රාම් මන්දිරයට පසු හනුමා පාළම?

Last Updated on 6 months by admin

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින බව සිතන උගතුන්ගේ අදහස්, ඉන්දියාවේ අසල්වැසි හැම රටකින්ම අසන්නට ලැබේ. ඉන්දියානු රජය, රට මෙන්ම අවට රටවල්ද පාලනය කරන හැටි ඔවුන්ගේ අවධානයට ලක් වේ. ඉන්දියාවෙන් ස්වාධීන වූ ‘කලිස්ථානයක්’ ගොඩනැංවීමට සිතන කලිස්ථාන ව්‍යාපාරයේ නායකයින්ට එල්ල වී ඇති ජීවිත තර්ජන, ඉන්දියාව තම රට පාලනය කරන අයුරු පෙන්වන නිදසුනකි. කැනඩාවේ විසූ ඒ ව්‍යාපාරයේ නායකයෙකුගේ මරණය, ඉන්දියාවේ චරපුරුෂ සේවය විසින් සිදු කරන ලද්දක් යැයි කැනඩා අගමැති ටෲඩෝ පැවසූයෙන්, ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික ආරාවුලක් පවා ඇති විය.

මාල දිවයිනේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වූ සංචාරක ව්‍යාපාරය දුර්වල කෙරෙන, ඉන්දියාවේ ‘ලක්ෂදීප’ ව්‍යාපෘතිය, ඉන්දියාව තම අසල්වැසි රටවල් පාලනය කරන ආකාරය පිළිබඳ නිදසුනකි. මාල දිවයින් ජනාධිපති චීන හිතවාදියෙකු වීම කෝන්තරයට හේතුවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ මරණය මෝදිගේ ආණ්ඩුව පිහිටුවීමට බොහෝ කලකට පෙර සිදු වූවකි. ඉන්දියාව ව්‍යාප්තවාදියෙකු සේ පිළිගත් ඔහුගේ මරණයේ වාසිය ඉන්දියාවට ලැබුණි. වර්තමාන ජවිපෙ නයකත්වය, ඉන්දියාව ව්‍යාප්තවාදියෙකු යයි නොකියයි. ඔවුන් කටයුතු කරන්නේ ඉන්දියාවේ පදයට නටන උතුරේ ද්‍රවිඩ සංවිධානයන්ගේ හිතවතෙකු වශයෙනි. ජාතික ව්‍යාපාරයන්ට එරෙහි වූ සිංහල බෞද්ධ විරෝධී හැසිරීමක් ජවිපෙ සාමාජිකත්වයෙන් ප‍්‍රකාශ වේ.
දින කිහිපයකට පෙර, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ නායක සනත් නිශාන්ත හදිසි මෝටර් රථ අනතුරකින් මිය යාමේ වාසිය ලැබෙන්නේත් ජනබලවේගය නමින් පෙනී සිටින ජවිපෙටයි. එම දිස්ත‍්‍රික්කයේ ඔවුන්ගේ බල වර්ධනයට හා ඉස්ලාම් බල ව්‍යාප්තියට තිබුණ ලොකුම බාධාව සනත් නිශාන්තය.

සවුදි අරාබිය සුන්නි ඉස්ලාම් ලෝකයේ ප‍්‍රධාන රට වූයේය. එහි විශේෂත්වය වූයේ දැඩි ඉස්ලාම් නීති හා විනය ක‍්‍රියාත්මක වීමයි. ඉන්දියාවේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිවරියක වන සුබින් අයිරානි ප‍්‍රමුඛ ¥ත කණ්ඩායමක් පසුගිය මාසයේ සවුදි අරාබියට ගියහ. මේ කණ්ඩායම සවුදි අරාබියේ ‘මදීනා’හි පිහිටි පැරණිම ඉස්ලාම් මස්ජිඩයට ද ගියහ. ඇමතිනිය හිස වැසෙන වේලයක් පැළැඳ නොසිටියාය. අඩ සියවසකට පසු සවුදියේ අගනුවර සුරාසැලක් විවෘත කිරීමට රාජ්‍ය අනුමැතිය ලැබී තිබේ.

පසුගිය මාසයේ ඉන්දියාවේ ¥ත කණ්ඩායමක් ඉරානයට ගියේය. පසුගිය සතියේ ඉරානය පකිස්ථානයට මිසයිල් ප‍්‍රහාරයක් එල්ල කළේය. පකිස්ථානයෙන් ඊට ප‍්‍රතිප‍්‍රහාර ලැබුණි.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, උතුරු ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය බලයට පත්ව සිටින උත්තර ප‍්‍රදේශයේ අයෝධ්‍යාහි ‘රාම් මන්දිරය’ විවෘත කරන්නේ මේ අතරයි. අම්බානි බඳු කෝටිපති හින්දු ව්‍යාපාරිකයින් ප‍්‍රධාන දේශපාලනඥයන්, නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ප‍්‍රසිද්ධ පුද්ගලයින් අති විශාල පිරිසක් ඊට සහභාගි වූහ.
හින්දු විශ්වාසය පරිදි අයෝධ්‍යා නුවර රාම කුමරු බිහි වූ ස්ථානයේ රාම කෝවිලක් තිබුණි. මෝගල් පාලන සමයේ ඒ කෝවිල බිඳ දැමූ ඉස්ලාමිකයෝ ඒ ස්ථානයේ ‘බබ්රි මස්ජිඩය’ ගොඩනැගූහ. භූමිය නැවත හින්¥න්ට හිමිකර ගැනීමේ අරමුණින් කටයුතු කළ පිරිස් ඉන්දියාව නිදහස ලැබූ කාලයේත් විසූහ. ‘රාස්ත‍්‍රීය ස්වයම්සේවක් සංඝ්’ සංවිධානයේ ප‍්‍රධාන අරමුණ වූයේ රාම් කෝවිල නැවත පිහිටුවීමයි. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, ඒ වැඩපිළවෙළ පිළිගත්තේය. අවසානයේ ඉන්දියාවේ හින්දු මුස්ලිම් කෝලහාලයක් හටලත් අතර හින්¥හු බබ්රි මසජිඩය කඩා දැමූහ. එහි රාම් කෝවිල ඉදිකිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය ලැබුණි.

රාමායනය හින්දු පුරාණෝක්තියකි. එය බෞද්ධ කතාවක් ඇසුරෙන් බමුණන් සකස් කර ගන්නා ලද්දකැයි බෞද්ධයෝ කියති. එහෙත් රාමායනයේ කතාන්දර, සත්‍ය කතා බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ලංකාවේ ක‍්‍රියාත්මක වේ. කන්ද උඩරට ස්ථාන ගණනාවක, කතාව සනාථ කිරීමට වුවමනා පරිදි හින්දු කෝවිල් ඉදිකර තිබේ. රාමායනයේ සඳහන් රාවණාගේ රට ලංකාව යයි රටට පිළිගැන්වීමට වෙහෙසෙන සිංහලයින් පිරිසක් සිටිති. ඒ අතරින් ඇතැමුන්ට ප‍්‍රචාරක කටයුතු උදෙසා යහමින් මුදල් ඇති බවක් පෙනේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link