Last Updated on 8 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
මේ කියන්න යන දේ අලුත්ම කතාවක් නොවෙයි. එය කිසිදා පරණ වෙන කතාවකුත් නෙවෙයි.
නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ බොහෝ විට 1971 දී කොළඹදී සිදුවුණු සිදුවීමක්, 90 දශකයේ මුල් භාගයේදී Berlin නගරයේදී පුංචි පොතක් ලෙස මුද්‍රණයෙන් පිට වෙනවා. එහි සමකර්තෘන් වූයේ සුප්‍රසිද්ධ ලේඛක කොලට් සේනානායක හා ජර්මනියේ ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරිකයෙක් වූ දැනට ජීවතුන් අතර නැති අර්නස්ට් අබේසිංහයි.
මාගේ දායකත්වය පැති කිහිපයකින් සිද්ධ වුණා. අපි අතීත කතා වස්තුවෙන් පටන් ගනිමු. මා හිතන විදියට එය 1971 වසර.
මාගේ මිත්‍රයෙකු වූ එවකට කොළඹ සරසවියේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසින් සේවය කළ එදිරිසිංහ මහතා ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා එංගලන්තයේ Manchester විශ්වවිද්‍යාලයට යාමට සූදානම් වෙද්දී ඔහුගේ මිතුරෙකු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු මෙන්ම පසුකාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී ජාතික රූපවාහිනයේ සභාපති වී සිටි වසන්ත රාජා, එදිරිසිංහ වෙනුවෙන් සුබ පැතීමේ සාදයක් සූදානම් කර තිබුණා.
එදිරිසිංහට සුබ පැතීම සඳහා එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වල්පොල පියනන්ද හිමියන් (දැනට ඇමරිකාවේ ප්රධාන සංඝනායක හා ලොස් ඇන්ජලිස් ධර්ම විජය විහාරයේ අධිපති) ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් වැඩම කර සිටියා.
ස්වාමීන් වහන්සේලා සමඟ කතා කරමින් සිට උන්වහන්සේලාට ගිලන්පස සූදානම් කිරීම සඳහා මා ඒ නිවසේ කුස්සියට ගිය මොහොතේ දුටුවා වසන්ත රාජා සහ ඔහුගේ සගයන් කුමන්ත්‍රණකාරී අන්දමින් යමක් සාකච්ඡා කරන ආකාරය.
මා බලාපොරොත්තු වුණේ සිසිල් බීම බෝතල්වලින් එම ගිලන්පස සංග්‍රහය කරන්න. වසන්ත රාජා කීවේ එම සිසිල් බීමවලට අරක්කු කලවම් කරමු කියා.
මම ඊට තදින්ම විරෝධය පෑවත්, වසන්ත රාජා මා ඉදිරියේදීම ගිලන්පස වීදුරුවලට අරක්කු බෝතලයකින් අරක්කු වත් කළා.
මම වහාම ගොස් පියනන්ද හිමියන්ට දන්වා සිටියා එම ගිලන්පස පානය නොකරන ලෙස. මා කලට වේලාවට මේ නොසන්ඩාල වැඩේ හිමිවරුන්ට හෙළි කළ නිසා වසන්ත රාජා ඇතුළු පිරිසේ පව්කාර වැඩේ සාර්ථක වුණේ නැහැ.
1972 වසරේ පියනන්ද හිමි පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා.
1973 දී මා සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ජර්මනිය බලා පිටත් වුනා.
මා බටහිර බර්ලිනයේ Free University එකට ඇතුල්වී පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී බර්ලිනයේ වාසය කළ අර්නස්ට් අබේසිංහ නමැති රටට දැයට හිතවත් තරුණයෙකු ළඟින් ඇසුරු කළා.
මාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ පසු ශ්‍රී ලංකාවේ ජීවත් වීමට තීරණය කර 1981දී ලංකාව බලා පිටත් වුණා. 1987 සැප්තැම්බර් මාසයේ මා දෙවන වතාවට ජර්මනියට පැමිණෙන්නේ සරණාගතයෙක් ලෙසයි. 1980-1987 අතරතුර ග්‍රන්ථයක් ලිවිය හැකි තරම් ක්‍රියාදාමයන් සිදු වුණා.
මේ වන විට මාගේ පාසැල් මිතුරෙකු වන කොලට් සේනානායක, ඔහුගේ බිරිඳ හා පුතා සමග බටහිර බර්ලිනයට පැමිණ එහි ජීවිතය ආරම්භ කර තිබුණා. මගේ පරණ මිතුරු අර්නස්ට් අබේසිංහත් කොලට්ගේ සමීපතම මිතුරෙකු වී සිටියා.
ලංකාවෙන් පිට වීමට කලින් මා සිරිමා බණ්ඩාරනායක මහත්මිය සමඟ ශ්‍රී ලනිපය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවල නියැලී සිටි නිසා, පක්ෂයට ලබා දෙන ආධාරයක් හැටියට ඒ වන විට මා විසින් මිළට ගෙන තිබුණු කුඩා මුද්‍රණ යන්ත්‍රයක් ලංකාවට යැවීමට පිළියෙල කර තිබුණත්, කුඩා පොත් මුද්‍රණය කිරීම සඳහා එය අර්නස්ට් අබේසිංහට තෑගි කළා.
කොලට් සේනානායකගේ පරිගණක යන්තරයට, සිංහල අකුරු කැවීම හා ලිපි සකස් කරන අන්දම පැහැදිලි කර දුන්නා. කොලට් සේනානායකගේ ලේඛන හැකියාවත් අර්නස් අබේසිංහගේ දිරිමත් කිරීමත්, මා තෑගි දුන් මුද්‍රණ යන්ත්‍රයත් එතැන් සිට ක්‍රියාත්වීම තුළින් කුඩා පොත් පහළොවක් පමණ ලියා මුද්‍රණය කර ධෛර්යමත් මේ තරුණයින් දෙදෙනා විසින් මුළු ලෝකයටම බෙදා හරිනු ලැබුවා.
“ගිලන්පසට හැළි අරක්කු මුසු කළ වසන්ත රාජා” නම් කුඩා පොත් පිංච ප්‍රසිද්ධියට පැමිණුනේ මෙන්න මේ ආකාරයෙන්. මුද්‍රණය කරනු ලැබුවේ සීමිත පිටපත් ප්‍රමාණයක් වුවත්, ලැව් ගින්නක් සේ එය රටවල් ගණනාවක් හරහා පැතිරී ගියා.
දැන් මා ඔබට කියන්න යන්නේ වසන්ත රාජාගේ භූමිකාව හා තත්කාලීන සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජ මනෝවිද්‍යාත්මක කතිකාවක් ගැනයි.
වසන්ත රාජාගේ හැසිරීම තුළ පූර්ණ වශයෙන්ම ගැබ් වී තිබුණේ සිංහල බෞද්ධ විරෝධී විකෘති මනෝභාවයයි.
විජය කුමාරතුංග ඝාතනයෙන් පසු එංගලන්තයට පලා යන චන්ද්‍රිකා කුමාරතුංගගේ අන්තේවාසිකයෙකු ලෙස ඉටුකළ සේවයට පුදනු ලැබූ ත්‍යාගයක් ලෙස වසන්ත රාජාව ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට පත් කරනු ලැබුවා.
ඔහු උතුරේ ත්‍රස්තවාදින්ට උදව් කළා කියන කතාව සනාථ කිරීම සඳහා සාක්ෂි මා ළඟ නැති නමුත් ඔහුට සිංහල බෞද්ධ විරෝධී දේශද්‍රෝහියෙකු ලෙස ඉටු කිරීමට කිසියම් භූමිකාවක් පැවරී තිබුණු බව නම් ඉතාමත් පැහැදිලියි.
ශ්‍රී ලංකාවේ චිරස්ථිතිය ගොඩනැගී තිබෙන්නේ සිංහලකමයි බුදුදහමයි මිශ්‍රවීම තුළින් බව දේශයේ හතුරන් දැන සිටියා.
මෙම කටයුතු බුද්ධ පුත්‍රයන්ට නිගා කිරීමෙන් නැවතුනේ නැහැ.
1959 දී බණ්ඩාරනායක මහතාව ඝාතනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා දෙනමක් සම්බන්ධ කර ගැනීම, 1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණය උදෙසා දැවැන්ත මෙහෙයක් ඉටු කළ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ ප්‍රධානම පාර්ශව කරුවන් වූ භික්ෂූන් වහන්සේලාගෙන් පලිගැනීමේ චේතනාවෙන්, ඌරගේ මාළු ඌරා පිටම තබා කපන්නා සේ කළ වැඩක්.
අන්‍ය ආගමික බලවේග විසින් බුදු දහම ශ්‍රී ලංකාවෙන් තුරන් කරළීම සඳහා කළ හැකි හැම නින්දිත වැඩක්ම සිදුකළා පමණක් නොව අදටත් සිදුකරමින් සිටිනවා.
දේශයට සතුරුකම් කරන (අප එහෙම කියන්නේ ඔහු නියෝජනය කරන කතෝලික පල්ලිය හා උතුරේ කොටි ත්‍රස්තයින් අතර තිබුණු සෘජු සම්බන්ධතාවය නිසයි) කාදිනල්වරයා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වී සිටින ඊනියා බෞද්ධ භික්ෂූන්ගේ භූමිකාව පිළිකුල් සහගතයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියස බෞද්ධ බැතිමතුන් ඝාතනය කිරීම, දළදා මාළිගාව පුපුරුවා හරින්නට උත්සාහ කිරීම, අරන්තලාවේ සාමණේර වහන්සේලා ඝාතනය කිරීම, දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේ, කොටුවේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය ගණනක් ඝාතනය කිරීම ගැන ඇතැම් භික්ෂූන් කිසිදාක ඔවුන්ගේ “ශ්‍රී මුඛ” විවෘත නොකළේ ඇයිද යන්න අදටත් ප්‍රශ්නයක්. එහෙත් ඔවුන් පාස්කු ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය පිළිබඳව දිගින් දිගටම කතා කළා.