දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව

Last Updated on 6 months by admin

(මහබලිපුරම් වෙරළේ කුණු අහුලන මෝදි – Phot credit PTI)

ස්වදේශිකයන්ගේ රාජධානි නැති කරමින් ඉන්දියාවක් තැනූ බි‍්‍රතාන්‍යයෝ දෙවන ලෝක යුද්ධය කාලයේ එය කඩා වෙන්කර පකිස්ථානය නමින් අලූත් රටක් හැදුවෝය. නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය දෙකඩකර බංගාලි දේශය නමින් රටක් හැදීමට සමත්විය. බංගාලි දේශය පකිස්ථානයෙන් වෙන්කර තැබීම එදා සිටම ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය වූයේය. ඒ සඳහා ඉන්දියාවේ ආහාර සහ හමුදාව බංගාලි දේශයට ඇතුළු විය. මීට බොහෝ බංගාලි වැසියන් කැමති වූයේ නැත.

බංගාලි දේශය ඉස්ලාම් රටකි. එය ලෝකයේ ඉස්ලාම් රටවල් සමග එක්වීම ස්වභාවික සිද්ධියකි. භයානක ක‍්‍රියාව, ලෝකයේ ඉස්ලාම් ජිහාඞ් සංවිධාන බංගාලි ඉස්ලාමිකයන් හා සම්බන්ධ වීමයි. ඔවුන් නිසා, ඉන්දියාවේ හින්දුන්ට සහ අසල්වැසි මියන්මාරයේ බෞද්ධයන්ට විරුද්ධ දැඩි මතධාරී රටවැසියන් පිරිසක් බංගාලි දේශයේ බිහි විය.

රට පාලනය කළ ෂෙයික් හසිනාගේ ‘අවාමි ලීග’ පක්ෂයේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම (බීඇන්පී ) එවැනි ජිහාඞ් මතදාරීන්ගෙන් අඩුවක් නැති සංවිධානයකි. භාරකාර ආණ්්ඩුවක් පත්කර එය යටතේ නිදහස් මහා මැතිවරණයක් පවත්වන්නැයි ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහ. එය ඉටු නොවූ විට මැතිවරණ වර්ජනයක් ප‍්‍රකාශ කර එය කඩාකප්පල් කිරීම ඔවුන්ගේ උපාය වූයේය. ආණ්ඩුව ඔවුන්ට පිළිතුරු දුන්නේ දැඩි ලෙසින් නිීතිය ක‍්‍රියාවට නැංවීමෙනි. දහස් ගණනක් සිරභාරයට පත් වුණි. ෂෙයික් හසිනා මැතිවරණයෙන් ජයගෙන සිව්වෙනි වරටත් අගමැති වූවාය.

චීනය, ඉන්දියාව සහ රුසියාව හසිනාගේ ජයග‍්‍රහණයට සුබපැතූ රටවල් අතර ප‍්‍රධාන විය. ඇමරිකාව මැතිවරණය විවේචනය කරමින් බංගාලි දේශයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම ගැන කණස්සල්ල පළ කළේය. කැනඩාව, ඔස්ටෙ‍්‍රලියාව වැනි බටහිර පෙරමුණේ රටවල් බංගාලි නායිකාවට ශුභ පැතුවේ රටේ සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමට ඇයට හැකිවේවායි කියමිනි. ඒ හැමතින්ම කියැවී ඇත්තේ හසිනාගේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් නොපැවැත්වූ බවයි.

මේ සිදුවීම් අතර ඉන්දියා අගමැති මෝදි, ලක්ෂදිව්හි සංචාරයක යෙදුණි. එය චීනයට මෙන්ම චීන හිතවාදී නායකයෙකු තැනූ මාලදිවයිනටද අනතුරු ඇඟවීමකි. ලක්ෂදිව් ව්‍යාපෘති ගණනාවක් කිරීමට ඉන්දියාව අදහස් කරයි. මේ බව වටහාගත් මාලදිවයින් නායකයින් කිහිප දෙනෙක්ම අවමන් කතා කියමින් ඉන්දියාවට අපහාස කළහ. ඒ ඇතැමෙකු මෝදිව හැඳින්වූයේ ඊශ‍්‍රායල් රූකඩයක් ලෙසයි. මේ සමග ඉන්දියානුවන්ගේ දේශපේ‍්‍රමය ඇවිලී ඇතිවූ තත්වය ගැන කලබල වූ මාලදිවයින් නායකයා ඊට සම්බන්ධ ඇමතිවරුන් තිදෙනෙකු ධුරවලින් ඉවත් කළේය.

මේ සිදුවීම් සමග ලංකාවේ ජනාධිපතිවරයා උතුරට ගොස් කළ ප‍්‍රකාශ හා නැගෙනහිර පළාත පිළිබඳ ඔහුගේ ප‍්‍රතිපත්තිය ඇතැමෙකුගේ සැලකිල්ලට ලක්ව තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තිය ලංකාවේ ජාතීන් අනුව බෙදුන කලාප තුනක් ඇති කිරීමේ බටහිර වුවමනාව අනුව යෑම නම්, එය ඉන්දියාවේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයකි. චීනයේ වැඩපිළිවෙලටද තර්ජනයකි.

උතුරේ හැදෙන දෙමළ කලාපය තමිල්නාඩු ජාතිවාදී දේශපාලනඥයින්ටත්, නැගෙනහිර මුස්ලාම් කලාපය ජිහාඞ්වාදීන්ටත් සම්බන්ධ වීම නොවැළැක්විය හැකි ක‍්‍රියාවකි. ඉන්දියාව, එවන් තත්වයක් උද්ගත වීම වළකනු පිණිස වෙනත් දේශපාලන නායකයෙකු බලයට පත්කිරීමට පියවර ගනු ඇත. මේ දේශපාලන යථාර්ථය පිළිබඳ අනවබෝධයෙන් රනිල් පසුපස යන කවුරැන් වුව දේශපාලන අනාථයන් බවට පත්වීම නොවැළැක්විය හැක්කකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link