වෙසක් කූඩුවටත් තොරණටත් කුරුස නැතිව බැරිද

Last Updated on 2 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

සමහරුන්ට අනුව මේ වෙසක් කූඩුවල නිල් පාටින් ඇති රූපය නැංගුරමක්. නමුත් සැබෑ නැංගුරමකට ඉතිහාසයේ කිසි දිනක කුරුසයේ හැඩයක් තිබුණේ නැහැ.

කුරුස නැංගුරම යථාර්ථයක් නොව ක්‍රිස්තියානි කල්පිතයක්.

අපි තවමත් යටත් විජිත සංස්කෘතියේ නටබුන් අතර ජීවත් වෙමින් බුදු දහම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා.

කතෝලික පෘතුගීසීන් හා ස්පාඤ්ඤවරුන් 16 වෙනි සියවසේ මුල් භාගයේදී මුහුදු තරණය කර යුරෝපයේ සිට දකුණු ඇමරිකාවට ගොස් එහි වරායවල්වල නවතා තැබූ නැව්වල නැංගුරම්වලවත් කුරුස හැඩයක් තිබුණේ නෑ.

ගාලු කොටුවේ ඇති පැරණි ඕලන්ද නැංගුරමක්

එදා පෘතුගීසින් සහ ස්පාඤ්ඤවරුන් ආගමික උන්මාදයෙන් මත්ව අහිංසක ස්වදේශිකයින් මිලියන ගණනින් මරා දැමුවා.

ඒ උන්මාදය අදටත් අපගේ බොදු උත්සවවල නැංගුරම් දා අපට දෙන පණිවිඩය කුමක්ද?

බෞද්ධයින් වූ අපි බුදුන් වහන්සේ ඉගැන්වූ අත්හැරීම සංකේතවත්ව සිහිපත් කරමින් සංසාර සාගරයේ තොටුපොළවල් සදාකාලික නැවතුම්පොළවල් සේ සළකා නැංගුරම් ලන්නේ නෑ.

අපි ළඟා වුනා සේම දිනක තොටුපොළද අතහැරිය යුතුයි.
නැංගුරම් හකුළා ගතයුතුයි.

ඉහත ඇත්තේ ලංකාදීප පුවත්පතේ පළ කර තිබුණ 2015 වසරේ කිරිබත්ගොඩ වෙසක් තොරණේ ඡායාරූපයක්. එහි මැද පෙනෙන කුරුස ලකුණ හිතාමතා සැලසුම් සහගතව ඇතුළු කළ එකක්දැයි දැන්වත් සොයාබැලීම සංවිධායකයින්ගේ වගකීමක්. එසේ පවසන්නේ මෙවැනි සිදුවීම් පිළිබඳ ජාත්‍යන්තර උදාහරණ ගැන අවබෝධයෙන් යුතුවයි.

මනඃකල්පිත කුරුස නැංගුරම් සේ බොදු ජන හදවත්වලට කිඳා බැස
සදාකාලිකව පැලපදියම් කරවන්න උත්සාහ කිරීම කොතරම් ශෝචනීයද?

2 thoughts on “වෙසක් කූඩුවටත් තොරණටත් කුරුස නැතිව බැරිද”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link