Last Updated on 4 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD
Photo credit: peacecommission.kdsg.gov.ng
ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි.
වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා.
එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන් කම්කරු ගණයට අයත් වීම ඇරඹෙන්නේ කාල් මාක්ස් සහ එංගල්ස් වැන්නන් ශ්‍රමයේ අගය පිළිබඳ කතා කිරීම ඇරඹීමත්, එම පණිවිඩය දේශපාලන කරළියට ගෙන ඒමත් සමගයි.
ශ්‍රමිකයා තනිවී සිටි කාලය අවසන් කරමින් සමූහයක් ලෙස අයිතිවාසිකම් වෙනුවෙන් සවිඥානික වීමත් ධනපතීන්ට අභියෝගයක් වීමත් සමඟ ලෝක දේශපාලනය උතුර- දකුණ වෙනස අභිබවා වම හා දකුණ බවට පත්වුණා.
මෑත ලෝක දේශපාලනයේ විශිෂ්ඨ නායකයෙක් ලෙස කැපී පෙනුන 70 දශකයේ ජර්මනියේ චාන්ස්ලර් වී සිටි Willy Brandt උතුර හා දකුණ අතර අනිවාර්යෙන්ම සංවාදයක් ගොඩනැංවිය යුතු බව අවධාරණය කළා. එම සංකල්පය තුළ මානුෂික බවක්ද ගැබ් වී තිබුණත් ඇමරිකාව සහ බටහිර යුරෝපීය රටවල් පන්ති අරගලයට සාප කළත් අදටත් පන්ති අරගලයට පොහොර දමමින් සිටිනවා. ශ්‍රමයට ‘මාක්ස්වාදී පොහොර’වලට වඩා ‘ධනේෂ්වර කළමනාකරණය’ ආකර්ෂණය වුණා නොව බලහත්කාරයෙන් ආකර්ෂණය කරනු ලැබූ බව එක් අතකින් සත්‍යයක්.
ඒ සත්‍යයෙන් වැඩි වශයෙන් ප්‍රයෝජනය ගත්තේ ශ්‍රමිකයා නොව ප්‍රාග්ධනයට හිමිකම කියන ධනපතියාම බව අපට අවිවාදයෙන් පිළිගන්නට සිදුවෙනවා.