මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි

Last Updated on 2 months by admin

‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි, ඔවුන්ගේ මාක්ස් ලෙනින්වාදී ස්ථාවරය කිසිසේත්ම වෙනස් වී නැත. තම කණ්ඩායම මාක්ස්වාදීන් නොවන බව, හරිනි අමරසූරිය කියන්නීය. විජේවීර, මෙවැනි මතවාදයන් මාක්ස්වාදයේ විකෘති නොහොත් සංශෝධනවාදී අදහස් බව පැහැදිලි කළේය.

1971 අපේ‍්‍රල් කැරැල්ල සිදුවන තෙක්ම ජවිපෙ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයකි. එහි නායකයින් සියල්ලම පාහේ නිර්ව්‍යාජ මාක්ස්වාදීන් වූහ. කැරැල්ලෙන් පසු විජේවීරගේ ඒ සගයන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව නැගී සිටියහ. සමහරු මහනඩුවට ඉදිරිපත් වූයේ ආණ්ඩුවේ සාක්කිකාරයින් වශයෙනි. වික්ටර් අයිවන්, ඒ. ටී. ආරියරත්නගේ මුදල් ළඟ නැවතුණි. යළි උපන් ජවි පෙරමුණේ ‘ගෝනි බිල්ලෝ’ පවා සිටිති. ඔවුන්ගේ තරම තේරුම් ගන්නට ඔවුන්ට බලය දිය යුතු නැත.

මාක්ස්ගේ දාර්ශනික චින්තනය බිහිවන්නේ ජර්මනියේ විසූ සුප‍්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල්ගේ දර්ශනය පාදක කරගෙනයි. හේගල්ගේ අපෝහක විඤ්ඤාණවාදය රුසියාවේ බිහි වූ මාක්ස්වාදීන්ට වැටහී නැත. ඔවුන්, ‘මාක්ස්, ඔළුවෙන් හිටගෙන සිටි හේගල්ව දෙපයින් හිටෙව්වේ යැ’යි ප‍්‍රලාපයක් දොඩවා ඇත්තේ එබැවිනි. ‘ඔළුවෙන් හිටගෙන සිටි මාක්ස්වාදීන්, දෙපයින් සිටි හේගල් ඔළුවෙන් හිටගෙන සිටියේ යැ’යි පැවසූ බව මහාචාර්ය එඞ්වඞ් පෙරේරා සඳහන් කරයි. මාක්ස්වාදී ප`ඩිවරයෙකු වශයෙන් ප‍්‍රකටව සිටි මහාචාර්ය සුචරිත ගම්ලත්, ‘මාක්ස් හේගල්ගේ දර්ශනය සමතික‍්‍රමණය කළ බව’ කියමින් වැරැුද්ද වැසීමට වෙහෙසුණි. සමතික‍්‍රමණය යනු වැරදි කොටස් හලා නිවැරදි කොටස්වලට අභිනව අංග ඇතුළු කර ඉදිරිපත් කිරීමයි.

හේගල් වනාහි ජර්මනියේ බිහි වු විශිෂ්්ඨම දාර්ශනිකයෙකි. ටියුබින්ගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුව සිටියදී ඔහුගේ දාර්ශනික ජීවිතය ඇරඹුණි. ක‍්‍රිස්තියානි පූජකයෙකු වීමේ පරමාර්ථයෙන් ඊට ඇතුළු වී ‘මැවුම්වාදය’ (Theology) හැදෑරූ හේගල්, ග‍්‍රීක දර්ශනය පිළිබඳව උනන්දු වූයේය. එසේම ඔහු, සිය සගයා වූ ෂෙලින්ග්ගේ පියාගේ මගපෙන්වීම මත, චාර්වකවාදය හදාරා ඇත. (බලන්න යේසුස් නම් බුද්ධශ‍්‍රාවකයාණෝ) පැරණි ග‍්‍රීක දර්ශනයට පදනම සැපයූයේ බුදුදහමයි. ඒ බව ප‍්‍රකාශ නොකිරීම බටහිර උගතුන්ගේ ලක්ෂණයකි. ඊට එක් හේතුවක් වන්නේ, බටහිර දර්ශනය පෙරදිගට ණය බව පිළිගැනීමට ඔවුන් දක්වන අකැමැත්තයි.

ඉන්දු නිම්නයට මැසිඩෝනියානු ග‍්‍රීක සේනා මෙහෙයවූ ඇලෙක්සැන්දර් සෙනවියා මියගිය පසු, ග‍්‍රීක සෙනවියන් කිහිප දෙනෙක් ඇලෙක්සැන්දර් යටත් කළ ප‍්‍රදේශයේ ග‍්‍රීක රාජධානි බිහි කළහ. මිලින්ද ප‍්‍රශ්නය නමැති පාලි පොතේ සඳහන් වන නාගසේන හිමියන් සමග වාද කළ මිලින්ද (මිනැන්ඩර්) වර්තමාන පකිස්ථානයේ කන්දහාර්හි (ගාන්ධාරයේ) රාජධානියක් පිහිටුවාගෙන සිටි ග‍්‍රීක සෙනවියෙකි. ඔහු නිකුත් කළ බුදුරුව දැක්වෙන කාසි ගාන්ධාරයෙන් හමු වී ඇත.

ග‍්‍රීක දර්ශනයේ පියා වශයෙන් සැලකෙන පිතගුරුස් (පෛතගොරස්) ගාන්ධාර රාජධානියට අයත් තක්ෂිලා නමැති කීර්තිමත් බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දර්ශනය හැදෑරුවෙකි. ඔහු කලක් එහි ආචාර්ය ධුරයක් දැරූ බවටද සාක්ෂ්‍ය තිබේ. ආපසු ග‍්‍රීසියට ගිය පිතගුරුස් තක්ෂිලාවේ අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් දෙන විද්‍යා පීඨයක් ග‍්‍රීසියට අයත් දිවයිනක ආරම්භ කළේය. මේ විද්‍යාපීඨය ගිනිතබා විනාශ කළ බවට සාක්ෂි ඇත. (බලන්න – ඊසොප්: ක‍්‍රිස්තියානිකරණයට ලක් වූ බෝසතාණන් වහන්සේ සහ පිතගුරුස්: ග‍්‍රීක රෝම ආචාර්ය පරපුරේ සමාරම්භක බුද්ධ පුත‍්‍රයා) රෝම අධිරාජ්‍යය බලවත් වී ග‍්‍රීසිය අල්ලාගත් පසු, සියලූ ගී‍්‍රකයන්ට රෝමවරුන්ගේ යටත් වැසියන් වීමට සිදු විය. ග‍්‍රීක බුදුසසුන හා දර්ශනය රෝම ක‍්‍රිස්තියානි ආගමේ ගොදුරක් විය. ගාන්ධාරයේ සියලූ බෞද්ධයන් ඉස්ලාමිකයන් වූ ලෙසටම සියලූ ග‍්‍රීකයෝ ඔවුන්ගේ ආගමික උරුමය වනසා ක‍්‍රිස්තියානින් වූහ.

බොහෝ මාක්ස්වාදියෝ, සංසාරයක් නැතැයි සිතති. හේතුඵලවාදියෝ පින පව විද්‍යාත්මකව ඔප්පු කරන්නැයි කියති. ඔවුන්ගේ තර්ක ක‍්‍රමයට අනුව, මනස කල්පිතයකි. එහෙත් බටහිර වෛද්‍යවිද්‍යාව, මනෝ වෛද්‍යවරුන් බිහි කරයි. ධම්මපදය ඇරඹෙන්නේ මනස ගැන පැහැදිලි කෙරෙන යමක වර්ගයෙනි. පුද්ගලයෙකුගේ ඕනෑම සිතුවිල්ලක් මනසේ පහළ වන බව එයින් කියැවෙයි. මනස ඉන්ද්‍රියක් නොවේ. එහෙත් එවැනි දෙයක් නැතැයි කීමට බටහිර විද්‍යාවට නොපුළුවන. මනස විග‍්‍රහ කිරීම බෞද්ධ චින්තකයින්ගේ ප‍්‍රධාන කාර්යයක් වූයේය. එය අසීරු වූයේ, මනස අතිශයින් පුද්ගලික දෙයක් බැවිනි. හේගල්, පුද්ගල මනස දියුණු කර ගන්නා අදියර කිහිපයක් දුටුවේය. එහි උසස්ම අවස්ථාවේ මැවුම්කාරයාණන් වහන්සේ පරරෝපණය කරගැනීමක් සිදුවන්නේ යයි ඔහුට සිතුනි.

යුදෙව්වකු වූ මාක්ස්, ක‍්‍රිස්තියානි දර්ශනය හැදෑරූවෙකි. ඔහු ග‍්‍රීක දර්ශනය දැන සිටියේ නම්, ඒ, ක‍්‍රිස්තියානි ඉගැන්වීම්වලට හසු වී වෙනස් වූ දර්ශනයයි. මාක්ස් මනසක් ඇතැයි පිළිගත්තේය. එය ද්‍රව්‍යයන්ගේ ස්වයං චලනයේ ප‍්‍රතිඵලයක් යයි හෙතෙම කීවේය. තමා ජීවත් වූ සමාජය අධ්‍යයනය කළ මාක්ස්ට සාමූහික මනසක් ගොඩනැංවීමේ වටිනාකම පෙනුණි. රුසියානු විප්ලවයෙන් පසු කොමියුනිස්ට්වාදීන් ගොඩනැගූ සමූහ ගොවිපල, රජය ඉදිරිපත් වී සාමූහික මනසක් ගොඩනැංවූ අවස්ථාවකි.

සාමූහික ගොවිපලක් යනු ඒකාධිපති පාලනයක් පිහිටුවූ තැනකි. එවැනි තැනක වෙසෙන කිසිවෙකුට පුද්ගලිකත්වයක් නැත. පුරුෂයාට ස්ත‍්‍රිය පිළිබඳව ඇති අයිතිය නැති කිරීමට හෙවත් ස්ත‍්‍රිය ජනසතු කිරීමට රුසියාවේ ස්ටාලින්වාදීන්ට වුවමනා වූ බව රාජනීස් (ඕෂෝ) පැහැදිලි කරයි. මාක්ස්වාදීන්ට බුදුවරයෙකු විශ්වාස කිරීමට නොහැකි වන්නේ, ඔවුන් යුදෙව් ක‍්‍රිස්තියානි චින්තනයේ සිරකරුවන් වී සිටින බැවිනි. ‘යසෝදරාවත‘ කාව්‍ය සංග‍්‍රහය ඇරඹෙන මේ කවිය ඔවුන් කෙසේ වටහා ගන්නද?

සාරාසංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා
සොළොසාසංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා
සුවිසිසංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා
මෝරා පුබුදු මල ලෙස බුදුවු ලොව් තුරා

බුදුවරයෙකුගේ මනස සකස් වන්නේ කල්ප ගණනක් මුළුල්ලේ පුරන පෙරුම් බලයෙනි. නාගසේන හිමියන් සමග ධර්ම සංවාදයක යෙදුන මිනැන්ඩර් රජතුමාට එය වටහා ගත්තේය. යුදෙව් ක‍්‍රිස්තියානි චින්තනයේ ගොදුරක් වීමට පෙර ග‍්‍රීක චින්තනයට සීමාවක් නොතිබුණි. ක‍්‍රිස්තියානි දේවගැතිවරයෙකු වීමට ගිය හේගල් සංසාරයක් ඇතැයි වටහා ගත්තේය. එනිසා ඔහු ක‍්‍රිස්තියානි ආගමින් ඈත් විය. මාක්ස්ට හේගල් දර්ශනය හරියට නොවැටුහුණි.

ආචාර්ය හරිනි අමරසූරිය, යසෝදරා දේවිය සම්බන්ධව ප‍්‍රළාප දොඩවන්නේ පින් පව් හා සංසාරය පිළිබඳ නොදැනුවත්කමිනි. යසෝදරාවත රචනා කළ කිවිඳියට – බෝපිටි රජ කුමරියට – ඒ දැනුම තිබුණි. (බලන්න – බෝපිටි රජ මෙහෙසි පබැඳු යසෝදරාවත ජනකවි සහ ජනශෘති)

මුව ජාතියේ වද පළමුව උපන්නේ
එම ජාතියේ සිට නෑරම මම එන්නේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link