Last Updated on 8 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Pic By Pennington
සැබෑ ඊසොප් කවුරුන්දැයි සොයා ගැනීම තරමක දුෂ්කර ක‍්‍රියාවකි. ඊට ප‍්‍රධාන හේතුව ඊසොප් ග‍්‍රීසියට අයත් සෙමෝස් දිවයිනෙහි විසූ වහලෙකි යන කතාන්දරය ලෝකය පුරා තහවුරුකර තිබීමයි. සෙමෝස්, වර්තමාන තුර්කිය ආසන්නයේ පිහිටි දිවයිනකි. මෙය පුරාණ කාලයේ ග‍්‍රීකයන්ට අයත්ව තිබුණි. සෙමෝස්හි විසූ ඊසොප් වහලා ගැන තොරතුරු සොයන්නෙකුට මෙම දිවයිනටම සම්බන්ධකමක් ඇති කතාන්දර කියමින් ධර්මය පැහැදිලි කළ ආචාර්යවරයෙකු ගැන අනාවරණය කරගත හැකිය. මොහු පෛතගොරස් නැතිනම් පිතගොරස් ( Pythagoras) නම් වේ. කිසිදු උගතකු ඊසොප් සහ පිතගොරස් අතර සම්බන්ධතාව පෙන්වීමට උත්සාහ දරා නැත. ඒ, පඬිවරයෙකු සහ වහලෙකු සම්බන්ධ කිරීමට නොහැකි නිසා ද? නොඑසේ නම් තොරතුරු සපයාගැනීම දුෂ්කර නිසාද? යන්න අපි නොදනිමු.
පිතගොරස් පඬිවරයා පිළිබඳව ලියවුණ චරිතාපදාන කිහිපයක්ම තිබේ. ඇතැමුන් තොරතුරු ලබාගෙන ඇත්තේ සාමාන්‍ය ගවේෂකයෙකුට ළඟාවිය නොහැකි වතිකානු පුස්තකාලයෙනි. එය විශේෂ කරුණකි. ඊට එක හේතුවක් පැරණි තක්ෂිලා විශ්වවිද්‍යාලයේ සහ ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයේ තිබුණ පොත්පත් ස්වල්පයක් හෝ වතිකානු පුස්තකාලයේ තිබීමයි. පොදුවේ පිතගොරස් චරිත කතාකරුවන් සියලුදෙනාම ඔහු අධ්‍යාපනය ලැබීමට විදේශ රටවලට ගිය බව පෙන්වා දෙති. මිසරය ඔහු අධ්‍යාපනය ලැබූ රටකි.
පිතගොරස් මිසරයේ අධ්‍යාපනය ලැබූ කාලයේ තොරතුරු ලබාගැනීම දුෂ්කරය. සපයාගත හැකි තොරතුරුවල ව්‍යාකූල බවක් පෙනේ. එක් වාර්තාවකට අනුව, මේ කාලයේ කැම්බියස් නමැති පර්සියානු අධිරාජයා මිසරය ආක‍්‍රමණය කළේය. අනෙකුත් ආක‍්‍රමණිකයින් මෙන් ඔහුගේ හමුදාවද ඊජිප්තියානුවන් විශාල පිරිසක් අත්අඩගුංවට ගෙන වහල්භාවයට පත් කළේය. මේ වහලුන් අතර පිතගොරස් ද සිටියේය. බැබිලෝනියාවට යවන ලද මිසර ඇතැම් වහල්ලු එහි දී නිදහස ලැබූහ. පිතගොරස් ද එසේ නිදහස ලැබුවේය. මේ තොරතුරට අනුව පිතගොරස් වහල් ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.
නිව් යෝක් පරමවිඥානාර්ථ සමාගම ප‍්‍රකාශයට පත්කළ ලිපියක සඳහන් වන ලෙසට ‘පිතගොරස් ශිෂ්‍යයෙකු වශයෙන් ඉන්දියාවට පැමිණියේය. ආචාර්යවරයෙකු වශයෙන් ඉන්දියාවෙන් පිට වුණේය’ සිංහල බෞද්ධ පඬිවරයින් කීප දෙනෙක්, පිතගොරස් අධ්‍යාපන ලැබීමට භාරතයට පැමිණි බව සඳහන් කරති. ඔවුන් පරමවිඥානාර්ථ සමාගම ප‍්‍රකාශයට පත් කළ ලියවිල්ල ප‍්‍රයෝජනයට ගත්තා විය යුතුයි.
නිව් යෝක් පරමවිඥානාර්ථ සමාගම යනු පෙරදිග දැනුම අඩංගු පොතපත එක් රැස් කළ ආයතනයකි. පෙරදිග ලියවුණු පොත්පත් වැඩිම ප‍්‍රමාණයක් එකතු වී ඇති පුස්තකාලයක් ලොව ඇත්නම්, ඒ අද්යර්හි පරමවිඥානාර්ථ පුස්තකාලයයි. ඇතැම් විට පිතගොරස් භාරතයට පැමිණි බව සඳහන් කර ඇති සිංහල පඬිවරුන් අද්යර් පරමවිඥානාර්ථ පුස්තකාලය ප‍්‍රයෝජනයට ගත්තා විය හැකිය.
වර්තමාන ඉන්දියාව දැනුම ආනයනය කරන රටකි. පුරාණ භාරතය දැනුම අපනයනය කළාය. ඒ කාලයේ පෙරදිගින් මෙන්ම අපරදිගින්ද බොහෝ විද්‍යාර්ථීහු දැනුම සොයා එහි පැමිණියහ. ඔවුන් අතර ග‍්‍රීකයන් විශේෂ පිරිසකි. ග‍්‍රීක රාජධානි ඉන්දියාවේ වයඹදිග පළාත්හි බිහිවූ බව පසුගිය සතියේ ඊසොප් ගැන පළ කළ ලිපියේ සඳහන් කෙරුණි. මිනැන්ඩර් නමැති ග‍්‍රීක පාලකයා නාගසේන හිමියන් සමග කළ සාකච්ඡාවෙන් පසු රජකම හැර දමා මහණ වූ බවක් කියවේ. තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු අපරන්තයේ ධර්ම ප‍්‍රචාරයට වැඩියේ යෝනක ධම්මරක්ඛිත ෙතරණුවන්ය. යෝනක යන්න, පැරණි පොතපතේ ග‍්‍රීකයන් සඳහා යෙදෙන වදනකි. ග‍්‍රීකයින් බුදුදහම කෙරෙහි උනන්දු වූ බව කියවෙන මෙවැනි කතා ගණනාවක් තිබේ.
පිතගොරස් බුදුන්ගේ ඉගැන්වීම් ගැන අසා බුදුන් සොයා භාරතයට පැමිණි තරුණයෙකි. ඔහු එනවිට බුදුන් වහන්සේ පිරිනිවන් පා සිටියහ. බුද්ධ ශ‍්‍රාවකයින් හමුවූ පිතගොරස් පසුව තක්ෂිලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා කලක් එහි ගුරුවරයෙකු වශයෙන් සේවය කළේය. තක්ෂිලාවට සමාන කළහැකි අධ්‍යාපන ආයතනයක් පුරාණ ලෝකයෙන් අසන්ට නොලැබේ. ඉන්දියාව ආක‍්‍රමණය කිරීමට පැමිණි ඇලෙක්සැන්දර් තක්ෂිලා විශ්වවිද්‍යාලයට ගොස් එහි ආචාර්යවරුන් සමග සකච්ඡා කළ බව ප‍්‍රසිද්ධ කරුණකි. ඇලෙක්සැන්දර්, ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙකි. ග‍්‍රීසියේ විසූ ප‍්‍රසිද්ධ උගතුන් වූ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙදෙනාම පිතගොරස් ගැන සඳහන් කරති.
පිතගොරස් චරිතාපදානයක සඳහන් වන පරිදි දිනක් සෙමෝස්හි ක‍්‍රීඩාංගණයක දී පිතගොරස් හා තරුණයෙකු අතර සංවාදයක් ඇතිවිය. පිතගොරස් තරුණයාට ගණිතමය ප‍්‍රහේලිකාවක් ඉදිරිපත් කර එය විසඳන්නැයි කීවේය. එය විසඳූ තරුණයා, තමාව ශිෂ්‍යයෙකු වශයෙන් බාරගන්නැයි පිතගොරස්ගෙන් ඉල්ලීමක් කළේය. මේ එකම ගෝලයාත් සමග සෙමෝස් දිවයිනෙන් සමුගත් පිතගොරස් ක්‍රෝටෝන් වෙත ගියේය. වර්තමානයේ දකුණු ඉතාලියේ පිහිටි මෙම ප‍්‍රදේශය එකල හැඳුනුම් ලැබුයේ බලවත් ග‍්‍රීසිය යන අර්ථය ඇති මැග්නා ග‍්‍රීසියා යන නමිනි. මෙය ධනවතුන් විසූ ප‍්‍රදේශයක් වූයේය. පිතගොරස් සහ ගෝලයා ‘ට්රෙන්ටුම්’ වෙරළ ප‍්‍රදේශය පදිංචියට තෝරාගත්හ. මේ අලංකාර පරිසරයේ පිතගොරස්ගේ ආශ‍්‍රමය ගොඩනැගුණි.
පිතගොරස් චරිතාපදාන ලියූවන් සඳහන් කරන ලෙසට හෙතෙම ධවල වස්ත‍්‍රයක් ඇඳ කුඩා මැණික් ඔටුන්නක් පැලඳ සිටියේය. ඔහුගේ අධ්‍යාපන ආයතනය, සම්ප‍්‍රදායික ග‍්‍රීක ඉගැන්වීම් මෙන්ම ඊට වෙනස් දැනුමද සැපයූ ස්ථානයකි. මෙවැනි කතාකරුවෙකු සඳහන් කරන ග‍්‍රීක ජනප‍්‍රවාදයක් මෙසේය.
‘‘දිනක් පිතගොරස් පාරේ යනවිට කිසියම් පුද්ගලයකු බල්ලෙකුට පහර දෙනවා දුටුවේය. වහා එතැනට ගිය පිතගොරස්, ‘ඔය බල්ලාට ගහන්ඩ එපා. ඕකා දැන් බල්ලෙක් වී හිටියාට පූර්ව ජන්මයක මගේ මිත‍්‍රයෙක්. ඔය කටහඬ මට හොඳට පුරුදුයි’ කීවේය.
සතුන්ට කරුණාව දක්වන මිනිසුන් ඕනෑ තරම් පුරාණ ග‍්‍රීසිය, රෝමය වැනි රටවල ඉන්නට ඇත. නමුත් සත්ව කරුණාව මේ කිසිම රටක ජාතික සම්ප‍්‍රදාය වී නොතිබුණි. බිලි පූජා පැවැත්වීම මේ හැම රටකම ප‍්‍රධාන ආගම්වල අංගයක් ලෙස සිදුවිය. මේ ජනප‍්‍රවාදයේ පුනර්භව විශ්වාසයක්ද අන්තර්ගත වේ. පුනර්භවය ග‍්‍රීකයන්ට අලුත් දෙයකි. පිතගොරස් දේව පූජා සඳහා සතුන් මැරීම අයහපත් ක‍්‍රියාවක් බව පැහැදිලි කළේය ‘ශරීරය අපවිත‍්‍ර කර නොගන්න. සත්ව ආහාර ගැනීමෙන් වළකින්න’ යයි දේශනා කළේය. නව ඉගැන්වීම් ග‍්‍රීසියේ හෝ රෝමයේ සම්ප‍්‍රදායික ආගමික ඉගැන්වීම්වලට අභියෝගයක් වූ නිසා ඒ ආගම්වල පූජක පිරිස් පිතගොරස් කෙරෙහි උරණ වූහ.
අලුත් අදහස් ප‍්‍රකාශ කළවුන් දාර්ශනිකයින් වශයෙන් හඳුන්වන අවස්ථා තිබේ. අලුත් දාර්ශනික අදහස් අසන පාලකයින් කෝප වී එම දාර්ශනිකයින් විනාශ කිරීමේ පුවත් රෝම ග‍්‍රීක ඉතිහාසයේ සුලභය. බෲනෝ පූජකතුමාව පුලුස්සා දැමීම, ගැලීලියෝ සිරගත කිරීම ප‍්‍රසිද්ධ සිදුවීම් දෙකකි. යුරෝපය රෝම අධිරාජ්‍යයට යටත් වූ පසු දාර්ශනිකයින් විනාශ කිරීම යුරෝපය පුරා සිදු විය. ජර්මනියේ යාන් හුස් පිලිස්සීම ප‍්‍රසිද්ධ ඝාතනයකි. යුරෝපා රටවල් මානව හිමිකම් සුරැකීමට පෙලඹුණේ මෙවැනි දීර්ඝ අන්ධකාර පරිච්ඡේදයක් නිම කිරීමෙන් පසුවයි.
පිතගොරස්ගේ ඉගැන්වීම් නිසා කුපිතවූ කිසියම් පිරිසක් ඔහුගේ ආශ‍්‍රමය ගුප්ත පූජා පවත්වන, අදේවවාදය පතුරුවන සමාජ විරෝධී ස්ථානයක් යයි කටකතා පැතිරවූහ. ක්‍රෝටෝන්හි දේශපාලන අර්බුදයක් ඇතිවූ අවස්ථාවක සංවිධානාත්මක පිරිසක් පිතගොරස් ආශ‍්‍රමය වටකර ඊට ගිනි ලෑහ. එම අවස්ථාවේ ආශ‍්‍රමයේ දෙදහසකට අධික පිරිසක් විසූ බව කියවේ. පැනයාමට උත්සාහ කළ හැම දෙනාම ආශ‍්‍රමය වටකරගෙන සිටි මැරයින්ගේ ප‍්‍රහාරවලට ලක්වී මිය ගියහ. පණ බේරාගත් එක් ශිෂ්‍යයෙක් ගැන වාර්තා වේ. ඔහු ලීරස්ය. ලීරස්, තම ආචාර්යවරයාගේ ඉගැන්වීම් සිහිකර පද්‍ය සංග‍්‍රහයක් කළේය. එය හැඳින්වෙන්නේ ‘පිතගොරස්ගේ ස්වර්ණමය පද්‍ය සංග‍්‍රහය’ යනුවෙනි.
පිතගොරස් යන්න සංස්කෘත භාෂාවෙන් ‘පීතෘ ආචාර්යවරයා’ යන අර්ථය ඇති වචනයකි. (අප සමාජයේ පෛතගොරස් වශයෙන් ප‍්‍රසිද්ධ බ්‍රිතාන්‍ය බලපෑම නිසාය. ඇමරිකානු ඉංග‍්‍රීසියට එය පිතගොරස් වේ.) පිතගොරස් අනුගමනය කළ පසුකාලීන ආචාර්යවරුන් පිරිසක් ග‍්‍රීසිය හා රෝමය යන රටවල බිහිවූ, විසූ බවක් මෙම වචනයෙන් ප‍්‍රකාශ වේ. ඔවුන් කිහිප දෙනෙකු ගැන තොරතුරු තිබේ. සිය මහලු විය රෝම නගරයේ ගත කළ ඇපලෝනියස් එවැන්නෙකි. තමා පිතගොරස්ගේ අනුගාමිකයෙකු බව ඔහු පවසයි.
බොහොමයක් උගතුන් සිතන විදිහට ඊසොප් සැමොස්හි විසූ වහලෙකි. ඔහු උපමා කතාන්දර කිය කියා ග‍්‍රීක රාජ සභාව සතුටු කළේය. ඊසොප් යනු, බෝධිසත්ව යන සංස්කෘත වචනයේ ග‍්‍රීක ස්වරූපය යයි රාජනීස් භගවාන් හෙවත් ඕෂෝ පැහැදිලි කළේය. රාජනීස්ගේ අදහස් ඇමරිකාවට හිසරදයක් විය. ඇමරිකාව රාජනීස් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළේය. ඔහුගේ අදහස් ඇමරිකාවේ තියා ඉන්දියාවේවත් සැලකිල්ලට නොගැනේ.
සෙමෝස්හි පිතගොරස් ආචාර්යවරයෙකි. ඔහු ද උපමා කතාන්දර කියමින් දැනුම සැපයූවෙකි. පිතගොරස් වහල් ජීවිතයක් ගත කළ බවද කියවේ. මේ මූලික කාරණා සමග ඊසොප් කී උපමා කතා සහ පිතගොරස් ඉගැන්වූ ධර්මය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එසේම පිතගොරස්ගේ ප‍්‍රසිද්ධ ජ්‍යාමිතික සිද්ධාන්ත පුරාණ බෞද්ධ භික්ෂූන් අතර භාවිත වූ ශුල්බ ගණිතය අතරද සමානකමක් පවතී. සුප‍්‍රකට පිතගොරස් ප‍්‍රමේය සහ ‘බෞද්ධයාන සූත‍්‍රය අතර ඇති සමානකම එක් නිදසුනකි. ශුල්බ ගණිතය ග‍්‍රීසියට හඳුන්වා දී ඇත්තේ පිතගොරස් විසින් බවට මතයක් තිබේ. ඊසොප්ගේ උපමා කතාවලට සමාන ජාතක කතා රාශියක් ඇති බව පසුගිය සතියේ ලිපියෙන්ද පැහැදිලි කෙරිණි. මේ සියලු තොරතුරු සන්සන්දනය කළ විට ඊසොප් සහ පිතගොරස් පුද්ගලයින් දෙදෙනෙකු නොව එකම පුද්ගලයෙකු බව පැහැදිලි වේ.
පිතගොරස් බෝධිසත්වයකු හෙවත් ඊසොප් වශයෙන් සැලකීමට හේතුව එතුමා ගතකළ භික්ෂු ජීවිතය බව පෙනේ. මෙම භික්ෂුව ඉදිරිපත් කළ දැනුම භාරතීය දැනුමයි. අපරදිග දැනුමින් ලෝකය ආලෝක වී ඇතැයි යන්න ලෝකයේ පොදු පිළිගැනීමයි. එසේ සිතීමට පුරුදුවී ඇති කිසිවකුට පිතගොරස්, ඊසොප් යයි පිළිගැනීම පහසු නැත.
‘‘දිනක් පිතගොරස් පාරේ යනවිට කිසියම් පුද්ගලයකු බල්ලෙකුට පහර දෙනවා දුටුවේය. වහා එතැනට ගිය පිතගොරස්, ‘ඔය බල්ලාට ගහන්ඩ එපා. ඕකා දැන් බල්ලෙක් වී හිටියාට පූර්ව ජන්මයක මගේ මිත‍්‍රයෙක්. ඔය කටහඬ මට හොඳට පුරුදුයි’ කීවේය.
සෙමෝස්හි පිතගොරස් ආචාර්යවරයෙකි. ඔහු ද උපමා කතාන්දර කියමින් දැනුම සැපයූවෙකි. පිතගොරස් වහල් ජීවිතයක් ගත කළ බවද කියවේ. මේ මූලික කාරණා සමග ඊසොප් කී උපමා කතා සහ පිතගොරස් ඉගැන්වූ ධර්මය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
(2018 ඔක්තෝබර් 21 සතිඅග අරුණ පුවත්පත)