ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට

Last Updated on 3 months by admin

ජවිපෙ-මාලිමා දේශපාලනයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිබිදීමක් ඇතැයි විවිධ මාධ්‍යවලින් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි දේවල් ස්වාභාවිකව සිදුවීමටද කෘතිමව මවා පෙන්වීමටද හැකිය. කෙසේමුත් කාන්තාවන් බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමට වඩා හැඟීම්බරව ප්රතිචාර දැක්වීමට නැඹුරු බව පිළිගැනේ.

මේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ පළමු වරට සිදුවෙන දෙයක්ද? කිසිසේත්ම නැත. එදා විවියන් ගුණවර්ධන වැනි කාන්තා නායිකාවන් වටා විශාල කාන්තා බලවේගයක් පෙළ ගැසුණි. 1953 පැවති හර්තාලයේදී දුම්රිය මාර්ග අවහිර කොට රේල් පාරේ ලිප් බැඳ ආප්ප පිච්චුවේ අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ යන ප්‍රදේශවල සටන්කාමි කාන්තාවන් බව ප්‍රචලිතය. 1970 සමගි පෙරමුණු රජය බලයට පත්වීමට ආසන්න කාලයේදී සිරිමා බණ්ඩාරනායක මැතිනිය වටා  විශාල කාන්තා බලවේගයක් පෙළ ගැසුණි. ඒ ඇය තමා වැනිම ගැහැනියකය යන සාධකයද ඇතුළත්වය.

අදට සාපේක්ෂව එදා පැවති සමාජ, සංස්කෘතික බැඳීම් කාන්තාව සම්බන්ධයෙන් සම්ප්‍රදායානුකුලව අද මෙන් ලිහිල් නොවීය. ඔවුන් දෙමව්පියන්ගේ, ස්වාමි පුරුෂයාගේ, වැඩිහිටියන්ගේ බසට අවනතව සිටියාසේම ගෙදරින් එළියට බැස්සේ ඔවුන්ගේ යම් අවසරයක් අනුකුලතාවයක් සහිතවය. ඔවුන් දේශපාලනයට සක්‍රීයව දායක වූයේ ද එම රාමුව ඇතුළේ සිටය.

කාන්තාවන්ගේ නිදහස, කාන්තා විමුක්තිය, පුරුෂාධිපත්‍යයෙන් ගැලවීම, ස්වාධීනව ක්‍රියා කිරීම ආදී බටහිර අදහස් ලංකාවේ කාන්තාවන්ගේ මනසට සීග්රව එන්නත් වන්නේ 1977 එන ජේ.ආර්.ගේ විවර්ත ආර්ථිකයත් සමගය. ඩොලර්, පවුම් සමග එන එම විෂම අදහස් සමග සියල්ල වෙනස් වීමට භාජනය වෙයි.

දැන් අප වර්තමාන තරුණ පරපුර එතරම් නොදත් “සුනිලා අබේසේකර” නම් වූ කාන්තා චරිතය දෙසට හැරෙමු. (ඇය දැන් ජීවතු අතර නැත) සුනිලා, පළමුව විවාහව සිටියේ ප්‍රසිද්ධ නළු “W. ජයසිරි” සමගය. (ජයසිරිගේ මතවාද ගැන අවධානය යොමු කරන්න) මට නොවැරදුනි නම් දෙවනුව “තිස්ස අබේසේකර” සමගය.  පසුව ඇය ජවිපෙ දේශපාලනයට එක්ව සිය ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ජවිපෙට උදව් කළ අතර ජවිපෙ “විමුක්ති ගී ” ප්‍රසංගයේ ගායිකාවක ලෙසද කටයුතු කළාය. සුනිලා, ජවිපෙ සිටි කාලයේ ජවිපෙ නායකයන් ඇය ගැන කළ අගැයුම් බොහෝය. ඇය ඇමෙරිකාවේ අධ්යාපනය ලද්දියෙකි. පක්ෂයට එක් වූයේ “මාර්ග” ආයතනයේ පරිවර්තිකාවක ලෙස සේවය කරද්දීය, උසස් සමාජය ඇසුරු කරන්නියක ආදී වශයෙනි.

පසුව මේ සුනිලාවන් විමුක්ති ගී කණ්ඩායමෙන් ද, පක්ෂයෙන්ද නෙරපා හැරිණි. ප්‍රකාශිත හේතුව, ඇය එවකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි “කෙලී සේනානායක” සමග අනියම් ඇසුරක්  පවත්වමින් සිටීමය. පසුව කෙලී ද ජවිපෙන් ඉවත් කළ අතර ඉන්පසු ඔවුන් දෙදෙනා කලක් එකට ජීවත් වූහ.

පක්ෂය ඇතුළේ සිටි සුනිලාට මහත් වටිනාකම් දෙමින් සිටි ජවිපෙ, ඉවත් කළ සුනිලා ගැන මෙසේ කිව්වේය. “සුනිලා, CIA සංවිධානය විසින් පක්ෂය විනාශ කිරීම සඳහා රිංගවන ලද්දියකි. ඇය කොක්ක ගැසීමට බැලුවේ “රෝහණ විජේවීරට ය” ඔහු අසු නොවුන මුත් අසුවුයේ කෙලී ය…..” ආදී වශයෙන් තවත් දේවල්ය.

දැන් ජවිපෙ “හරිනි අමරසූරිය” නම් කාන්තා චරිතයක් සිටින්නීය. ඇය ජවිපෙ, ඉහළ මණ්ඩලයක ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද, මාලිමාව වටා සිටින කාන්තාවන් ආකර් ෂණය කරන ප්‍රධාන චරිතය ලෙසද ක්‍රියා කරයි. ඇය ඉංග්‍රීසි කතා කරන ඉහළ සමාජයෙන් ජවිපෙ දේශපාලනයට පැමිණි කෙනෙකි.

සුනිලා අබේසේකර ජවිපෙ සිටි කාලයට වඩා අද ලංකාවේ සංස්කෘතියද ඊට අනුරූපව කාන්තා පක්ෂයේ සිතුම් පැතුම් හා චරියාවන් ද වෙනස්ව ඇත. කෙටි උදාහරණ කිහිපයක් ගනිතොත් වඳුරාට දැළි පිහිය මෙන්වූ මොබයිල් ෆෝනය පැමිණ විවාහක  කාන්තාවන්ට සහ තරුණියන්ට අවශ්‍ය නම් අයාලේ යාහැකි නිදහස් මාර්ග විවර කරදී ඇත. හරසුන් බොළඳ ටෙලි නාට්‍ය ද එයට මග පෙන්වයි. කාන්තා විමුක්තිය, නිදහස, පුරුෂාධිපත්‍යයෙන් මිදීම ගැන අදහස් එන්නත් වේ. මෙයට සමගාමීව එකල පෙම්වතුන් ලෝකයාට  බයෙන් බයෙන් ගිය සිනමා ශාලාවල බැල්කනිවල තිබු පුටු ඉවත්ව යුවලකට තනිවී සිටිය හැකි BOX ඉදිවිය. මුහුදු වෙරළේ කුඩයක් අස්සේ සිටිනු වෙනුවට රටපුරා ඇති “රූම්”  වෙත යා හැකි විය. වැඩේ වැරදුනොත් “ගබ්සාව” ඕනෑම නගරයක සුලබ විය.  කන්යාභාවයේ වටිනාකමක් නැතිවූ අතර එය සොයන පිරිමියෙකු වේද ඌ නොදියුණු ගොබ්බයෙකු සේ හැඳින්විණ.

අපගේ කියවීමට අනුව එදා ජවිපෙ සිටි සුනිලා අබේසේකර, අද හරිනි අමරසූරියයි. අද ලංකාවේ පවතින සමාජ සංස්කෘතික තත්වය අනුව ඇයගේ පෙනුම, ආකර් ෂණය හා කතා කලාව අනුව රටේ කාන්තාවන්ගෙන් යම් කොටසක් මාලිමාව වටා පෙළ ගස්වා ගැනීමට ඇයට හැකිවී තිබේ. මින් අති බහුතරය වැඩි උගත්කමක් නැති ගැමි කාන්තාවන් හා තරුණියන් වීම විශේෂයකි. ජවිපෙ කාන්තාවන්ට සැලකුවේ කෙසේදැයි කියාවත් නොදන්නා ඔවුන් හරිනි හා මාලිමාව වටා සිටින්නේ බුද්ධියෙන් නොව හැඟීමෙනි.

ජවිපෙ යනු ප්‍රචාරක උපක්‍රමවලින් මිනිසුන් මුලා කරන අවස්ථාවාදී පක්ෂයකි. 71 කැරැල්ලේ සැබෑ විප්ලවවාදිනියක ලෙස සටන් බිමේ දිවිපිදු තරුණියක වේද ඒ “සුජාතා හඳගම යි” එහෙත් මාධ්ය නිසා රටේ ප්‍රසිද්ධ වුයේ “කතරගම ප්‍රේමවතී මනම්පේරියි.” එවිට සුජාතා හඳගමගේ වීරත්වය අත හරින ජවිපෙ මනම්පේරිගේ ඇඟේ එල්ලී රට  පුරා ඇය සමරමින් විමුක්ති ගී ප්‍රසංගයේ මනම්පේරි සොයුරියේ කියා ගීතයක් ද ගයයි. (ගායකයා ලයනල් බෝපගේ) 71  ලීනා අයිරින් ලා සහ 89 දී ගාල්ලේ දී දිවි පිදූ “චාමිනි මුතුහෙට්ටි”ලා ද දැන් ජවිපෙට අමතකය.

පිළිම වන්දනා කරන බෞද්ධයින් ගෝත්‍රික යයි ජවිපෙ බිමල් රත්නායක(බොහෝවිට ජවිපෙ ඔහු ලවා) පැවසුව ද මම දන්නා ජවිපෙ ද ගෝත්‍රික පක්ෂයකි. ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්යම පන්තියෙන් යම් කිසිවෙකු ජවිපෙට පැමිණියද ජවිපෙ තුළ පවතින මේ ගෝත්‍රික බව නිසා ගැටුම් හටගනී. 71 දී සුසිල් සිරිවර්ධනට, විරාජ් ප්‍රනාන්දු ට මේ ප්‍රශ්නය තිබුණි. ප්‍රින්ස් ගුණසේකර ජවිපෙ හිටියේ විජේවීරට තිබු හිතවත්කම නිසා පමණි. ඉංග්‍රීසි උගත් බ්‍රිතාන්‍ය පුරවැසියන් වූ CI ප්‍රනාන්දු, පෝල් පීරිස්, අචා ද ලැනරෝල් වැනි ජවිපෙ ලන්ඩන් ශාඛාවේ අය සමග පෑහීමට සෝමවංසට පවා නොහැකි විය.

අවශ්‍ය නිසා මේ උදාහරණය කියමි. එකල විමුක්ති ගී කණ්ඩායම වැල්ලවාය වැනි ප්‍රදේශයක ප්‍රසංගයකට ගිය විට සුනිලා අබේසේකර වැවක දිය නෑවේ අන් කාන්තාවන් මෙන් දිය රෙද්දක් ඇඳගෙන නොව “බිකිනියක්” ඇඳගෙනය. කොළඹ පැමිණි වහා දේශපාලන මණ්ඩලයට  මේ ගැන වග උත්තර බැඳීමට සුනිලාට සිදු විය. ඉදින් සිටින්නේ මොන චේතනාවෙන් වුව “හරිනි” ද ජවිපෙ සිටින්නේ යම් යම් පීඩන සහ ප්‍රශ්න මැද්දේය. ඇය ගැන යම් යම් ප්‍රශ්න පසුගිය කාලයේ මතුව යළි යට ගියේය. ඇය නිසා මාලිමාව වටා ඇති රැල්ල නිසා ඒවා තාවකාලිකව යටපත්ව ඇතත් කොයි මොහොතක හෝ එම පරස්පරය හා සැකය නියත වශයෙන්ම මතුව එයි. එවිට ජවිපෙ ඇයට චෝදනා නගන්නේ සුනිලා ට නැගු ආකාරයටමය. බෙදන්නේ එම හැන්දෙන්ම ය. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

එහෙත් බොහෝ දෙනෙකුට තවමත් වැටහී නැත්තේ තම අවස්ථාවාදී වුවමනාව සඳහා මාලිමාව හරිනි ඉදිරියට දමා කරන්නා වූ දේය. නැතහොත් මාලිමාවේ පිහිටෙන් හරිනි ක්‍රියාවට නගන්නා වූ ඇයගේ ව්‍යාපෘතියය. හෙවත් කොන්ත්‍රාත්තුව ය. හෙවත් මෙතෙක් බෞද්ධ සංස්කෘතිය ඇතුළත ලාංකීය පවුල් සංස්ථාවේ තිබු ඒකමිතිය බිඳ දැමීමට ඇය සුක්ෂමව ක්‍රියාවට නගන්නාවූ වැඩ පිළිවෙලය. ගණිකා වෘත්තිය නීතිගත කිරීම, සංචාරකයන් පිනවන ලාල් කාන්තගේ පියයුරු පෙරහැර ආදියෙන් කියවෙන්නේ එම කතාය.

මාලිමාවේ කාන්තා රැස්වීම් සඳහා තම දූවරුන් දින ගණන් රටේ වෙනත් පළාත්වලට යාම ගැන දෙමව්පියන්ද, තම බිරින්දන් නිවසේ යුතුකම් අතපසුකොට බස්වලින් ඈත පළාත්වලට රංචු ගැසී යාම ගැන සැමියන්ද උරණව සිටින බවට තොරතුරු ලැබේ. කාන්තාවන් මේ තමන්ට අහම්බෙන් ලැබුණ නිදහසක් සේ සලකන බව ද අසන්නට ලැබේ.

හරිනි යනු විවාහක කතක් නොවේ. ඇයගේ තනි ජීවිතයේ සුන්දරත්වය ගැන හා කාන්තා නිදහස ගැන ඇයට ඕනා තරම් දේ පැවසිය හැක. එහෙත් සැමියාට අවනත ලාංකික බිරිඳ යනු ලංකාවේ සංස්කෘතික අගයකි. ඇය සැමියාටද අවනත නොවී නිවසින් පිටව ගමන්යාම  නුසුදුසු  හානිකර දෙයකි. කාන්තා නිදහස සහ විමුක්තිය යනු  එවන් දෙයක් නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link