බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ

Last Updated on 4 months by admin

බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන ප්‍රකාශයම හාස්‍ය ජනක වන්නේ, උපදින අවස්ථාවේ කිසිම කෙනෙක් බුදුවරයෙක් නොවන නිසයි.

තර්ක කළ යුතුව තිබුණේ සිද්ධාර්ථ ඉපදුනේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියායි.

මේ විවාදයට සම්බන්ධ වී ඇති පණ්ඩිත, අති පණ්ඩිත, ආචාර්ය මහාචාර්යවරුන් වගේම ‘රහතන් වහන්සේලා’ටත් කල්පනාවට ආවේ නෑ “සිද්ධාර්ථ” ඉපදුනේ කොහෙද කියලා අහන්න.

“බුදුහාමුදුරුවෝ” කියන වචනය සිංහල. සිරිසේනලා ඉන්දියාවේ හෝ ආර්ටික් ධ්‍රැවයේ උපදින්නේ නෑ.

කාර්ල් මාක්ස් යුදෙව් සම්භවයක් ඇති 100%ක් ජර්මන් පුද්ගලයෙක්. ඔහුට ඒ නම ලැබෙන්නේ ඔහු ජර්මනියේ ඉපදුනු ජර්මන් ජාතිකයෙක් වන නිසයි.

ක්‍රිස්තු පූර්ව 6 සියවසේ “සිදුහත්” නමින් පුද්ගලයෙක් ඉන්දියාවේ ලුම්බිණි සල් වනයේ උපදින්නේ නැත. මන්ද එහි භාෂාව මාගධී වන නිසා.

ඔය කියන කාල පරිච්ඡේදී ඉන්දියාවේ සිදුහත්ලා උපදින්නේ නැතුවා සේම ලංකාවේ සිද්ධාර්ථලාත් ඉපදුනේ නැත්තේ, ඒ නම ඇති කිසිම පුද්ගලයෙක් ඉන්දියාවේ හැරුණු කොට ආසියාවේ කිසිම රටක ඉපදුණු බවක් ලිඛිතව තබා මුඛප්‍රවාදයේ වත් සඳහන් නොවන නිසයි.

ලංකාවේ අතීතයේ විසූ රජවරුන් ගණනාවකට “තිස්ස” කියන නම ලැබුණේ ලංකා ඉතිහාසයේ මුල් කාලයේ සිටම ඒ නම ජනප්‍රිය නාමයක් බවට පත්වී තිබුණු නිසයි.

සිද්ධාර්ථ කියන නම වඩාත් බර වන්නේ සංස්කෘත භාෂාවටයි. සමහර විට මගධ භාෂාවේ උන්නතියට සංස්කෘත භාෂාවේ ආභාෂය ඉවහල් වුණා විය හැකියි.

බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ඉපදුනේ කොහේද යන්න “නොවැදගත් ප්‍රශ්නයක්” ලෙස හුවා දක්වන්න ඇතැමුන් උත්සාහ කළත්, බුදු වෙන පුද්ගලයා කාලය හා දේශය ගැන පෙර භවයන්හිදී තීරණය කරන බව බුදුදහමේ ඉගැන්වෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වැනි අතිශයින්ම දුර්ලභ ගණයේ බුද්ධිමතෙක් මේ මහ පොළොවේ පහළ විය හැක්කේ ඔය කියන කාලය හා දේශය හා සම්බන්ධ විශ්ව සාධකයක් මත බව විශ්ව ශක්තිය මත පදනම් වූ දැනුම උපයෝගී කරගනිමින් තහවුරු කළ හැකියි.

ඇඩොල්ෆ් හිට්ලර් නමින් තවත් කෙනෙක් ලෝකයේ පහළ නොවුනත් ඒ මානසික තත්ත්වය ඇති පුද්ගලයින් ලංකාවේත් නොසිටියා කියා කාටවත් කිව නොහැකියි.

ලුම්බිණියේ උපන් සිද්ධාර්ථ අකුරු කළේ මාගධී භාෂාවෙන්. බුදු දහමයි මාගධී භාෂාවයි වෙන් කළ නොහැකි ආශ්චර්යමත් සංකලනයක්. බුද්ධත්වයට පත් සිද්ධාර්ථ, ගෞතම නමින් ශ්‍රාවකයින්ට බණ දේශනා කළේ මගධ භාෂාවෙන්.

ගෞතම බුදුන් බණ දේශනා කළේ සිංහල භාෂාවෙන් පමණක් යැයි කියා යමෙක් ඔප්පු කළහොත්, සිද්ධාර්ථ ඉපදුනේ ලංකාවේ කියන තර්කයට විශාල පිටුබලයක් ලැබෙනවා. නමුත් එය එසේ නොවූයේ “විශ්ව ශක්ති න්‍යාය පත්‍රයේ” එවැන්නක් අඩංගු නොවී තිබුණු නිසයි.

බුදු දහමේ ඇති සංකීර්ණ බවත්, ගැඹුරු බවත්, මාගධී හැරුණු කොට වෙනත් භාෂාවකින් පැහැදිලි කර ගැනීමත් අවබෝධ කරගැනීමත්, ප්‍රචාරය කිරීමත් දුෂ්කර බව ප්‍රායෝගික සත්‍යයක්.

බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙන ලද වේද, සංස්කෘත බසින් ලියැවුණේ ඒවා කාව්‍ය ලෙසින් ගායනා කරන්නට හැකියාව තිබීමත්, ඒවා ශ්ලෝක ලෙසින් උස් හඩින් ගායනා කිරීම නිසා අන්තර්ගතය මොළයෙහි රඳවා තබා ගැනීම පහසුවීමත් නිසයි. එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස වර්තමාන විද්‍යාඥයන් පවා පිළිගෙන තිබෙනවා.

මගධ භාෂාවෙන් නිෂ්පණ්න වූ පාලි භාෂාවට, මගධ භාෂාවටත් වඩා හොඳින් බුදු දහම භික්ෂු සමාජය වෙත පවරා දෙන්න හැකි වුණා. වාග් විද්‍යාව පිළිබඳ ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙක් “Super Learning” කියා ක්‍රමවේදයක් ලොවට හඳුන්වා දීමේ ගෞරවය තමන් වෙත තබාගන්න කපටි උත්සාහයක් දැරුවත්, එය ඇත්තෙන්ම ප්‍රථම වරට ලොවට කියා දුන්නේ බුදුන් වහන්සේයි.

මාගධී හෝ පාලි භාෂාවෙන් සූත්‍ර, එසේත් නැත්නම් ගාථා පාඨ උස් හඬින් ගායනා කිරීම නිසා, ඒවා තමන්ගේම කනට ශ්‍රවණය විම තුළින්, මොළයේ ඇති මතකයට සම්බන්ධ කලාපවල ඉක්මනින්ම තැන්පත් වනවා.

කිසිම පොතක්, කිසිම මනුෂ්‍යයෙකුට කටපාඩමින් කීමේ හැකියාවක් නෑ. එහෙත් ගුත්තිලය හෝ සුභාෂිතය වැනි කවි පොත්, වනපොත් කර සියලුම කවි කටපාඩමින් කියන්නට හැකි පුද්ගලයින් ඕනෑ තරම් අතීත ලංකාවේ සිටියා.

සිංහල සින්දු පමණක් නොවෙයි හින්දි ගීතද කටපාඩමෙන් ගායනා කිරීමට සමහර සිංහලයින්ට හැකියාව ලැබුණේ එම ගීත නිතර ගායනා කරන නිසයි.

“පූජේමි බුද්ධං කුසුමේන නේන……..පුප්පම් මිළායාථි යථායිධම්මේ කායො තථායාථි විනාශ භාවං” කියන ගාථාව කටපාඩමින් ගායනා කරන කුඩා දරුවන් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාවේ සිටිනවා.

එය ඇමෙරිකානු මහාචාර්යවරුන් කියාදෙන්නට කලින් කිසිදාක පාසැල් නොගිය අපේ ගැමියන් පවා දැන සිටියා. බුදු දහමට පින් සිදුවන්න ඒ හැකියාව මුළු ආසියාවටම ලැබුණා.

ලංකාවේ බුදුදහම විනාශ කිරීමට තැත් කරන දෙස් විදෙස් හැමදෙනාම නුරුසන්නේ බුදු දහම නොව බුදු දහම විසින් කියා දෙන අධ්‍යාපනයේදී වැදගත්ම සාධකය සනිටුහන් කරන ක්‍රමවේදයයි.

දිනක මුළු ලොවම ලෝකායත දහම ලෙස බුදු දහම වැළඳ ගතහොත්, ලෝකය විනාශ මුඛය දක්වා ඇදගෙන යන ද්‍රව්‍යවාදී සමාජයේ පැවැත්ම එතනින්ම අවසන් වන බවත් එය පරමාණු බෝම්බ සියයකටත් වඩා බලවත් බවත් බුදු දහමේ හතුරන් මනාව අවබෝධ කරගෙන සිටිනවා.

නැවත වතාවක් අප මතක් කර දෙන්නේ “එහිපස්සිකො” (එව බළව) කියන බුදු වදනයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link