ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන්

Last Updated on 5 months by admin

Photo credit: thelogicalindian.com

මුයිසු බලයට පත්වීමෙන් පසු සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයින බරපතල අර්බුදයකට මුහුණ පා ඇත්තේය. ඔහු ඉන්දියාව සමග කටයුතු කරන්නේ ස්වෛරී රටක ස්වෛරී පාලයෙකු වශයෙනි. මාල දිවයිනේ සිටි ඉන්දීය සෙබළුන් ආපසු යැවීම ඔහුගේ ස්වෛරීභාවය පෙන්වන ලකුණකි. ‘කුඩා රටක් වුවත් අපට ආත්ම ගරුත්වයක් ඇතැ’යි ඔහු කීවේය.

ප‍්‍රශ්නය සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයිනට ස්වෛරීව කටයුතු කිරීමට හැකිද යන්නයි. සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නට හදන ලංකාවටත් මාල දිවයින් හොඳ ආදර්ශයකි. දැන් මුයිසුට චීනයේ උපකාර අත්‍යවශ්‍යය.

ඉන්දියාව මාල දිවයිනට උපකාර කිරීම මීයක් කැඞීමකි. එයින් ඉන්දියාව බලාපොරොත්තු වූයේ අත ලෙවකෑම නොවේ. ඉන්දියාවට පිටුපා චීනය පැත්තට හැරෙන මුයිසුට පාඩමක් ඉගැන්වීමට සිතූ නරේන්ද්‍ර මෝදි, ‘ලක්ෂදිව්’ සංචාරක පුරවරයක් කිරීම සඳහා තෝරාගත්තේය. ඔහු එයින් නොකියා කීවේ මාල දිවයින් ගිය ඉන්දීය සංචාරකයින් මින් පසු ඊට සමාන මුහුදක් හා වෙරළක් ඇති ලක්ෂදිව් තෝරාගත යුතු බවයි.

ඉන්දියාවේ මීළඟ පියවර ප‍්‍රබල එකකි. මෝදි, ‘නිකොබාර්’ දිවයින ඉන්දියානු සාගරයේ හොංකොං කිරීමට සැරසේ. එය සාර්ථක වූ විට ලංකාවට සංචාරකයින් පැමිණීම සීමා වේ. නිකෝබාර්හි අලූත් නාවික වරායක් ඉදි වේ. මේ ක‍්‍රියාව බොහෝ රටවැසියන්ට නොවැටහේ. ඉන් වාසි ගන්නා රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය, ‘ලෝක ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසින් පිළිගැනීම අප ලද විශාල ජයක් ය’යි කියමින් (21 දිවයින) මෝඩ චූන් එකක් දෙයි.

නිකොබාර් දිවයින හොංකොමක් කරනවාට පරිසරවේදීන් ඇතුළු සොබාදහමට ඇල්මැ’ති බොහෝ මනුෂ්‍යයෝ කැමති නොවෙති. ඊට එක හේතුවක්, එහි ස්වභාවික වනාන්තරවල අවුරුදු දහස් ගණනක සිට ජීවත් වන බාහිර ලෝකයත් සමග සම්බන්ධකම් නොපවත්වන ‘ෂොම්පන්’ වනවාසීන්ට සිදු වන හානියයි. නිකොබාර් නවීකරණය කිරීමෙන් පසු මේ වනවාසීන් මිහිතලයේ වෙසෙන්නේ ඉතා සුළු කාලයකි.

‘ෂොම්පන් වනවාසීන්ට විශේෂ භූමි කලාපයක් වෙන් කරන්නෙමු’ යි ව්‍යාපෘති සැලසුම්කරුවෝ කියති. එය විහිළුවක් හැටියට දකින පරිසරවේදීහු, ‘‘ෂොම්පන් වනවාසීන් හරිම සංවේදී ජන කොටසක්. ඔවුන් බාහිර ලෝකය සමග සම්බන්ධ වෙනකොට නොදන්නා ලෙඩ රෝගවලට ගොදුරු වෙනව’’ කියති.

පුරාණයේ යුරෝපය බෝවන රෝග ආකරයකි. එහි සිට දකුණු ඇමරිකාව යටත් කිරීමට ගිය ස්පාඤ්ඤ ජාතිකයෝ, පැපොල, සරම්ප, වසූරිය, වැනි අසනීප, යුද අවි ලෙස භාවිත කරන්නට ගත්හ. ඒ ඉතා ප‍්‍රයෝගකාරී වැඩකි. යුරෝපයේ රෝගීන් භාවිත කළ වස්ත‍්‍ර දකුණු ඇමරිකානු රටවලට ගෙනගොස් ස්වදේශිකයින්ට කරුණාවෙන් දෙන තෑගි සේ පරිත්‍යාග කිරීමේ නායකත්වය දැරුවෝ බිෂොප්වරුන් ප‍්‍රධාන දේවගැතිවරුය.

අපට වඩාත් වැදගත් වන්නේ පෘතුගීසි ජාතිකයින් ලංකාව ඇල්ලීම සඳහා භාවිත කළ යුද උපක‍්‍රම ගැන දැනගැනීමයි. බෝවන රෝග පතුරුවා හැරීම ඔවුන්ගේ ප‍්‍රධාන යුද්ධ උපක‍්‍රමයක් වූයේය. යුරෝපයේ දී බෝවන රෝග හැදී පදම් වී පැමිණි දේවගැතිවරුන් රෝගීන් සුවකිරීමේ යාච්ඥා පවත්වමින් ඔවුන් ආගමට හැරවූ විස්තර අප අසා ඇත.

කාදිනල්වරයා ලෙල්ලම අයිතිකර ගැනීමට යෑම ඊට වෙනස් දෙයකි. මෙහි දී සිදු වූයේ කාදිනල්වරයා සහ කතෝලික ධීවරයින් අතර ගැටුමකි. මෙවැන්නක් ලංකා ඉතිහාසයේ මීට පෙර සිදු වූ බවක් දැනගන්නට නැත. සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දැක්වූ අදහස්වලින් අප තේරුම් ගත්තේ සීමාසහිත පිරිසකට අයිති වී ඇති ලෙල්ලම සමස්ත කතෝලික ධීවරයන්ට පවරා දීමේ යහපත් අරමුණින් කාදිනල්වරයා කටයුතු කර ඇති බවයි.

එදා පෘතුගීසි දේවගැතිවරුන් මූලික වී බස්නාහිර වෙරළේ විහාරස්ථාන වනසා ඇත්තේ ද යහපත් අරමුණිනි. පිළිම වන්දනාකරුවන් මැවුම්කාරයාට සමීප කිරීම ඔවුන්ගේ කටයුත්ත වූයේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link