නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය

Last Updated on 4 months by admin

කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා වයසේ සිට බොහෝ දෙනා සිතන්නේ කෙසේ හෝ රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් ලබාගැනීමටයි. එහි යට සැඟව ඇති අරමුණ වන්නේ, වැඩි කරදරයක් නැතිව නිදහසේ ‘රාජකාරි’ ටික කර අවසානයේ විශ‍්‍රාම වැටුපක් ලබමින් විවේකීව කාලය ගත කිරීමයි.

2019 අයවැය වාර්තාවට අනුව රජයේ පුනරාවර්තන වියදමෙන් 22%ක් හෙවත් රුපියල් බිලියන 542ක් රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමට වෙන් කර ඇත.

වැටුප්වලට අමතරව රාජ්‍ය සේවකයින්ට ලැබෙන වරප‍්‍රසාද බොහෝය. අඩු පොලියට ලැබෙන බැංකු ණය සරල උදාහරණයකි. නමුත් රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමබව පිළිබඳව බොහෝ ගැටලූ තිබේ. පමා වී වැඩට ගොස්, කයිවාරු සාද සාමීචි ආදියට සැලකිය යුතු කාලයක් වැය කර, අලස ලෙස වැඩ කර, වේලාවට කලින් ගෙදර යෑම පිළිබඳ ‘කීර්තියක්’ පොදුවේ රාජ්‍ය සේවකයන් හිමි කරගෙන තිබේ. පැය 8 අලස සුවයෙන් සිට ප‍්‍රමාද වන වැඩ කිරීමට අතිකාල සේවයේ යෙදීම තවත් ප‍්‍රසිද්ධ කාරණයකි. හිතාමතාම සේවාවන් පමාකර අතිකාල සේවා යෙදෙන තැනට කටයුතු කිරීම පිළිබඳ ඇතැම් ආයතන කුප‍්‍රකටය. තවත් දොපර්තමේන්තුවල වැටුප් පත‍්‍රය සාදනු ලබන්නේ අදාළ සේවකයා විසින්මය.

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට හිමිකම් කියන්නේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇත්තවුන්ය. ඒ රටේ සමස්ථ ජනගහනයෙන් අතළොස්සකි. නමුත් දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කර නුදුසුස්සන් මේ තනතුරුවලට පත්වීම සුලබ සිද්ධියකි. මේ නිසා සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ගණනාවක දැඩි සේවක අතිරික්තයක් පවතී. ලංගම, දුම්රිය, ටෙලිකොම්, වරාය ආදිය ඒ අතින් ඉදිරියෙන්ම සිටී.

අකාර්යක්ෂම බව, අඩු කාලයක් සේවය වෙනුවෙන් ගත කිරීම, කාර්යාලයේ ඇති පරිගණක, දුරකතන, කඩදාසි හා වෙනත් පොදු දේපළ අවභාවිතය රාජ්‍ය සේවයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

එම නිසා රාජ්‍ය සේවයේ සිටින සැලකිය යුතු පිරිසක් රටට, ජනතාවට බරකි. ඔවුන්ට ලැබෙන වැටුප්, බැංකු ණය සහන, වෙනත් වරප‍්‍රසාද සියල්ල ගෙවනු ලබන්නේ, රජය විසින් ණයට ගනු ලබන මුදල්වලින් බව බොහෝ දෙනෙකුට නිකමට වත් සිහිපත් නොවන බවට සැක නැත. රටේ ණය බරට තමන්ද හවුල් බව මේ අපරාධයට සම්බන්ධ පිරිස් දැන්වත් අවංකව කල්පනා කළ යුතුව තිබේ.

රට ගොඩගන්නට නම් පාර්ලිමේන්තුවේ සිටින හොරුන් පැන්නිය යුතු බව කියන බොහෝ දෙනාට තමන්ද අර පිරිස මෙන්ම මහජන දේපළ හොරාකන පිරිසක් බව නොතේරේ. නැතිනම් තම වරද වසා ගන්නට අනෙකාට ඇඟිල්ල දිගු කරයි.

මේ අකාර්යක්ෂම දූෂිත සේවා සැපයුම හා ඔරොත්තු නොදෙන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය දිගටම පවත්වාගෙන යෑමෙන් රට තවතවත් අගාධය දෙසට තල්ලූ වන බව පැහැදිලිය. එසේම මෙය සමාජයේ නිකමුන් බෝවීමටද පසුබිම සපයයි. නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් මේ ගැන කතාකරන බවක්, මේ ක‍්‍රමය වෙනස් කරන්නට පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත. වංචා දූෂණ ගැන තොරතෝංචියක් නැතිව දෙසන ජාජබ ද නිහ`ඩය. ඊට හේතුවක් තිබේ. මේ පිළිබඳ කට අරිනවාට බොහෝ රාජ්‍ය සංස්ථා මණ්ඩල සේවකයින් කැමති නැත. පත් වන හැම ආණ්ඩුවම කරන්නේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධක අල්ලස් දී චන්දය ලබාගැනීමයි. ජාජබ මේ ගැන කතා නොකරන්නේද චන්ද මුට්ටිය බිඳෙන නිසා බවට සැක නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link