ආචාර්ය සෝමරත්න දිසානායකට අමු කැවිලාද?

Last Updated on 1 month by admin

සිංහබාහු සිංහල ජාතියටත් වඩා පැරණි කතාවකි. තමා සිංහබාහු චිත‍්‍රපටිය නිෂ්පාදනය කළේ මුල් කතාව ගැන ගැඹුරු සෙවීමකින් පසුව බව ආචාර්ය දිසානායක කීවේය. ඔහු ඉදිරිපත් කළ කවිය විකෘතියක් වීම නිසා මෙහිදී ලොකු ගැටලූවක් පැන නඟී. සිංහල කවිය නිවැරදිව මතු කරගැනීමට නොහැකි වූ ඔහු අවුරුදු තුන්දහසක් තරම් පැරණි සිංහබාහු කතාව වටහාගත්තේ යයි සිතීමට නොපුළුවන.

ජැක්සන් ඇන්තනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශාක්‍ය වංශයට සම්බන්ධ කිරීම හුදු වන්දිභට්ට ක‍්‍රියාවක් විදිහට නොසැලකිය යුතුයි. එසේ සලකන්නෝ, ඔහු නායකත්වය දුන් බෞද්ධ සංස්කෘතිය කඩා විසුරුවීමේ මෙහෙයුම සඟවති. ජැක්සන් ඇන්තනි, එල්ලාවල මේධානන්ද හිමියන් බඳු පුරාවිද්‍යා චක‍්‍රවර්තීන් පවා ඇන්දූෙවකි.

මැයි 1 දා ‘සුප‍්‍රීම්’ රූපවාහිනී වැඩසටහනට ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය සහභාගි වූහ. වැඩසටහන මෙහෙයවූ තැනැත්තා සහ රේණුකා, එහිදී ආචාර්ය සෝමරත්නයන් ආමන්ත‍්‍රණය කළේ ‘සෝමෙ අයියා’ යනුවෙනි. අප දන්නා පරිදි, රේණුකා, ආචාර්ය සෝමරත්නගේ බිරියය. එනිසා, සැබැවින්ම රේණුකා ආචාර්ය සෝමරත්නට කතා කරන්නේ ‘අයියා’ යනුවෙන් දැයි අපට කුකුසක් ඇති විය. එවැනි ප‍්‍රශ්නයක් නගන්නේ සිංහබාහු කතාව ගැන නිවැරදි දැක්මක් නැති පුද්ගලයින්, සිංහබාහු අයියා සහ සිංහ සීවලී නංගී අඹු සැමියන් වී යැයි මනෝවිකාරයක පැටලී සිටින බැවිනි. එවැන්නන් සිංහලයින්ගේ මුල ගැන අදහස් දක්වන්නට ගියහොත් බරපතල අසභ්‍ය කතා සමාජයට ඉදිරිපත් වීමට ඉඩ තිබේ.

මහාවංශය අනුරාධපුර රාජධානි සමයේ ලියවුන පාලි පොතකි. එහි මුල් පිටපත් නැත. කලින් කලට පරණ පිටපතකින් අලූත් පිටපත ලියැවී තිබේ. එසේ ලියන විට නොයෙක් වැරදි සිදු වීමට ඉඩ තිබේ. වචනවලට වැරදි අර්ථ ලැබේ. ගයිගර් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන අවස්ථාවේ, ඇතැම් පාලි වචන වැරදියට තේරුම් ගෙන ඇති බව පැහැදිලි කරමින් බුද්ධදත්ත හිමියෝ පොතක් ප‍්‍රකාශයට පත් කළහ.

සිංහලයින්ගේ මුල් බිම් යයි අනුමාන කළ හැකි වයඹදිග ඉන්දියාවේ සමහර පෙදෙස්වල නංගීව ආරක්ෂා කිරීම අයියලාට පැවරුන වගකීමකි. 'චෞටි බොහෙන්' (Chhoti Bohen 1959) චිත‍්‍රපටිය මේ ගැන අවබෝධයක් ලබාගත හැකි නිර්මාණයකි.

‘චෞටි බොහෙන්’ හි නංගී අයියාට නූලක් බැඳීමේ සිරිත ඉදිරිපත් කෙරෙයි. පෙර සිරිත පරිදි, මේ නූල, විවාහයේ දී සැමියා තැල්ල බඳින තෙක් අයියා නංගීව ආරක්ෂා කිරීමේ ගිවිසුමයි. චෞටි බොහෙන් චිත‍්‍රපටයට සිංහල හඩ කැවූ ‘සුදු නංගී’ චිත‍්‍රපටයේ එම ජවනිකාවේ ගැයෙන ගීයක් ඇත. ‘‘මාගේ ප‍්‍රාණේ අයියා වේ, සමානා මා දැන් බඳිනා නූලේ බලේ පවතීවා, අයියා මාගේ දැස සමානයි සමානයි.’’

අදටත් පංජාබයේ ඇතැම් ප‍්‍රදේශවල අයියලා නංගිලාගේ ආරක්ෂකයෝ වෙති. ‘හොනර් කිලින්’ මුස්ලිම් විවාහ චාරිත‍්‍රයේ මුල සොයා යන්නෙකුට නංගිව රැකීමේ අයියාගේ සිරිත විකෘති වී ඇති හැටි පැහැදිලි කරගැනීමට පුළුවන. පංජාබයේ මුස්ලිම් සංස්කෘතික අංග බොහෝමයක් විකෘති කරගත් බෞද්ධ සංස්කෘතික සිරිත්ය. ලංකාවේද අයියලා නංගිලාව රැකීමේ සිරිත පැවතුණි.

‘සිංහබාහු’ චිත‍්‍රපටියට ප‍්‍රචාරයක් සැපයීම පරමාර්ථය කරගත් ‘සුප‍්‍රිම්’ වැඩසටහන මගින් ආචාර්ය සෝමරත්න බොහෝ දේ කියන්ට වෙහෙසුණි. ඔහු විස්තර කළ පරිදි, ‘සිංහබාහු පුළුල් ඉතිහාස පර්යේෂණයක ප‍්‍රතිඵලයකි. ඔහු, ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු ජැක්සන්ගෙන් දැනගත්තේය. සිංහයින් සහ මනුෂ්‍ය ස්ත‍්‍රීන් සම්බන්ධ වන්නේ නැත. ඉතිහාසය සේ ළමයින්ට බොරු ඉගැන්වීම වැරදිය. සිංහබාහු චිත‍්‍රපටියේ පැරණි කතාවට ඔහුගේ දැක්ම ඉදිරිපත් කර ඇත. එය මහජනයා භාරගනී දැයි සැකයක් ඇති විය. දැන් ඒ සැකය දුරු වී තිබේ.’

නිවේදකයා පැහැදිලි කළ ලෙසට ‘සෝමෙ අයියා’ කවියෙකි. ඒ අදහස් සතුටින් භාරගත් ආචාර්ය දිසානායක, තමා මවගේ ආභාෂයෙන් කවියෙකු වූ හැටි පැහැදිලි කරමින් කවියක් ඉදිරිපත් කළේය. ඒ මෙසේය:

කොකා වෙලේ හොද්ද ලිපේ අමු කුඹුරේ පිට්ටු ඉදේ

සිංහබාහු සිංහල ජාතියටත් වඩා පැරණි කතාවකි. තමා සිංහබාහු චිත‍්‍රපටිය නිෂ්පාදනය කළේ මුල් කතාව ගැන ගැඹුරු සෙවීමකින් පසුව බව ආචාර්ය දිසානායක කීවේය. ඔහු ඉදිරිපත් කළ කවිය විකෘතියක් වීම නිසා මෙහිදී ලොකු ගැටලූවක් පැන නඟී. සිංහල කවිය නිවැරදිව මතු කරගැනීමට නොහැකි වූ ඔහු අවුරුදු තුන්දහසක් තරම් පැරණි සිංහබාහු කතාව වටහාගත්තේ යයි සිතීමට නොපුළුවන.

ඔහු පැහැදිලි කළ පරිදි, කවියක් දුටු විට එහි වචනයක් ගානේ පිරිස්කමින් ඒ පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කිරීම ඔහුගේ සිරිතකි. එවන් ගවේශකයකු, පර්යේෂකයකු සිංහල කවියක් විකෘති වී ඇති සැටි නොදැකීම පුදුමයකි. එය අම්මාගෙන් ඇසූවක් යැයි කී නමුදු, ඇතැම් විට ඔහු කවිය දැනගත්තේ සිය සහෝදරයා වන සෝමතිලක දිසානායක ලියූ ‘අත්තම්මා නිවන් ගිහින්’ සින්දුවෙන් විය හැකිය. අන්තර්ජාලයෙන් වන්නටද පුළුවන. ඒ හැම තැනකම කවිය වැරදියට සඳහන්ව ඇත.

වැඩසටහනට සහභාගි වීමට කලින් ඔහුට අමු කැවුනාද විය හැකිය. අමු ආහාරයට ගෙන පැය කීපයකට පසු මොළේ අන්දමන්ද වී විකාර කතා කියවීමේ ඉඩක් තිබේ. පැරණි මිනිසුන් ‘මොකද අමු කැවිලද’ යනුවෙන් අහන්නට පුරුදු වී සිටියේ එවන් අවස්ථාවලය.

අමු, යනු කුඹුරුවල වගා කරන ලද බෝගයක් නොවේ. ඒ, හේන්වල වැවෙන්නකි. විශේෂයෙන් අස්වැන්න නෙළු කුරක්කන් හේන්වල වැවුන භෝගයකි. අමු, කිසිදු සාත්තුවකින් තොරවම වැවෙයි. කෑ විට මොළේ ‘කොමිටල්’ වන නමුත් දෙවන ලෝක යුද්ධය කාලයේ ආහාර හිඟය අවස්ථාවේ වියළි කලාපයේ ජනයා අතර අමුවලට හොඳ ඉල්ලූමක් ආවේය.

පැරණි කවියේ ඇත්තේ ‘අමු හේනේ පිට්ටු ඉදේ’ යනුවෙනි.

වැඩසටහන අතරතුර තමා පරිසරයට කරන සේවය සඳහන් කළ ආචාර්ය දිසානායක, දඹදෙණියේ සහ පිළියන්දල ඔහු විසින් සාදවන ලද වැව් දෙකක් ගැනද සඳහන් කළේය. පරිසරයට ඔහුගේ ඇති ඇල්ම පිළිබඳව අපට සැක පහළ වන්නේ, පන්නිපිටියේ සිය නිවෙස ඉදිරිපිට පිහිටි, ‘රැම්සා’ (RAMSAR) ජාත්‍යන්තර සම්මුතියේ පවා සඳහන් වන ඉපැරණි කුඹුරු යායක් ගොඩකිරීමට කටයුතු කර ඇති බවට පළ වූ ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වාර්තා ගණනාවක් හේතුවෙනි.

වැඩසටහනේ දී ආචාර්ය සෝමරත්න කී ලෙසට ඔහු සිංහල සාහිත්‍යය හෝ ඉතිහාසය හෝ උගත්තෙකු නොව විද්‍යාව හැදෑරුවෙකි. ඕස්ටෙ‍්‍රලියාවට ගොස් වෛද්‍ය විද්‍යාවේ විකිරණ ශිල්පයට සම්බන්ධ රැකියාවක් කළේය. ඒ කිසිවක් නරක දේවල් නොවේ. නරක සිංහල සංස්කෘතියට හානිකර වැඩ කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link