ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව

Last Updated on 6 months by admin

මහත්මා ගාන්ධිගේ පටන් නිදහස ලැබූ ඉන්දියාවේ සියලූ නායකයෝ, බහු ජාතික බහු ආගමික රටක් ගොඩනගන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ හින්දු ආගමිකයින්ගේ සංඛ්‍යාව අඩුවන්නට විය. ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ජනගහණය සීඝ‍්‍රයෙන් වැඩි විය. බෙදුම්වාදය ඉහළ ගියේය. ඉන්දියාවේ පිබිදීම ඇතිවූයේ මන්දගාමී ලෙසිනි. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය විසින් ඒ ස්වභාවය වෙනස්කර ඉන්දියාව ලෝකයේ බලවත්ම රටක් බවට පත්කරමින් සිටියි.
මේ තත්වයට මාක්ස්වාදින් කැමති නැත. දකුණේ ප‍්‍රාන්තවලින් ලැබෙන්නේ අඩු සහායකි. තමිල්නාඩු, කේරළ, තෙලංගානා, ආන්ද්‍ර ආදී දකුණේ ප‍්‍රාන්ත, බහු සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින කොන්ග‍්‍රසයට වැඩි කැමැත්ත දක්වයි. මෙයින් කේරළය ඉන්දියාවේ මාක්ස්වාදින්ගේ සහ ක‍්‍රිස්තියානින්ගේ බලකොටුවයි.


දකුණේ හැම ප‍්‍රාන්තයකම, ‘භාරතීය ජනතා පක්ෂය ආගම්වාදීව කටයුතු කරන බව’ කියන පිරිසක් සිටිති. මොවුහු, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන, බංගාලදේශ, මාලදිවයින් ආදී රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්හි, ඒ රටවල් ඉස්ලාම් රටවල් වශයෙන් හඳුන්වනු ලැබ ඇති බව දනිති. ඒ රටවල පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයින් කුරානයේ අතගසා දිවුරීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. ශාරියා සහ හඩිත් අධිකරණ නීති ක‍්‍රියාත්මක කිරීමද ඔවුන්ට නොපෙනේ. ඒ වෙනුවට මෝදිගේ පක්ෂයේ වැරදි පෙනේ.
ඉන්දියාව ලෝකයේ ඕනෑම රටක සරණාගතයින් බාරගත් රටකි. එහෙත්, 2019 පුරවැසි පනත යටතේ ඉන්දියාවේ පුරවැසියෙකු වීමේ හැකියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල වැසියන්ට නොලැබී ගියේය. ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි සංවිධාන, උත්තර හා මධ්‍ය ප‍්‍රදේශයන්හි නිදහසේ ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. හින්දුන් අති විශාල පිරිසකට ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම් වැළඳ ගැනීමට හැකි විය. එහෙත් අලූත් නීති මගින් මෙම ප‍්‍රාන්තවල වැසියන්ට මිශ‍්‍ර විවාහ සඳහා අවසර නැතිකර තිබේ. පිටස්තර ප‍්‍රාන්ත වැසියන්ට ගුජරාත් ප‍්‍රාන්තයේ නිවාස මිලයට නොහැකිය. යාච්ඤා ගෙවල් හා දේවස්ථාන ඉදිකිරීමට නොපුළුවන.


බි‍්‍රතාන්‍ය පාලකයන්, ලංකාවේ මෙන්ම ඉන්දියාවේද, ජාතිකත්වය නැති කිරීමට යොදාගත් ප‍්‍රධාන ආයුධය අධ්‍යාපනයයිි. ඉන්දියානු හම ඇති ඉංග‍්‍රීසින්ට වුවමනා අයුරින් සිතන මනසක් උපදින ස්වදේශිකයන් බෝකිරීම ඉන්දියාවට ලබාදෙන අධ්‍යාපනයේ පරමාර්ථය බව එහි නිර්මාතෘ පවසා තිබේ. ඔහුගේ වුවමනාව සඵලවිය. ජාතිකත්වය අහිමි කරගන්නා කළු සුද්දන් බුරුතු පිටින් බිහි විය. ඉන්දියාව කැඞීයාමේ අනතුරක් මතු වූයේය.


ඉන්දියාවේ වෙනස්වීම් දකින්නන් මෝදිට ඇඟිල්ල දිගුකරන නමුදු, භාරතීය ජනතා පක්ෂය පිළිගන්නා ජාතික චින්තනය, ‘විනයක් සමෝදර් සවර්කාර්’ විසින් මීට අවුරුදු සියයකට පෙර ඉදිරිපත් කරන ලද්දකි. එංගන්තයට ගොස් නීතිය හැදෑරු ඉන්දියානු ශිෂ්‍යයෙක් වූ සවර්කාර්, 1923 දී ‘හින්දුත්වා’ (හින්දු ජාතිකත්වය* පොත ප‍්‍රකාශයට පත්කරමින් ඉන්දියාවට ජාතික චින්තනයක් ඉදිරිපත් කළේය.


සවර්කාර් ඉන්දියාවට වඩා ලංකාවට ආදර්ශයකි. අප මේ කියන්නේ ලංකාව හින්දු රටක් කළ යුතු බව නොවේ. සර්වකාර්, දේශපාලන ක‍්‍රියාවලියේ කාවන්තිස්ස කෙනෙකි. ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමට නම් සිංහල බෞද්ධ චින්තනයෙන් කටයුතු කළ යුතුය යන්න, කාවන්තිස්ස ප‍්‍රතිපත්තිය වූයේය. මීට බොහෝ කාලයකට පෙර අනගාරික ධර්මපාලතුමා රටට හඳුන්වා දීමට උත්සාහ කළේද මේ ප‍්‍රතිපත්තියයි. සිංහල අපි, ඒ නිවැරදි මඟ තිබියදී කටු ඉපල් බොරළු ගොඬේ ගමන් කරමින් වේදනා විඳිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link