Last Updated on 12 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Photo credit: ‘කකියන ලේ’ මුහුණුපොත් පිටුව
යේසුස් වහන්සේට එරෙහි නඩුව අසන මොහොතේ විනිශ්චයකරු වශයෙන් කටයුතු කළේ රෝම ආණ්ඩුකාර පිලාත්.
එතුමාට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කර තිබුණා යේසුස් වහන්සේ වැනි උදාර මිනිසෙක්ව මරණයෙන් ගලවා ගන්න.
නමුත් ඒ වන විටත් දූෂිත පූජකයින් මහජනයා ලෙසින් නඩු ශාලාවට කැඳවා තිබුණේ, යේසුස් වහන්සේගේ හතුරන්ව. ඔවුන් රෝම පාලකයන්ගේ ගැත්තන්.
පිලාත් විනිශ්චයකරුවා නඩු අසා පිරිසිදු වතුරෙන් අත සෝදාගත්තේ මෙම පාප කර්මයට තවදුරටත් තමන් අත ගසන්නට අකමැති බව පෙන්වීමටයි.
දරුණු අපරාධකාරයකු වූ බරබ්බස්ගේ නඩුව ද ඒ මොහොතේ අසමින් තිබුණා. ඇණ ගැසිය යුත්තේ යේසු තුමන්ද නැතිනම් බරබ්බස් ද කියා පිලාත් විනිශ්චකරුවා නඩුශාලාවේ සිටි මිනිසුන්ගෙන් ඇසූවිට (පූජකයින් කල්තියාම සූදානම් කරගෙන සිටි අන්දමට) මිනිසුන් කෑ ගසා ඉල්ලා සිටියේ යේසුතුමන්ව ඇණ ගසා මරා දමන ලෙසයි.
පූජකයින් රෝම පාලකයන්ටත් වඩා දූෂිත බවක් ඉන් පැහැදිලි වුණා.
එදා කල්වාරියේ කඳු මුදුනේ ඇණ ගැහුවේ යේසුස් වහන්සේට නොව සත්‍යයටයි.
යේසුස් වහන්සේ කුරුසය මත මිය නොගියා සේම, එතුමා පැවසූ සත්‍යයද මිය ගියේ නැත.
හිරු ඉදිරියේ අඳුර පලා යන්නා සේම රැවටීමේ න්‍යායපත්‍රයද පූජකයන් අතින් ගිලිහී යනු ඇත.