිටි ලාංකිකයන් අති විශාල පිරිසක් ප්රබෝධයට පත් කළාය. එහෙත් පසු කලෙක ලංඩන් සංගීත සංදර්ශනයකට පැමිණි නන්දා ප්‍රේක්ෂකයින්ගේ වුවමනාව සැලකිල්ලට නොගෙන ඒ ගීතය ගැයීම ප්‍රතික්ෂේප කළාය. එයින් ප්‍රකාශ වූයේ ජාතිකත්වය ගැන ගැයූ ඇය ජනප්‍රියත්වය ලැබූ පසුව සිය මතය වෙනස් කළ බවයි.
‘මහගමසේකර රචනා කළ මේ සිංහල අපගෙ රටයි ගීතය සිංහල ජාතිවාදී බෝම්බයක් බව’ තමා නන්දාට පැහැදිලිකර දුන් බව මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රකාශ කර තිබුණි. සුචරිත මෑත යුගයේ රටේ බිහිවූ ඉහළම උගතෙකි. ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයට එන්නේ භික්ෂුවක වශයෙනි. පසුව ශාස්ත්‍රීය ලෝකයට පැමිණියේ ආනන්ද ගුණසේකර නමිනි. ඔහු ’නුරා ගිනිදැල් ’ නමින් කවි පොතක් ප්‍රසිද්ධ කළේය. පසු කලෙක හෙතෙම, තිස්ස බාලසූරිය පියතුමාගේ සමාජීය හා සාමයික කේන්ද්‍රයට සම්බන්ධ වූයේය. ඔහු ක්‍රිස්තියානි දර්ශනයට හා මාක්ස්වාදයට ගොදුරු වූයේ ඒ කාලයේය. යාපනය විශ්වවිද්‍යාලයට ගිය පසු ඔහු එල්ටීටීඊකාරයෙකු වූයේය. සුචරිත ජාතිකත්වයෙන් ඈත්වීම ගැන විවිධ අදහස් ඉදිරිපත්ව තිබේ. ප්‍රසිද්ධියට පත් ඒ හැම අදහසකම ඇත්තක් ගෑවී ඇත.
ධර්මකීර්ති බී. ජයසේකර, දෙමටගොඩ ආරාමය පැසේජ්හි විසූ, මරදාන ආනන්දයේ උගත් ශිෂ්‍යයෙකි. ඔහු බෞද්ධ ප්‍රතිපත්ති අකුරට පිළිපැද්ද, ගණේමුල්ලේ ටී. බී. ජයසේකර නමැති කෘෂි නිලධාරියාගේ පුතෙකි. කීර්ති, පාසල් කාලයේදීම ‘රතු කඳුළු’ නමින් කුඩා පද්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළේය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැනි කවියෙකු වීමේ අපේක්ෂාවෙන් හුන් කීර්ති ශිෂ්‍යයා, ආචාර්ය සුචරිත සොයා ගියේය. ඒ ආශ්රයෙන් පසුව කවියා කුණු බාල්දියට වැටී, කීර්ති බාලසූරිය නමැති මාක්ස්වාදියා බිහි විය.
නන්දා මාලිනී සහ සුචරිත ගම්ලත්, කලෙක සිංහල ජාතිකත්වය එසවීමට වෙහෙසුන උගත් සිංහලයින් දෙදෙනෙකි. පසුව ඔවුහු ගිය මග වෙනස් කර අලුත් මාවතක් තෝරාගත්හ. කාලයක සිට රටේ මෙවැනි සිදුවීම් සිදු වේ. මෛත්‍රී මුර්ති නිදසුනකි. සිංහල බෞද්ධ තරුණ තරුණියන් නගා සිටුවීමට ග්‍රන්ථකරණයේ යෙදුන මුර්ති හිමියෝ රටේ ජනප්‍රිය වූහ. පේරාදෙණියෙන් පිටවූ උන්වහන්සේ අතුරුදහන් වූහ. සාමනේර වියේ පටන් මුර්තිව නඩත්තු කළ ඇල්බට් එදිරිසිංහ දානපතියා පැවසූ ලෙසට ඔහුට ලංඩනයේ වික්ටෝරියා දුම්රිය ස්ථානය අසල පත්තර කඩේක දී, මුර්ති මුණ ගැසුණි. ගිහි ඇඳුමෙන් සැරසී සිටි ඔහු, ‘මම දැන් හාමුදුරු කෙනෙක් නොවේ’ කියා පලා ගියේය. මුර්ති පැරසියේ වෙසෙන බව සැළ වූ පසු මේ ගැන දැනගන්නට අප දැරූ උත්සාහය සාර්ථක නොවීය.
සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිට ජනප්‍රිය වන ඇතැමුන් ඉතා ඉක්මණින් අබෞද්ධයන් වී ජාතිකත්වයට පහර දෙන බවට තොරතුරු තිබේ. එය ඉතා සංවිධානාත්මක ක්‍රියාවක් බව පැහැදිලිය. යට දැක්වෙන්නේ, ජාතියට සේවයක් කරමින් සිටි උගතෙකු රටින් පිටගොස් පදිංචි වී ලියූ මුහුණුපොත් සටහනකි.
“ගැමියා නවතාවට බයයි. මොඩනයිසේෂන් සංවර්ධනය දකින්නේ රකුසන් විදියට. ගැමියා ඉන්වෙස්ටස්ලාට බයයි. ආයෝජකයෝ යනු රාක්ෂයන් කියලයි ගැමි මනස හදලා තියෙන්නේ. ගැමියාට මුදල් කියන්නේ පාරාජිකා පාලි. ගැමියා සේවයක් ලබා දීලා ගන්නේ බුලත් අතක් විතරයි. ආර්ථික වර්ධනයක් ගැන, වෙළඳාම් ගැන ගැමියා දන්නේ නෑ. ගැමියා සෙස් කරන්නේ කුප්පි නිවාගෙන. කළුවරේ පිරිමි ඇඟ පවුල දකිනවාට ගැමියා බයයි. ගැමියා බණ අහන ගැමි උන්නාන්සෙලාත් කියන්නේ ඇඟ දකින එක තුච්චයි කියලා. ගැමියා කියන්නේ අසරණ ජීවියෙක්. ඔහු තම හෙවනැල්ලටත් බයයි.”
මොහු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු යැයි සටහන කියවන්නෙකුට එකවරම සිතේ. යටත් විජිත සමයේ ලංකාවට පැමිණි සුද්දන් නම් සිංහලයන්ට මෙවැනි නින්දා අපහාස කළ බවට තොරතුරු තිබේ. ධර්මපාලතුමා එවැනි සුද්දන්ට එරෙහිව සටන් කළේය. ‘සුද්දන්ගේ පඹයින් හදලා උදේ හවස ගහපල්ලා’ ධර්මපාලතුමා කීවේය. මේ උගතා ‘කොකනට්’ චරිතයක් වී සිංහල ගැමියන්ට නින්දා කරයි. ඒ නින්දාවට පත් වන ගැමියන් ගොඩේ මොහුගේ පරම්පරාවේ අයත් සිටිය යුතුයි. කුප්පි නිවාගෙන සෙක්ස් කරන්නන් යයි ඔහු හඳුන්වන සිංහල ගැමියන් අතර ඔහුගේ මවුපියෝද, නෑයෝද සිටිති.
මහනඩුව අසන කාලයේ රෝහණ විජේවීර මැගසින් බන්ධනාගාරයේ පන්සල් වාට්ටුවේ රඳවා සිටියේය. ඊට යාබදව ඇති කාර්යාල ගොඩනැගිල්ලෙන් මෙපිට පුනරුත්ථාපන කඳවුරේ සිටින සහෝදරවරුන්ට ව්‍යායාම සඳහා එළියට පැමිණෙන විජේවීරව ප්‍රදර්ශනය වේ. විජේවීර කාර්යාල ගොඩනැගිල්ලේ වීදුරු ජනේල හරහා ඔවුන් දෙස බැලූ සැණින් ඒ සමහරෙක් සරම් ඔසවා පෙන්වති. සරම ඔසවා ලිගුව පෙන්වන්නේ කාලයක් තමන් ජීවිතයට වඩා ඇලුම් කළ නායකයාට බව මොවුන්ට නොවැටහේ.
රට යටත් කිරීමට පැමිණි බටහිර යුරෝපීයයන්ට සිංහල බෞද්ධයන්ගේ මනස වෙනස් කිරීමට ඉතා අපහසු වූ බව පැවසෙන තොරතුරු ගොන්නක් තිබේ. ඊට සමාන වෙනත් ජාතියක් ගැන තොරතුරු ලෝකයේ කිසිම තැනකින් සාක්කි නොලැබේ. පෘතුගීසින්ට විරුද්ධ කැරැල්ලක් මෙහෙයවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස ගණනක් තිස්සේ වධයට ලක්වූ හලාවත විසූ නිකපිටියේ බණ්ඩාර (දුමින්ගෝ කොරයා) හිස ගසන අවස්ථාවේත් ජාතිය වෙනුවෙන් සටන් කිරීමට තමන්ට හැකිවීම ගැන ප්‍රීතිය ප්‍රකාශ කළ බව ජනශ්රැතියේ එයි. ඒ පරපුරේ කොරයාවරු සියලු දෙනාටම බෞද්ධ ජාතිකත්වයෙන් ඈත්වී පෘතුගීසි හිතවාදීන් වෙන්නට සිදු විය. කැප්පෙටිපොළ නිලමෙතුමා මරණයට මුහුණ දුන් ආකාරය ඇසින් දැක විමතියට පත්වූ ඉංග්‍රීසි ජාතිකයෙකු එතුමාගේ හිස විද්‍යා පර්යේෂණ සඳහා එංගලන්තයට ගෙන ගිය පුවත ජනශ්රැතියක් නොව, ලේඛනගත තොරතුරකි.
සිංහල බෞද්ධ උරුමය නගා සිටුවීමට ඉදිරිපත් වන දේශප්‍රේමීන්ගේ මනස වෙනස් කිරීමේ වැඩපිළිවෙළ අධ්‍යයනය කරන විට පෙනෙන්නේ ඊට හසුවන පුද්ගලයා කොයි තරාතිරමේ අයෙකු වුවත් ඔහුට නොයෙක් වරප්‍රසාද, ධනය හා කීර්තිය හිම වෙන බවයි. ඒ වැඩ පිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නා විනාශයට පත් වේ. සමහර විට මරණය අත්කර ගනී. පානදුරේ අරියධම්ම, කොටගම වාචිස්සර, ගංගොඩවිල සෝම වැනි භික්ෂුන් වහන්සේ හෙ ගිහියන් විශාල සංඛ්‍යාවක් එසේ මියගිය ලැයිස්තුවට ඇතුළු කළ හැක. විජේවීර මරා දමන්නට හේතුව ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයට නැඹුරුවීම බව අපගේ මිතුරකු වූ විජේවීරගේ මස්සිනා, ලංකා ගුරු සංගමයේ නායකයාව සිටි එච්. එන්. ප්‍රනාන්දුගේ අදහස වූයේය. ඔවුහු, එච්. එන්.ගේ සොහොයුරු දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු වත් මරා දැමූහ.
නන්දා මාලිනී ‘අරගල’ භූමියට පැමිණ “අපට ඕනෑ බුද්ධිමතුන්ගේ වෘත්තිකයන්ගේ පාර්ලිමේන්තුවක්” යනුවෙන් කවුරුන් හෝ ලියා දුන් පෝස්ටරයක් උස්සාගෙන සිටියාය. ඒ අනුව පත් කරගන්නා ලද වැලිකොට්ට බුද්ධිමතුන්, වෘත්තිකයන් රටට කෙලවන කෙලවිල්ල නන්දා මාලිනී නොදන්නවා විය නොහැකිය. එහෙත් ඇය මේ කපේ නම් මේ විනාශයට එරෙහිව සින්දු නොකියන බව ටක්කෙට කිව හැකිය. මාලිමා ආණ්ඩුව ගුවන් විදුලි සංස්ථාවේ කාමරයක් ඇය නමින් නම් කර ඇත.
