පංති සටන වෙනස් වෙයි

Last Updated on 5 months by admin

Protest in New York. March for women’s liberation 1971 United States, Photo12

පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති වීමට රුසියානු විප්ලවය ප‍්‍රධාන හේතුවකි. විප්ලවයෙන් පසු රුසියාවේ කාන්තාව පුරුෂයන් හා සමාන වී ඇතැයි බටහිර කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට රුසියාවේ කොමියුනිස්ට් ප‍්‍රචාරක වැඩපිළිවෙළට හැකි විය. එමනිසා බටහිර කතුන්ටත් පුරුෂයන් හා සමාන වීමේ වුවමනාව ඇති විය. ලොව කාන්තා ‘ලිබරේෂන්’ සංවිධාන ඇති වන්නේ මින් පසුවයි. කාන්තා ලිබරේෂන් පෝස්ටර් ආදියේ කුරුස සංකේත භාවිත කිරීම අහම්බයක් නොවේ. ආසියාවේ බොහෝ තැන්වල මෙවැනි සංවිධාන එංගලන්තයේ සිට පැමිණි ආචාර්යවරියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඇරඹේ. ආචාර්ය කුමාරි ජයවර්ධන ලංකාවේ වැඩපිළිවෙළේ මුල්කාලීන නායිකාව වූවාය.

වර්තමානයේ සිදු වන්නේ ඊට වෙනස් දෙයකි. බටහිරුන්ගේ ඇඟිලි ගැසීම් නිසා යටත් විජිත පාලනයෙන් උරුමය වල්වැදුන ලංකාව වැනි රටවල ආණ්ඩු සහ දේශපාලන පක්ෂ මහජනයාට තුච්ඡ වී ගොසිනි. මෙය දන්නා බටහිරුන් කරන්නේ කාන්තාවන් අතට පාලන බලය ලබාදිය යුතු යයි මතවාදයක් පැතිරවීමයි.

පසුගිය කාලයේ බටහිරට පක්ෂ ලංකාවේ දේශපාලනඥයින්ගෙන්, ‘පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතන නියෝජනයට පුරුෂයන් හා සමාන ස්ත‍්‍රීන් සංඛ්‍යාවකට අවස්ථාව හිමි විය යුතු බවට නීති සම්පාදනය කළ යුතුය යැ’යි යෝජනාවක් ඉදිරිපත් විය.

‘මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව කාන්තාවන්ගෙන් පුරවන බව’ ජවිපෙ විජිත හේරත් කියයි.

‘කාන්තාවන් එක මිටට’ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළකි. ඊට ඇතැම් මාධ්‍යවලින් ඉහළ ප‍්‍රචාරයක් ලැබේ. එහි නායිකාව වශයෙන් කැපී පෙනෙන ආචාර්ය හරිනි අමරසූරිය, ඉංග‍්‍රීසි පන්නයට හැදුන, බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි.

බි‍්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ රැුකියාව කරන මහාචාර්ය නිටාෂා කවුල්, ඉන්දියාවේ ඉපිද, බි‍්‍රතාන්‍යයේ පුරවැසිකම ලබා, බි‍්‍රතාන්‍යයේ ජීවත් වන කාන්තාවකි. ඉන්දියාව ලෝකයේ විශාලතම ප‍්‍රජාත්නත‍්‍රවාදී රට යැයි එහි නායකයින් ප‍්‍රකාශ කරද්දී, නිටාෂාගේ මතය වූයේ ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නොවන බවයි. නිටාෂා කවුල්ගේ හැසිරීම ඉන්දියාවේ බුද්ධි අංශවලට වැටහුණි. නිටාෂාටත් බුද්ධි අංශ ගැන දැනුම තිබුණි. ඇය, නවදිල්ලියට යන ගමන, කර්ණාටක ප‍්‍රාන්තයේ බැංගලාරු ගුවන් තොටුපොළ ඔස්සේ යොදාගැනීමට කටයුතු කළාය.

ගුවන් තොටුපොළේ ආරක්ෂ නිලධරයෝ වහා ඈ අත්අඩංගුවට ගත්හ. පැය 24 ක රැඳවුම් පරීක්ෂණයකින් පසු, ඇය ආපසු හරවා එංගලන්තයට පිටත් කර යවනු ලැබුවාය. නිටාෂා, බටහිරුන්ට අවශ්‍ය පරිදි ඉන්දියාවේ ස්වෛරීභාවයට විරුද්ධ කටයුතු කරන්නියක යැයි බොහෝ ඉන්දියානුවෝ සිතති.

ඉන්දියාව හා සසඳන කල, ලංකාවේ ලොකුම අවාසනාව දේශපේ‍්‍රමී නායකයින්ගේ අඩුවයි. ඊට මහජනතාව වගකිව යුත්තේ, රැලේ යාමේ සිරිතක් ඔවුන’තර පවතින බැවිණි. ඉතින් දේශපාලනඥයින් කුමට බිය විය යුතුද?

හරින් ප‍්‍රනාන්දු ඉන්දියාවට ගොස්, ඉන්දියානුවන් ඉදිරියේ, ‘ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැ’යි කීවේය. මේ ලංකාවේ ස්වෛරීභාවයට විරුද්ධව කළ ප‍්‍රකාශයකි. ඒ වරදක් සේ දැකීමේ හැකියාව නැති මැති ඇමතිවරු ලංකාවේ සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link